gossiplankanews.com-ක්‍රිස්තියානි භක්තිකයෙකු වුන නිසා මරණ දඬුවම දුන් ඉස්ලාම් කතට නිදහස ලැබේ
මේරියෑම් ඉබ්‍රාහිම් ලෙස පසුගිය කාලයේදී විදෙස් මාධ්‍යවල විශේෂයෙන් කතාබහට ලක්වූ මේ කාන්තාව සම්බන්ධ නඩු තීන්දුව විවිධ පාර්ශ්වවල විවේචනයට ලක්විය.
කෙසේ වෙතත් ඇයට පනවා තිබූ මරණ දඬුවම අභියාචනාධිකරණයේදී යළි සලකා බැලුණු අවස්ථාවේදී මේ ආකාරයෙන් ඇයට යළිත් වරක් නිදහස හිමිවී ඇති බව කියැවෙයි.
ක්‍රිස්තියානි ලබ්ධිය අදහන පුද්ගලයෙකු සමග විවාහ වී සිටි ඇය, ෂරියා නීතිය යටතේ එල්ලා මැරීමට තීරණය කර තිබුනේ ඒ වනවිට ඇය ක්‍රිස්තියානි භක්තිකයෙකු වී එම ලබ්ධිය අත්හැරීමට අකමැති වූ නිසාවෙනි.
මේරියෑම් ඉබ්‍රාහිම් සිරදඬුවම් විඳින අවදියේදීම ඇය දරු ප්‍රසූතියක්ද සිදුකළ අතර, මේ තත්ත්වය තුළ ඇය පිළිබඳ තවත් කතාබහ ඇරඹිණි.
කෙසේ වෙතත් මේ නඩු විභාගය අතරතුර මේ කාන්තාව සුවිශේෂී ධෛර්යයකින් පසුවූ බව ඇගේ නීතීඥයන් බී.බී.සී.යට පවසා තිබුණි.
Comments
Post a Comment