gossiplankanews.com- යාපනයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක්
ප්‍රහාරයට ලක් වූ යාපනය පල්ලිය
යාපනය නගරය ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඊයේ සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වෙයි.
යතුරු පැදියකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පල්ලියට පහරදී පලා ගොස් ඇති බව එහි භාරකාර සභාවේ අස්මින් අයුබ් මවුලවි ප්‍රකාශ කළේය.
කුඩා පල්ලියක් වන එහි වීදුරු කැඩී බිඳී ගොස් ඇති බව පැවසූ අස්මින් අයුබ් මවුලවිවරයා,ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරව පොලීසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව පැවසුවේය.
පොලීසිය සහ හමුදාව එම පළාතේ සිටින නිසා ආරක්ෂක අංශ වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව අස්මින් අයුබ් මවුලවි විශ්වාශය පල කළේය.
ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් පල්ලියට සහ ඒ අවට ප්‍රදේශයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි වවුනියාවේ සංදේශය වාර්තාකරු දිනසේන රතුගමගේ ප්‍රකාශ කළේ.
Comments
Post a Comment