gossiplankanews.com-අම්බලන්තොට පැනෝරා කප්පිත්තා මාට්ටු - වංචාව කෝටි 15යි
ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති ඔහු අද දින හමිබන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම සැකකරුට විරුද්ධව එම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ 226 දෙනෙකු අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
සැකකරු බාරයේ තිබූ ඉන්ටකූලර් වර්ගයේ ජීප් රථයක් හා ඩොල්ෆින් වෑන් රථයක් අත්අඩංගූවට ගත් අතර ඔහු අම්බලන්තොට ප‍්‍රදේශයෙන් පැනවිත් කොළඹට ආසන්න ප‍්‍රදේශයක සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
තවද පුද්ගලික මූල්‍ය ආයතන වල මුදල් තැන්පත් කර වංචා කරන්නන්ගේ ගොදුරු බවට පත් නොවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු.
ඡායා රූ - රාහුල් සමන්ත
Comments
Post a Comment