gossiplankanews.com- කටකතා පැතිරෙන්නේ 'නිසි වාර්තාකරණයක් නැති නිසා'
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සියළුම මාධ්‍යයන් පාහේ පසුගිය පහළොස් වෙනිදා අලුත්ගම හා බේරුවල හට ගත් සිද්ධීන් කවර හෝ හේතුවක් යටතේ ස්වයං වාරණයකට ලක් කළ බවයි ඔහු පවසන්නේ.
එහෙත් එම ගැටුම් වාර්තා කළ ආකාරය 'පක්ෂග්‍රාහී' බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බීබීසී ඇතුළු අන්තර් ජාතික මාධ්‍යවලට ප්‍රබල විවේචන එල්ල වී තිබුණි.
ඇතැම්විට ගැටුම් සම්බන්ධයෙන් ස්වයං වාරණයක නිරත වීම ගැටුම් විසඳීමට උපකාරයක් විය හැකි නොවේද යන්න බීබීසී සංදේශය සමාජ මාධ්‍ය ජාල ප්‍රවීණයකු වන සංජන හත්තොටුවට යොමු කළ අවස්ථාවේයි, ඔහු ඒ බව කියා සිටියේ.
"ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම ගැටුම් වාර්තා කිරීම සිදු නොකළේ ස්වයං වාරණයක්ද එහෙම නැත්නම් ඉහළින් ලැබුණු නියෝගයක් නිසාදැයි හරියටම කීමට බැරි වුනත් එසේ වාර්තා නොකරණ පසුබිමක් තුල වැරදි අදහස්, කටකතා වැනි දේ සමාජ ගත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩියි," යනුවෙන් ඔහු කියා සිටියේය.
'වාර්තාකරුවන් බියෙන්'
"විශ්වසනීය වාර්තාකරණය ස්වයං වාරණයකට ලක් වූ විට ප්‍රවෘත්ති ග්‍රාහක ජනතාව අඩු විශ්වසනීයත්වයක් ඇති වාර්තාවන්ට යොමු වීම ස්වභාවිකයි. සමාජ මාධ්‍ය ජාල මගිනුත් මෙවැනි තහවුරු නොකළ පුවත් පැතිරෙන කොට සිද්ධ වන්නේ ප්‍රශ්නය වඩාත් බැරෑරුම් හා භයානක තත්වයකට පත් වීමයි," යනුවෙන් සංජන හත්තොටුව ඔහු සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසීය.
"වාර්තාකරුවන් ස්වයං වාරණයකට යොමු වන්නේ අද රට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන. මෙසේ වාර්තා කිරීම තුලින් ඔවුන්ට ක්ෂණිකව නොවුනත් දින ගණනකින්, සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් යම් තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි. අතීතයේ දී තිස්සනායගම්, රුකී ප්‍රනාන්දු වැනි අය අත් අඩංගුවට පත් වුනේ ජනතාව කුපිත කිරීමට කටයුතු කිරීමේ චෝදනාව මත. මෙවැනි තත්වයක් යටතේ වාර්තාකරුවන් තමන්ගේ වාර්තාවන් පිළිබඳව දෙවරක් සිතා බලනවා," යනුවෙන්ද සංජන හත්තොටුව තවදුරටත් පැවසීය.
පක්ෂග්‍රාහී වාර්තාකරණය පිළිබඳ තවදුරටත් කරුණු දැක්වූ ඔහු: "සමබර වාර්තාකරණයට ඉඩ ඇහැරුණු වටපිටාවක පක්ෂග්‍රාහී වාර්තාකරණයට දොස් පැවරිය නොහැකි බව" පවසයි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මුළුමනින්ම නිහඬ කර, ගවේෂණාත්මක වාර්තාකරණයට වැට බැඳී ඇති සමාජ වටපිටාවක අනිවාර්යයෙන්ම වැඩිපුර දකින්නට ලැබෙන්නේ 'පක්ෂග්‍රාහී වාර්තාකරණ' බව පවසන ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ කර්තෘවරයා, විශ්වසනීයත්වයකින් යුතු වූ සමබර වාර්තාකරණයට ඉඩ හසර ලබා දීම මෙයට විසඳුම බවද සඳහන් කළේය.
Comments
Post a Comment