මහින්දගේ අගමැති සිහිනය ගිලිහී ගියා - රාජිත කියයි


මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති කරන බවට සන්ධානයේ අය වහසි බස්‌ දෙඩෙව්වත් එය කළ නොහැකි බවත් අගමැතිවරයා පත් කරන්නේ ජනාධිපති විසින් බවත් කැබිනට්‌ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි, ජනාධිපතිවරයා සිය ස්‌ථාවරය පැහැදිලි කර ඇති නිසා මීළඟ රජයේ අගමැති සිහිනය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ගිලිහී යන බවද ඔහු සඳහන් කළේය. කැබිනට්‌ තීන්දු දැනුම් දීම සඳහා ඊයේ පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම ප්‍රකාශය කළේය. අපි මේ පක්‍ෂය දාලා ගියේ නෑ. අපි එජාපයට ගියෙත් නෑ. අපි එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ වූ අයයි. අපි වගේම අපිත් එක්‌ක ඉන්න දුමින්ද දිසානායක මහතා වැනි අයත් මැතිවරණයේදී

ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණයෙන් පස්‌සේ අපි සියලු දෙනාම එකතු වෙනවා. එතකොට පෙනෙයි පාර්ලිමේන්තු බහුතරය කාටද තියෙන්නේ කියලා.
එහෙම වුණාට පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නෙ අපිට ඕනෑ කෙනෙක්‌ මිස එජනිස අයට ඕනෑ කෙනෙක්‌ නොවන බවද ඔහු පැවැසීය.

ජාතික ආණ්‌ඩුවක්‌ හදනවාදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට සේනාරත්න මහතා පිළිතුරු දුන්නේ "ඔව් අපි ජාතික ආණ්‌ඩුවක්‌ හදනවා. එදාට අද ඔය මහින්ද මහත්තයා අගමැති කරන්න හදන අයත් අපිත් එක්‌ක එකතු වේවි යනුවෙයි.
33000, gosiplanka, gosiplankanews, gossip, gossip lanka, gossip lanka2, gossiplankanews, gossiplankanews.com, lanka, sinhala, Srilanka,

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia