gossiplankanews.com- මැතිව්ස්ගේ නායකත්වය ජයග්‍රහණයට හේතුවය් - සංගක්කාර

ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ විශිෂ්ට නායකත්වය හා තුන් ඉරියව්වේන්ම ඔහු දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඉවහල්වූ ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර පවසනවා
"මැතිව්ස් පෙන්නුවා ඔහු විශිෂ්ට දක්ෂතා ඇති තරුණයෙක් කියලා" යනුවෙන් සංගක්කාර පැවසුවා

තරගයේ ස්වභාවය සම්පුර්නයෙන්ම වෙනස් කල මැතිව්ස්ගේ පළමු ඉනිමේ කඩුලු හතර සහ දෙවන ඉනිමේ ශතකය නිසා ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවුණා."අපට වාසි හා අවාසි අවස්ථාවලදී ඔහු මේ තරගාවලියේ අපව මෙහයවූ ආකාරයෙන්ම පේනවා ඔහුගේ තීක්ෂණ බුද්ධිය හා නායකත්වයේ ගති ලක්ෂණ"

මීට පෙර එංගලන්තයේ ක්‍රීඩා කළ කිසිම අවස්ථාවක ටෙස්ට් තරගමාලාවක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර මෙවර තරග දෙකකින් සමන්විත තරගමාලාව ජයග්‍රහණය කළේ දෙවැනි ටෙස්ට් ගැටුමේ ඊයේ අවසන් දිනයේ අවසාන පන්දුවාරයේදිය්.
" මෙය විශිෂ්ට ජයග්‍රහණයක් " මැතිව්ස් තරගාවලිය ජයග්‍රහණය කිරීම පිළිබදව අදහස් දක්වමින් පැවසුවා, "අපි උත්සහය අත්හැරියේ නැහැ, විශ්වාසය දිගටම තියාගත්තා, අපේ පන්දුයවන්නන්ට එතරම් අත්දැකීම් නැහැ නමුත් ඔවුන් හොද ස්ථානවලට පන්දු යැව්වා"
මෙම ජයග්‍රහණය ඉතා විශේෂ එකක් බව පැවසූ මහේල ජයවර්ධන මේය බොහෝදුරට ඔහුගේ අවසාන එංගලන්ත සංචාරය විය හැකි බවටද පිළිගත්තා.
" ස්ලිප්හි පන්දු රකිනකොට මම කුමාර්ට කිව්වා මේක අන්තිම පන්දුවාරය දක්වා යය් වගේ කියලා ඒක ඒවගේම වුනා" මහේල පැවසුවා.
එංගලන්තයේ මැය්-ජුනි මාසයේ පැවැත්වෙන තරගාවලියක් 2000 වසරේ සිට එංගලන්තය පරාජයවී නොමැති අතර එම කාලයේ ශිත කාලගුණය හා පන්දුව දැඩි ලෙස දෝලනය වීම ආසියානු රටවල කණ්ඩායම් මුහුණදෙන දැඩි අභියෝගයක්, එම අභියෝගයටද මුහුණ දෙමින් ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ඉතා විශිෂ්ට එකක් බවය් ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.

හෙට දිනයේ දිවය්නට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි දෙමස තුල ශ්‍රී ලංකාවේදී දකුණු අප්‍රිකාව හා පකිස්තානය සමග ටෙස්ට් හා එක්දින තරගාවලියකට මුහුණදීමට නියමිතය්.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia