gossiplankanews.com-රුපියල් කෝටි 68 කුඩු අයිතිකරු “සිද්දික්” බව හෙළිවේ

සිද්දික්‌පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් ඉකුත් 11 වැනිදා කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් හැට අටකෝටියක්‌ වටිනා හෙරොයින් තොගය ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන ‘සිද්දික්‌’ නමැත්තාට අයත් ඒවා බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
මේ වන විට සිද්දික්‌ නමැත්තා ඩුබායි හි සැඟවී සිටින අතර මොහු එහි සිට මෙම හෙරොයින් ජාවාරම මෙහෙය වන බවද අනාවරණය වී තිබේ.


විශේෂ කාර්ය බලකාය මගින් කැලණියේදී අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙයවා ඇත්තේද ඩුබායි සිට සිද්දික්‌ගේ කල්ලිය විසින් බව දැන් හෙළිවී ඇත.
කැලණියේ සිට මෙම හෙරොයින් තොගය හයිබී්‍රඩ් වර්ගයේ මෝටර් රථයෙන් කොළඹට රැගෙන යැමට අවශ්‍ය උපදෙස්‌ දුරකථන මාර්ගයෙන් සැකකරුවන්ට ලබාදී ඇත්තේ ඩුබායි හි සිට සිද්දික්‌ගේ ගෝලයන් විසින්ය.
සිද්දික්‌ නමැත්තා මහාපරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතවී සිටි අතර මොහු අත්අඩංගුවට ගැනීමට සොයද්දී මීට වසර කීපයකට පෙර ඩුබායි වෙත පලාගොස්‌ තිබිණි.
හේමන්ත රන්දුණු

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’