gossiplankanews.com- මත්තල ගුවන් තොටුපොළේ ඉන්ධන පර්යන්තය ජනපති විවෘත කරයි

මත්තල ගුවන් තොටුපොළේ  ඉන්ධන පර්යන්තය ජනපති විවෘත කරයි මත්තල ගුවන් තොටුපොළේ ඉන්ධන මෙහෙයුම් පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට ටික වේලාවකට පෙර විවෘත කර තිබේ. 

අනතුරුව, ගුවන් යානාවලට ඉන්ධන ලබාදීමේ කටයුතු සංකේතවත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකට ඉන්ධන පොම්ප කරනු ලැබුණි. 

ලොව දැනට භාවිත කරන ඕනෑම ගුවන් යානයකට ඉන්ධන ලබාදිය හැකි අයුරින් මෙම ඉන්ධන මෙහෙයුම් පර්යන්තය සකසා තිබේ. 

මේ අතර මාගම්රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ තෙල් ගබඩා සංකීර්ණය සහ නෞකා තෙල් පර්යන්තය විවෘත කිරීම ද ජනාධිපතිවරාය අතින් සිදුවිය. 

එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ කිසිදු ජාතියකට තවත් ජාතියක් පාවා දීමට හෝ පාඟා දැමීමට ඉඩ නොතබන බවයි. 

ජාතියේ ඉරණම සුළු පිරිසකට භාරදිය නොහැකි බව ජනාධිපතිවරයා පැවසීය. 

ජනාධිපතිවරයා සංවර්ධනයේ වැඩපිළිවෙළ සියැසින් බලාගැනීමට පැමිණෙන ලෙස විපක්ෂයට ආරාධනාවක් ද එහිදී කළේය.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති