gossiplankanews.com- මාෆියා ඝාතනයක් පිළිබඳ අබිරහස 'හෙළිවේ'

ඝාතනය ගැන මාෆියා කල්ලි සාමාජිකයකු සිය මිතුරෙකුට පවසා තිබේ
අවුරුදු සියයක් පැරණි ඝාතනයක් පිලිබඳ අබිරහස හෙළි කර ගැනීමට සමත් වූයේ යයි විශ්වාස කරන බව ඉතාලියේ පොලිසිය ප්‍රකාශ කරයි.
තම සීයා කෙනෙකු විසින් නිව්යෝක් නුවර සිට පැමිණි පොලිස් නිලධාරියකු මරා දැමූ බව සිසිලියේ මාෆියා කල්ලි සාමාජිකයකු සිය මිතුරෙකුට පවසනු පොලිස් නිලධාරීන්ට අසන්නට ලැබී තිබේ.

නිව්යෝක් නුවර සිටින සිසිලි මාෆියා කල්ලි පිලිබඳ තොරතුරු සොයා බැලීම පිණිස ඇමරිකානු පොලිස් නිලධාරී ජෝ පෙට්‍රොසිනෝ 1909 දී සිසිලියේ සංචාරයක නිරත විය.
ඔහුගේ ඝාතනයෙන් නිවුයෝක් නගරය කැළඹුන අතර දහස් ගණන් ජනතාව ඔහුගේ අවමගුල් උත්සවයට එක්ව සිටියහ.

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහිව කටයුතු කළ වීරයකු ලෙසින් සැලකුණ ජෝ පෙට්‍රොසිනෝ ගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් දඬුවම් ලබා නැහැ.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති