gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති


තංගල්ලතංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැති විත්තිකරු බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත වහාම ජාතික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (09 දා) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
විත්තිකාර සභාපතිවරයා විත්තිකූඩුවේ සිට කරනු ලැබූ දැනුම්දීමක්‌ අනුව සැලකිලිමත් වෙමින් විනිසුරුවරිය එසේ නියෝග කළාය.


විත්තිකරුට ඇති වී ඇති රෝගී තත්ත්වය පිළිබඳව ඔහුගේ නීතිඥවරුන් කළ දැනුම්දීමක්‌ අනුව විනිසුරුවරිය ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සිටියාය.
විනිසුරුවරිය(- තමුන්ට ඇති රෝගී තත්ත්වය මොකක්‌ද?
විත්තිකරු(- (ඉතා අපහසුවෙන් විත්තිකූඩුවේ සිට) බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ.
විනිසුරුවරිය(- බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා හැර වෙනත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර අවශ්‍යද?
විත්තිකරු(- ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා ස්‌වාමිනි,…
විත්තිකරු වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි සැලකිලිමත් වූ විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන් කැඳවමින් විත්තිකරු ඊයේ (09 දා) දිනම බන්ධනාගාර වෛද්‍යවරයා මගින් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කළාය.
gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’