නඩුවේ වාර්තා අතුරුදන් වෙලේ සුදා නිදහස් ‍වෙන ලකුණු


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් 'වෙලේ සුදාට' එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවේ පොලිස් පරීක්ෂණ වාර්තා අතුරුදන් වීම හේතුවෙන් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නීතිපතිවරයාට ඊයේ (16දා) නියෝග කර ති‍බේ. හෙරොයින් ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදා නමැති විත්තිකරුට එරෙහිව සටහන් යොදා තිබූ ගල්කිස්ස පොලිසියේ තොරතුරු පොත් අතුරුදන් වී ඇති නිසා අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බව දන්වා සිටි විත්තියේ නීතිඥවරයා ඒ අනුව විත්තිකරු අදාළ නඩුවෙන් නිදහස් කරන ලෙස මීට ඉහත නඩු වාරයේදී ඉල්ලීමක් කර තිබිණි. මේ සිද්ධියට අදාළ

නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණය වෙත දන්වා සිටියේ එම තොරතුරු සටහන් පොත් අතුරුදන් වීම පිළිබඳව අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බවයි.
මේ සිද්ධිය පිළිබඳව ගල්කිස්ස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී ජනක ගුණතිලක මහතා කොළඹ මහාධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ දන්වා සිටියේ නඩුවට අදාළ වූ තොරතුරු පොත ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම ගැන විමර්ශනයක් ආරම්භ කළ බවයි.
මේ නඩුවට අදාළ වැටලීම් සටහන් පොත ආරක්ෂා සහිතව සහකාර පොලිස් අධිකාරී-ගල්කිස්ස ඪ භාරයේ තබා ඇති බව දන්වා සිටින ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජනක ගුණතිලක මහතා එහෙත් පරීක්ෂණ වාර්තා ඇතුළත් අදාළ තොරතුරු සටහන් පොත් අස්ථානගත වීමට වගකිව යුතු විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. සේනානායක නිලධාරියා හට ඉදිරියේදි ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබඳ නීති කොට්ඨාසයේ උපදෙස් ලබා ගන්නා බව දන්වා සිටියේය.
2000 මැයි 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම් 6.7ක ප්‍රමාණයක් සන්තතකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

ලබන සැප්තැම්බර් මස 16 වැනි දින තෙක් නඩු විභාගය කල් තබන ලෙසද මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියම කළේය.
33000, gosiplanka, gosiplankanews, gossip, gossip lanka, gossip lanka2, gossiplankanews, gossiplankanews.com, lanka, sinhala, Srilanka,

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia