gossiplankanews.com- හර්තාල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ශරියා නීතිය නිසාද

(හර්තාල්)පසුගිය දිනවලලංකාව පුරා සිවිල් මුස්ලිම් ජනතාව පාරවල් අවහිර කරමින් පැවැත්වූ හර්තාල් ව්‍යාපාරවලට එරෙහිව මෙරට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රශ්න කර සිටී.
හර්තාල්එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ අස්සනින් මේ ලිපිය යවා තිබේ.
බෞද්ධ ජනතාවගේ සාමකාමී රැස්වීම් විරෝධතා තහනම් කරමින් උසාවි නියෝග නිකුත් කරන මෙරට නීතිය මුස්ලිම් විරෝධතාකරුවන්ට බල නොපවත්වන්නේ ඔවුන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන නිසා දැයි එම ලිපියෙන් උන්වහන්සේ විමසා සිටී.
අලුත්ගම සිදුවීමෙන් පසු බෞද්ධ ජනතාව හා බෞද්ධ සංවිධාන පැවැත්වීමට සූදානම් වූ මාවනැල්ල, රුවන්වැල්ල, බදුල්ල, මහියංගණ බෞද්ධ වැඩසටහන් තහනම් කර සිටියේ රට තුළ සාමය, ආගමික සහජීවනය, පවත්වා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් නොවේදැයි සෝභිත හිමියෝ එම ලිපියෙන් විමසති.
එම සාමකාමී තත්ත්වය පවත්වා ගැනීම සඳහා මුස්ලිම් ආගමික සංවිධානවලට අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට එරෙහිව එම නීතිය ක්‍රියාවට නොයෙදෙන්නේ මේ රට තුළ රටේ නීතියට ඉහළින් ෂරියා නීතිය ක්‍රියාත්මක වන නිසා දැයි උන්වහන්සේ විමසති.


බෞද්ධයන් බිය වද්දමින්, අකර්මණ්‍ය කරමින් මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවන්ට උඩගෙඩි දෙනුයේ කවරකු සතුටු කිරීමට දැයි විමසා සිටින උන්වහන්සේ පොලිසිය බලා සිටියදී හර්තාල් කරද්දී බෞද්ධයන් සොයා දඩයමේ යන පොලිසියක් රටට ලැබී ඇති බවද පවසති.
ලෝකය පුරා සිංහල බෞද්ධයන්ට හා භික්ෂුන්වහන්සේට එරෙහිව ජාත්‍යන්තර මාධ්‍යයන් උපයෝගි කරගනිමින් මුස්ලිම් දේශපාලන නායකයන් බොරු බේගල් පතුරවමින් තිබියදී සිංහල බෞද්ධයන්ගේ හඬ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය තුළ නිල හෝ නොනිල වාරණයකට ලක් කර තිබීම කනගාටුවට කරුණක් බවද උන්වහන්සේ පෙන්වා දී ඇත.
මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවට මෙවැනි ඛේදජනක තත්ත්වයට ජනාධිපතිවරයාගේ පාලනය යටතේ මුහුණ දෙන්න සිදුවීම බලවත් සිත් වේදනාවක් වන අතර මෙකී තත්ත්වය පිළිබඳ සිතා බලා සිංහල බෞද්ධයන් තුළ ඇතිව තිබෙන සිත් තැවුල සමනය කිරීමට කටයුතු කරන ලෙසත් ජාතිවාදයක්, ආගම්වාදයක් අවුළන්නට නොව රට තුළ සිදුවෙමින් තිබෙන සත්‍ය හා යථාර්ථය පෙන්වා දීමට මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමු කරන බවද උන්වහන්සේ දන්වා සිටිති.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia