gossiplankanews.com- පකිස්ථානයේ අනවසරයෙන් සිටියැයි ලාංකිකයෙක් අල්ලයි

පකිස්ථානයේ අනවසරයෙන් සිටියැයි ලාංකිකයෙක් අල්ලයිනීති විරෝධීව පකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් නිලධාරින් 700 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පකිස්ථානයේ කයිබර්, පක්ටුන්ක්වා ගෝත්‍රික ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එම ගෝත්‍රික ප්‍රදේශයේ හයටාබාද් ගම්මානයේ සිටින පුද්ගලයින් වැඩිදෙනෙකු ව්‍යාජ අනන්‍යතා වාර්තා ඉදිරිපත් කරමින් රැදී සිටින පිරිස් බව වාර්තා වේ. 

මේ හේතුවෙන් අදාළ ගම්මානවල පදිංචි වන පුද්ගලයින්ට එම ගම්මානය අයත් පොලිස් බල ප්‍රදේශයේ නීත්‍යානුකූලව ලියාපදිංචි විය යුතු බවට පකිස්ථාන රජය විසින් නව නීතියක්ද පනවා ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’