gossiplankanews.com- හිතුවක්කාර මෝටර් රථ තරඟ වැරදියි - අනුනාහිමියෝ
එම විරෝධයට කන් නොදී සැණකෙළිය පැවැත්වීමට කටයුතු කිරීම "අත්තනෝමතික, වැරදි වැඩක්" බවයි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් බීබීසී සංදේශයට කියා සිටියේ.
ජනාධිපති පුතුන්ගේ කාල්ටන් ක්‍රීඩා සමාජය සැණකෙළියේ ප්‍රධාන සංවිධායකයෙක්
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන මහනුවර එවැනි සැණකෙළියක් පැවැත්වීමට විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් සඳුදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබුණි.
එය නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව මහානායක හිමිවරුන්ගේ ලිපියේ සඳහන්.
තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහනාහිමියන් විදේශගතව සිටින බැවින් මල්වතු පාර්ශවය වෙනුවෙන් එම ලිපියට අත්සන් තබා තිබුනේ නියංගොඩ විජිතසිරි නාහිමියන්ය.
ජනපති පුතුන්
ඉතා පටු ප්‍රදේශයක් වන මහනුවර මහජනතාවට එවැනි මෝටර් රථ තරඟ හිරිහැරයක් පමණක් නොව, එයට සහභාගි වන පුද්ගලයන් මත්පැන් පානය කිරීම ඇතුළු විවිධ දුරාචාර සහ "නොයෙකුත් වැරදි වැඩ" අන් අවස්ථාවලට වඩා වැඩි ප්‍රමාණයකින් සිදු වීම තමන් වහන්සේලාගේ මේ විරෝධයට හේතුව බවද එහිමියෝ පැවසූහ.
ජනාධිපතිවරයාගේ පුතුන්ගේ නායකත්වයෙන් යුතු කාල්ටන් ක්‍රීඩා සමාජය මෙම මෝටර් රථ ධාවන තරඟවල ප්‍රධාන සංවිධායකයෙක්.
"ජනාධිපතිතුමා සම්බන්ධද කියල නම් මම දන්නේ නැහැ. ඔය සංවිධානය කරන අය මොකක් හරි ඉතින් ඇහුම්කන් නොදෙන්නේ එහෙම අත්තනෝමතික හිතුවක්කාරකමක් ඇති"
නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ
මහනාහිමිවරුන්ගේ ඉල්ලීමකට පවා කන් නොදී එළැඹෙන සති අන්තයේ එය පවත්වන්නේ ජනපති පුතුන් එය සංවිධානය කරන නිසා දැයි කළ විමසීමකට ප්‍රතිචාරය පළ කළ විජිතසිරි නාහිමියෝ, තමන් වහන්සේ එවැනි සම්බන්ධයක් නොදන්නා නමුත්, සංවිධායකයන් 'අත්තනෝමතික, හිතුවක්කාර' ස්වභාවයකින් කටයුතු කරන හැඩක් දක්නට ලැබෙන බවද සඳහන් කළහ.
"ජනාධිපතිතුමා සම්බන්ධද කියල නම් මම දන්නේ නැහැ. ඔය සංවිධානය කරන අය මොකක් හරි ඉතින් ඇහුම්කන් නොදෙන්නේ එහෙම අත්තනෝමතික හිතුවක්කාරකමක් ඇති," යනුවෙන්ද අනුනාහිමියෝ සඳහන් කළහ.
තමන් වහන්සේලාගේ ලිපිය මහනුවර සුරැකීමේ සංවිධානය විසින් මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යොමු කරන්නට ඇතැයි විශ්වාස කරන බව පවසන නියංගොඩ විජිතසිරි අනුනාහිමියෝ, ජනාධිපතිවරයාට එය ලැබුනේද හෝ එම ලිපියට ජනාධිපතිවරයා මේ වන විට ප්‍රතිචාරයක් පළ කොට තිබෙන්නේද හෝ යන්න තමන් වහන්සේට ස්ථිරව පැවසිය නොහැකි බවද සඳහන් කළහ.
අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්ද එයට බරපතල විරෝධය පළ කොට තිබුණි.
එහෙත් අඟහරුවාදා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ, මේ වතාවේ පමණක් මෝටර් රථ ධාවන තරඟ මහනුවර පැවැත්වීමට තමන් වහන්සේ අනුමැතිය පළ කළ බව සඳහන් කළහ.
අස්ගිරි මහානාහිමියන්ගේ තීන්දුව තමන් වහන්සේ නොදන්නා නමුත්, මහනුවර මෝටර් රථ තරඟ පැවැත්වීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ විරෝධයේ වෙනසක් නැති බවයි, විජිතසිරි අනුනාහිමියන් සංදේශයට කියා සිටියේ.
Comments
Post a Comment