gossiplankanews.com- අල් ජසීරා මාධ්‍යවේදීන්ට වසර හතක සිර දඬුවම්

අල් ජසීරා මාධ්‍යවේදීන් තිදෙනාට වසර හතක සිර දඬුවම්
අසත්‍ය පුවත් වාර්තා කිරීම සහ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයට සහාය දීමේ චෝදනා මත වරදකරුවන් බව තීරණය කෙරුණු අල් ජසීරා මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් තිදෙනකුට ඊජිප්තු අධිකරණයක් විසින් වසර හතක සිර දඬුවම් නියම කර තිබේ.
හිටපු බීබීසී මාධ්‍යවේදියකු වන ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ග්රෙස්ට්, කැනේඩියානු සම්භවයක් සහිත ඊජිප්තු ජාතික මොහමඩ් ෆාමි සහ ඊජිප්තු ජාතික බහාර් මොහමඩ් යන මාධ්‍යවේදීන් තිදෙනාටයි වසර හතක සිර දඬුවම් නියම කර තිබෙන්නේ.

තමන්ට එරෙහි චෝදනා මාධ්‍යවේදීන් තිදෙනාම ප්‍රතික්ෂේප කර තිබෙන අතර තීන්දුව පිළිබඳ කම්පනයෙන් යුතුව ප්‍රතිචාරය පල කරන පීටර් ග්රෙස්ට් මාධ්‍යවේදියාගේ දෙමාපියන් පවසන්නේ එම තීන්දුව උමතු සහගත තීන්දුවක් බවයි.
මෙය ඉතා අසාධාරණ සහ කෝප සහගත තීන්දුවක් බව පවසමින් අල් ජසීරා ආයතනය එය හෙළා දැක තිබේ.

තීන්දුව සහ මාධ්‍යවේදීන්ට දුන් දඬුවම පිළිබඳ දැඩි අප්‍රසාදය පල කළ ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනී ජූලී බිෂොප්, මෙය ඊජිප්තුවේ භාෂණයේ නිදහසට වැට බැඳීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් දැයි අවධානය පල වී තිබෙන බව ද සඳහන් කළාය.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති