gossiplankanews.com- අක්කාගෙන් පලිගන්න නංගිව දුෂණය කරලා
සැකකරු 31 හැවිරිදි වියේ පසුවන අයෙකි. අපහරණයට ලක්‌වූයේ ඉගිනියාගල දේවාලේගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියකි. සැකකරු මීට පෙර අතවරයට ලක්‌වූ දැරියගේ අක්‌කා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර පසුව ඇය වෙනත් තරුණයකු සමග හොර රහසේ පලාගොස් ඇත. ඊට පසු සැකකරු තම පෙම්වතියගේ නැගණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇති අතර ඇය රවටා ගෙනවිත් ඉකුත් 18 දින බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌කර ඇත.
දැරිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සැකකරු මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මොනරාගල සහකාර පොලිස් අධිකාරි අනුර පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත සියඹලාණ්‌ඩුව පොලිස් ස්‌ථානාධිපති පො.ප. කපිල ධර්මප්‍රිය සේනාධිපති ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (43617) පුෂ්පකුමාර, කා.පො.කො. (8186) නීතා, පො.අ.ස. (2875) පාලිත වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
Comments
Post a Comment