gossiplankanews.com- නැව් එනවාට වඩා තියෙන්නේ උත්සව - කැබිනට්ටුවෙත් මල්ලව පොර සටන්!

නැව් එනවාට වඩා තියෙන්නේ උත්සව - කැබිනට්ටුවෙත් මල්ලව පොර සටන්!හම්බන්තොට වරායට නැව් එනවාට වඩා එහි ඇත්තේ උත්සව බවත් එම උත්සව ගැන රුපියල් කෝටි ගණනින් වියදම් කර ප්‍රචාර සිදුකරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. 

කොළඹදී අද (23) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි‍යේය. 

එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට වරායේ පතුළ බැලීමට මෙන්ම දියවර මුදහැරීමට ද උත්සව සංවිධානය කළ බවයි. 

මේ නිසා නැව් එනවාට වඩා ඇත්තේ රුපියල් කෝටි ගණන් වැය කර පවත්වන මාධ්‍ය සංදර්ශන හා උත්සව පමණක් යැයි මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය. 

ආණ්ඩුව දැන් යන ගමන සුබ නැති බවත් ආණ්ඩුවත් ගිළෙන ආකාරයක් දක්නට ඇති බවත් හෙතෙම කියා සිටියේය. 

මේ නිසා කියන්නට ඇත්තේ “ එව බලව ගිළෙන්න යනවා” යනුවෙන් බවද ඔහු පැවසීය. 

දැන් ආණ්ඩුවේ කැබිනට්ටුවේ පවා මල්ලව පොර සටන් යන බවත්, ආණ්ඩුවට කඩේ යන ඇමතිවරුන් පවා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවට කියා වැඩක් කර ගැනීම “ බල්ලා නාවන්න ගෙනයනවා” හා සමානව යනුවෙන් බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. 

ඌව පළාත් සභා මැතිවරණයට දින තීන්දු කළ පසු ශක්තිමත් කණ්ඩායමක් එජාපයෙන් ඉදිරිපත් කරන බවද ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති