gossiplankanews.com-මුලතිව් අතුරුදන් වූවන් ගැන පැමිණිලි විමර්ශන ජූලි මුලදී

මුලතිව් අතුරුදන් වූවන් ගැන පැමිණිලි විමර්ශන ජූලි මුලදීමුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය ලබන මස මුල් සතියේ දී සිදුකරන බව අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව පවසයි. 

එහි ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් කළේ ලබන මස පස් වැනිදා සිට අට වැනිදා දක්වා එම විමර්ශන කටයුතු සිදුකරන බවයි. 

ජූලි මස 5 සහ 6 යන දිනවලදී පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ විමර්ශන කටයුතු සිදුකරන අතර 7 සහ 8 යන දිනවලදී මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය. 


ඒ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි. 

මේ පිළිබඳ අද දෙරණට අදහස් දැක්වු මුලතිව් දිස්ත්‍රික් ලේකම් එන්.වෙදනායගම් මහතා ප්‍රකාශ කළේ පුදුකුඩිඉරිප්පු සහ මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී අතුරුදන්වූවන් පිළිබඳ සිදුකරන විමර්ශන සඳහා සහය පල කරන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති