gossiplankanews.com- වටරැක හිමි මානසික වෛද්‍යවරයෙකු හමුවට

වටරැක(වටරැක)දැනට කොළඹ ජාතික රෝහ‍ලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන වටරැක විජිත හිමියන්ට මානසික රෝගයක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා එම වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා උන්වහන්සේව මානසික විශේෂඥ වෛද්‍යවරයකුට ඊයේ දින යොමු කර තිබේ. පසුගිය 19 වනදා උන්වහන්සේ රෝහලට ඇතුලත් කරනු ලැබුවේ පැහැරගැනීමට ලක්ව තුවාල සහිතව වුවත් පසුව එය රඟපෑමක් බවට පොලිස් පරීක්ෂණ ඔස්සේ තහවුරු විය.


මේවනවිට නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ වටරැක හිමි පැහැරගැනීමේ නාටකය තමා විසින් රඟපෑ එකක් බවට පිළිගත් බවත් එසේ කරන ලද්දේ තමාට අහිමිවූ පොලිස් ආරක්ෂාව නැවත ලබාගැනීමේ අරමුණෙන් බවද වාර්තා වේ. කෙසේනමුත් මේවනවිට වටරැක විජිත හිමියන්ගේ ඇඳ අසලට ‍පොලිස් නිලධාරින් 4 දෙනකු ආරක්ෂාවට යොදවා ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති