gossiplankanews.com- විජිත හිමියන් තමන්ටම තුවාල කර ගෙන?

විජිත හිමියන් වැටී සිටියදී හමු වූ ස්ථානය
කැපුම් තුවාල සහිතව සිහිසුන්ව වැටී සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන පානදුරේ බණ්ඩාරගම දී හමු වුන වටරැක විජිත හිමියන් තමන්ට තුවාල කර ගෙන ඇතැයි සැක කරන බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිබඳව විවිධ මත පල වෙමින් තිබේ.
විජිත හිමියන් පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයන්ගේ වාර්තා සහ විජිත හිමියන්ගේ කට උත්තරය මෙන්ම එහිමියන්ගේ ඥාති සොහොයුරකු ලබා දුන් කට උත්තරයද මත එම සැකය පහල වන බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඉරිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.


'සුන්නත් කරලා'
එහෙත් විජිත හිමියන් ගේ හිසේ සහ සිරුරේ සුළු කැපුම් තුවාල තමන් දුටු බව එහිමියන් බැලීමට රෝහලට ගිය නීතිවේදී නාමල් රාජපක්ෂ බීබීසී සංදේශයට පැවසීය.
ප්‍රහාරකයන් පිරිස තමන් සුන්නත් කළ බවත් විජිත හිමියන් නීතිවේදියාට පවසා තිබේ. තමන් එම තුවාල නොදුටු බවද නීතිඥ නාමල් රාජපක්ෂ සංදේශයට පැවසීය.
කෙසේ නමුත් නිසි ආරක්ෂාවක් නොමැතිව දිවා රාත්‍රී සිය ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවීම සහ බොදු බල සේනා සංවිධානයෙන් නිරන්තරයෙන් එල්ල වන තර්ජන හමුවේ වටරැක විජිත හිමියන් දැඩි මානසික පීඩනයකින් පසු වන බව නම සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටි එහිමියන්ගේ දායකයකු සංදේශයට පැවසීය.
එහිමියන්ගේ ඥාති සහෝදරයාද දින ගණනාවක් අත් අඩංගුවේ රඳවා ගෙන ප්‍රශ්ණ කොට තිබෙන බවද එම දායකයා පැවසීය.

ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ එහිමියන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද පොලිස් ප්‍රකාශකවරයා පැවසීය.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia