gossiplankanews.com- මුස්ලිම් සහෝදරත්වය සමග සංවාදයකට යන්න - ඇමෙරිකාව

හිටපු හමුදාපතිවරයාගේ ජනාධිපතිවරණ ජය සැමරූ ඔහුගේ පාක්ෂිකයන්
ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඊජිප්තු නව ජනපති අබ්දුල් ෆාටා අල් සිසී හමු වීමට නියමිතයි.
ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි බලයෙන් පහ කළ හිටපු හමුදාපති අබ්දුල් ෆාටා අල් සිසී ඉන් අනතුරුව ගිය මාසයේ දී පැවති ජනාධිපතිවරණය සඳහා තරඟ කළේය.

හිටපු හමුදාපතිවරයා ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව ඉහල පෙළේ ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙක් ඊජිප්තුවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
දේශපාලනය දෙසට වැඩි වශයෙන් ඇතුල් වී තහනම් කර ඇති මුස්ලිම් සහෝදරත්වය සමග සංවාදයට යොමු වන මෙන් ජෝන් කෙරී රාජ්‍ය ලේකම්වරයා ඊජිප්තු ජනාධිපති අල් සිසීට බල කරනු ඇති බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.

මරණ දණ්ඩනයට නියම වූ මුස්ලිම් සහෝදරත්වයේ සාමාජිකයන් පිළිබඳ අවධානය යොමු කිරීම හා සිරගත කර සිටින මාධ්‍යවේදියන් නිදහස් කරන මෙන් ඊජිප්තු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමත් හමුවේ එක් අරමුණක්.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia