gossiplankanews.com- ලෝක ක්‍රිකට් සංචාර සැලසුමෙහි ශ්‍රී ලංකාවට තැනක්

මෙල්බර්න් නුවර පැවැත්වුණු ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ(ICC) ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඉදිරි වසර දහය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර කාලසටහනට අනුමැතිය පළ වුණි.
ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව විසින් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ බලතල පවරා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුළු දිළිඳු රටවලට ඒ රටවලින් සංචාර නො ලැබෙනු ඇතැයි අදහස් පළ වෙමිනුයි තිබුණේ.

“ඉදිරි වසර දහය ඇතුළත ශ්‍රී ලංකාවට තරඟ නොලැබීමේ අවදානමක් තිබුනා. නමුත් එවැනි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවක් පෙනෙන්න නැහැ. ශ්‍රී ලංකාවට සෑහෙන තරම් තරඟ ලබා දී ඇති බවකුයි පෙනෙන්නේ” චන්නක ද සිල්වා පවසයි.එහෙත් ඇතැම් විචාරකයන් බලාපොරොත්තු වුවාටත් වඩා ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩා සංචාර ලැබී තිබෙන බවයි, ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ.

ඉදිරි වසර දහය ඇතුළත ශ්‍රී ලංකාවට එංගලන්ත සංචාර දෙකක් ලැබී ඇති අතර ICC ය විසින් සංවිධානය කරනු ලබන වෙනත් තරඟාවලීන් දෙකකට ද එහි ලඟා වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබෙන බවයි, චන්නක ද සිල්වා පවසන්නේ.

ඉන්දියානු සංචාර

ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු සංචාර ගැන විමසූ විට ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘවරයා ප්‍රකාශ කලේ ඉන්දියානු සංචාර වැඩිපුර මුදල් උපයන තරඟ වන බැවින් සියලු ම කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් උනන්දු වෙන අතර ශ්‍රී ලංකාවට ඉදිරි වසර දහය ඇතුළත ඉන්දියානු සංචාර දෙකක්ම ලැබී ඇති බවයි කියා සිටියේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යුහය වෙනස් වීම ගැන බියමුසුව බොහෝ දෙනෙක් කතා කලත් ශ්‍රී ලංකාව අතින් බැලුවොත් අවාසියක් සිදුව නැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ(ICC) වෙනස්කම් වලට ශ්‍රී ලංකාව එක්වරම සහයෝගය නොදුන් හෙයින් ශ්‍රී ලංකාවට ඉදිරි තරඟ ලැබීම් අතින් අවාසියක් සිදු වනු ඇති බවට මතයක් පවතින අතරවාරයේයි ඉදිරි කාල සටහනෙහි ශ්‍රී ලංකාවට ඉහත කී අවස්ථා හිමි වන්නේ.

Comments



  1. - Vương Lâm!

    Huyết Tổ cắn răng, huyết quang toàn thân chợt lóe lập tức đánh văng nguyên thần Vương Lâm ra ngoài. Nhưng trong quá trình này Thiên Kiếp đã liên tục hạ xuống rồi xuyên qua nguyên thần Vương Lâm đánh thẳng lên người Huyết Tổ. Lão nhanh chóng lui ra phía sau muốn phóng ra khỏi tầng mây Thiên Kiếp.
    đồng tâm
    game mu
    cho thuê phòng trọ
    cho thuê phòng trọ
    nhạc sàn cực mạnh
    tổng đài tư vấn luật miễn phí
    văn phòng luật
    số điện thoại tư vấn luật
    thành lập công ty

    - Huyết Tổ tiền bối, Huyết Tinh đã bị phá hủy, ngay cả Tử Tâm vợ ngươi cũng đã ngọc nát hương tan! - Thần niệm Vương Lâm đột nhiên vang vọng, vẻ mặt Huyết Tổ lại càng trở nên âm trầm.

    - Còn căn lầu màu máu của ngươi, ta cũng cảm thấy có chút hứng thú. - Giọng nói của Vương Lâm từ trong hư vô vang ra.

    - Ngươi truy sát Vương mỗ ở đây, cũng không biết được nữ nhi Diêu Tích Tuyết sau khi sống lại rồi trở về Huyết Tinh có phải trở thành dê vào miệng cọp hay không?

    Khi Vương Lâm nhìn thấy Huyết Tổ, chỉ thấy tất cả đều do những giọt máu biến thành, không thấy bất kỳ hình bóng nào của Diêu Tích Tuyết. Huống hồ khi không gian túi trữ vật tan vỡ, với khả năng của Huyết Tổ sợ rằng cũng không thể bảo hộ được. Nhưng dưới

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia