gossiplankanews.com- ජාතිවාදයට නැඹුරු කරන්නේ පාලකයන් - ජවිපෙ

සිංහල ජාතිවාදය ගොඩනැගෙද්දී ඊට එරෙහිව තවත් ජාතිවාදයක් ගොඩ නැගීම වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
කොළඹ පැවති සමස්ත ලංකා මුස්ලිම් තරුණ පෙරමුණේ සමාරම්භක සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ අතීතයේ සිටම දේශපාලනඥයින් තම පැවැත්ම සඳහා ජාතිවාදය උපයෝගී කරගත් බවයි .

ජාතිවාදය


ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට හතළිස් දෙකක දෛනික ආදායම ඩොලර් දෙකකටත් අඩු බවත් ඔහු පැවසීය.ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවක් ජාතිවාදයට නැඹුරු කරන්නේ පාලකයන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පෙන්වා දෙන්නේ.

‘’එබැවින් පාලකයින් දන්නවා බුර බුරා නැගෙන අසහනයේ තරම,’’ ඔහු කියා සිටියේය.
1980 ජේ.ආර්.ජයවර්ධන පාලනය මුහුණ දුන් අර්බුදයට වඩා අර්බුදයකට වර්තමාන පාලකයින් මුහුණ දී ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ.
‘’සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ කවර හෝ ජාතිවාදයක් පෝෂණය කිරීමෙන් මේ රටට ඉදිරි අනාගතයක් නැහැ ‘’යනුවෙන්ද ඔහු කියා සිටියේය.
එබැවින් ජාතික සමගිය ශක්තිමත් කිරීමේ වගකීම ජනතාව සතුවන බව දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ජාතික සමගිය

උතුරේ මෙන්ම දකුණේ වර්ධනය වූ ජාතිවාදයට වන්දි ගෙවන්නට සිදුවුයේ පහල පංතියේ දරුවන් බව ප්‍රකාශ කරන ඔහු රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතිවාදය වර්ධනය වන බවට චෝදනා කළේය.

වසර තිහක යුද්ධයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවට විසි එක්වැනි සියවසේදී ජාතික සමගියට ඇති අභියෝග කවරේද යන්න සොයා බැලීමට සිදුවී ඇතැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia