gossiplankanews.com- මඩකලපුවේ සමුහ මිනීවල 'යලි ගොඩ දාන්න'

පරීක්ෂණ කොමිසමේ නියෝජිතයන් මිනීවල ඇතැයි පැවසෙන ස්ථාන නිරීක්ෂණය කල අයුරු
වසර විසි හතරකට පෙර මඩකලපුව කුරුක්කල්මඩම් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන, මුස්ලිම් ජාතිකයන්ට අයත් මිනීවලක් බවට හඳුනා ගෙන ඇති ස්ථානයක් යලි ගොඩ දැමීම සඳහා මීළඟ අඟහරුවාදාට කටයුතු යොදන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

එක්දහස් නවසීය අනූව වසරේ ජුනි මාසයේ මඩකලපුව කල්මුනේ මහා මාර්ගයේ රථවාහනවල ගමන් ගත්, කාත්තන්කුඩිය ඇතුළු අවට ප්‍රදේශවල පදිංචී මුස්ලිම් ජාතිකයන් එකසීය හැටපස් දෙනෙකු , කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර වෙරළ ප්‍රදේශයේ වල දමා ඇතැයි මුස්ලිම් ජාතිකයන් දිගින් දිගටම කළ චෝදනා අනුව මෙම පරීක්ෂණය ආරම්භ විය.

ඉල්ලීමක්


මුස්ලිම් ජාතිකයන් ඝාතනය කර වල දමා ඇති බවට සැක කෙරෙන වෙරළ ප්‍රදේශයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ සිරුරු කොටස් ගොඩ ගෙන ඉස්ලාම් ආගමට අනුව අවසන් කටයුතු කිරීමට උදව් කරන මේන් ඝාතනය කෙරුණු බව පැවසෙන මුස්ලිම් ජාතිකයන්ගේ ඥාතීන් කීහිප දෙනෙකු කලවන්චිකුඩි පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි පැවසෙන්නේ.
උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන් පිලිබඳ පරීක්ෂණ කොමිසම මඩකලපුව දිස්ත්‍රික්කයේ කරන ලද පරීක්ෂණ කටයුතුවලදී, ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ ඥාතීන් මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දී තිබේ.

එම මිනී වලවල් තුල ඇති ශරීර කොටස් ගොඩ ගෙන ඉස්ලාම් ආගමට අනුව අවසන් කටයුතු කිරීමට කොමිසම සහය දිය යුතු බවට ඝාතනය කළා යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ඥාතීන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක වූ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් එම ස්ථානයට ගොස් නිරීක්ෂණ කටයුතු කළ බවත් පැවසේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia