gossiplankanews.com- මෝටර් රථ ධාවන තරඟවලට මහානායක අනුමැතිය
මෙවැනි සැණකෙළියක් 'නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකරයි'
යලිත් වරක් මෝටර් රථ ධාවන තරඟ මහනුවර නොපවත්වන බවට සංවිධායකයන් ප්‍රතිඥා දුන් බැවින් මේ සති අන්තයේ එම තරඟ පැවැත්වීමට අනුමැතිය පළ කළ බව අස්ගිරි මහ නාහිමියෝ පවසති.
එළැඹෙන සති අන්තයේ රාත්‍රී මෝටර් රථ තරඟ පැවැත්වීම පිණිස දැනටමත් විශාල මුදලක් වැය කොට ඇතැයි සංවිධායකයන් තමන්ට දැනුම් දුන් බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාමියෝ, එබැවින් මේ වතාවේ පමණක් එම තරඟ මහනුවර පැවැත්වීමට සිය අනුමැතිය පළ කළ බව සඳහන් කළහ.
විරෝධයඅදාළ තරඟ පැවැත්වෙන්නේ දළදා මාලිගාව පවතින වීදියේ නොවන බවත් මහානායක හිමියන් සඳහන් කළ බව ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු ජේඒඑල් ජයසිංහ බීබීසී සංදේශයට පැවසූහ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන මහනුවර දළදා නගරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති රාත්‍රී මොටර් රථ සැණකෙළිය නතර කරන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කොට තිබුණි.
මෙවැනි සැණකෙළියක් පැවැත්වීම නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බවයි, මහානායක හිමිවරුන් විසින් සඳුදා ජනාධිපතිවරයා වෙත මෙතැන ඔබන්නයවන ලද ලිපියේ සඳහන් කොට තිබුනේ.
වැඩිදුර කරුණු විමසීම පිණිස මහානායක හිමිවරුන් ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
මේ අතර අඟහරුවාදා රැස් වූ මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය රාත්‍රී මෝටර් රථ තරඟවලට ප්‍රබල විරෝධය පළ කරමින් යෝජනාවක් සම්මත කොට ඇති බවත් ජේඒඑල් ජයසිංහ වාර්තාකරයි.
Comments
Post a Comment