gossiplankanews.com- ක්‍රිකට්: ශ්‍රී ලංකාව ජයග්‍රහණය අබියස

රට තුල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියකින් පළමු වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වීමේ අභියෝගයට මුහුණ දී සිටිති.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 457ක් ලබා ගැනීමට සමත් විය.


ඊයේ සඳුදා තරඟය නතර කරන විට එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ කඩුලු පහකට ලකුණු 57 ක් පමණි.ඉන් අනතුරුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ හොඳම පිතිකරුවන් හතර දෙනකු ලකුණු පහළොවක් තුළදී දවාලීමට ධම්මික ප්‍රසාද් සමත් විය.
එංගලන්තයේ හෙඩින්ලි (Headingly) ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 160 ක් ලබා ගත්තේය.

ඔහු හා අටවැනි කඩුල්ල සඳහා මනා සම්බන්ධතාවක් පැවත්වූ රංගන හේරත් ලකුණු 48 ක් ලබා ගනිමින් දුවද්දී දැවී ගියේය.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති