gossiplankanews.com- ආරක්ෂක ලේකම් මුස්ලිම් සංවිධාන කැඳවයි
පසුගියදා මුස්ලිම් ජනතාව මුහුණ දුන් ප්‍රහාර දෙස අවධානය යොමු කෙරුණ එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට හෙළි නොකිරීමේ එකඟතාවයකින් එය අවසන් කෙරුණ බවයි ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ.
වසර දහසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සහ බෞද්ධ ප්‍රජාව අතර සුහද සම්බන්ධතාවයක් පැවතුන අතර එම සබඳතාවය ඉදිරියටත් සුරකින්නේ කෙසේද යන්න ගැන තම සංවිධාන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ බවයි මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.එම සාකච්ඡාවට සහභාගී වූ සංවිධානයක් වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ලේකම් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මුස්ලිම් සංවිධාන සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුව සුහද මුහුණුවරක් ගත් බවයි.
අනාගත සහජීවනය
“ප්‍රජා කණ්ඩායම් දෙක අතර එකමුතුභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි කාලයෙහි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල ගැන අපි අවධානය යොමු කළා. මෙය පෙරට යන ගමනක්. අනිකුත් සියලු ජාතීන් සමඟ ප්‍රශ්නයක් නොවන ආකාරයට මුස්ලිම් ප්‍රජාව සහයෝගයෙන් ජීවත් විය යුතු ආකාරය සහ පැවැත්ම ගැනයි අද සාකච්ඡා කෙරුණේ” මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් පවසයි.
ආරක්ෂක ලේකම්වරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවේදී අලුත්ගම සිදුවීම් ගැනත් අවධානය යොමු කෙරුනේදැයි සංදේශය විමසූ විට මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් කියාසිටියේ ඉහත සඳහන් කළ කරුණුවලට අතිරේකව වැඩිදුර යමක් කීමට තමාට නොහැකි බවයි.
“ඉදිරි කාලයෙහි එක රටක් හැටියට, ලාංකිකයන් හැටියට,අපි එකමුතුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැනයි අපි සාකච්ඡා කළේ” ඔහු යළිත් ප්‍රකාශ කළේ.
එසේම මුස්ලිම් ජනතාවට රැකවරණ සලසන බවට ආරක්ෂක ලේකම්වරයාගෙන් සහතිකයක් ලද බවත් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් පවසයි.
Comments
Post a Comment