gossiplankanews.com- කාන්තාවන්ගේ ලස්සනට මිල තීරණය කරන ගණිකා නිවාසයක්

කාන්තාවන්ගේකාන්තාවන්ගේ සුරූපී භාවය මත මිල තීරණය කරන ගණිකා නිවාසයක්  වැටලිමට මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව තිබෙනවා. මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ මාතර තිහගොඩ ප‍්‍රදේශයේයි.
ඒ, මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතාගෙන් ලබාගත් වරෙන්තුවකට අනුවයි. එහිදී සුරූපී තරුණියන් රුපියල් 3000 ට ද එතරම් සුරූපී නොවන තරුණියන් රුපියල් 1000 ට ද අලෙවිකරන බව පැවසුවා.
උපාය දූතකයෙකු යොදවා සිදුකළ මෙම වැටලීමේදී අදලා ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කළමනාකාරීනිය සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ඇඹිලිපිටිය සහ මීගමුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් දෙදරු මවක් වන කළමනාකාරිනිය මීට පෙර ද අවස්ථා දෙකක දී ගණිකා නිවාසයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අයෙකු බවයි පැවසුවේ. සැකකරුවන් මාතර මහේස්ත‍්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති