gossiplankanews.com- මුස්ලිම් කොංග්‍රසයේ 4ක් ආණ්ඩුවට පනින්න ඔන්න මෙන්න…

මුස්ලිම්අලුත්ගම හා බේරුවල සිදුවීම් මුල්කරගෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අතර බෙදීමක් ඇතිව තිබෙන බවත්, එම මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් නිසා තවදුරටත් මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවේ රැඳී සිටිය නොහැකි බවට මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් ඉදිරිපත් කර




ඇත. තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුව තුළ සිටිමින් ඒ සඳහා විසඳුම් ලබාගත යුතු බවය. මේ අතර, මෙම අර්බුදයට මැදිව සිටින මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකු සාකච්ඡා කරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. යම් විදිහකින් මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ. ඒ අනුව මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් හතරදෙනෙකු ආණ්ඩුවට එකතු වීමට රජයේ ප්‍රබලයෙකු සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’