මුදල් නොගෙවා යෝගට් කන්න ගිහින් මැරුම් කාල

GossipClanka.com
වැලිමඩ නගරයේ පිහිටි එක්තරා හෝටලයකින් යෝගට් එකක් ගෙන ඊට මුදල් නොගෙවීම මත ඇති වූ ගැටුමක් දුරදිග ගොස් එහි සිටින සේවකයන්ට පහරදීමට ආ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු එහි සේවකයන් විසින් කපා කොටා ඝාතනය කර ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිමඩ අඹගහකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කසුන් චන්දන කුමාර හා 21 හැවිරිදි මේනක උදිත කුමාර නමැති තරුණ විවාහකයෝ දෙදෙනෙකි. මේනක උදය කුමාර නමැත්තා වැලිමඩ නගරයේ පිහිටි එකී හෝටලයට පෙරේදා (15දා) රාත්‍රි ගොස් යෝගට් එකක් ආහාරයට ගෙන ඇති අතර පසුව හෝටලයේ සේවකයන් ඒ සඳහා මුදල් ඉල්ලීමේදී ගැටුමක් ඇති වී තිබේ. පසුව මේනක උදය කුමාර නමැත්තා නිවෙසට ගොස් තම සොහොයුරකු සමඟ කඩුවක් සහ පොරවක් රැගෙන එම හෝටලයට යළි

ගොස් එහි සේවකයන්ට පහරදීමට උත්සාහ කර ඇත.
එහිදී හෝටලයේ සේවකයන් ඔවුන් ගෙන ආ ආයුධවලින්ම ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ලකර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම පහරදීමෙන් මේනක උදය කුමාර නමැත්තා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර කසුන් චන්දන නමැත්තා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් පස්දෙනකු වැලිමඩ පොලිසි මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක්වූවන්ගෙන් මීට පෙර සිදුවූ කරදර පිළිබඳව හෝටලයේ උරුමකරු වැලිමඩ පොලිසියට පැමිණිලි කර ඇති බවද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් උෟව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ හා බණ්ඩාරවෙල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි ඩබ්.එම්.බී. විජේරත්න මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
33000, gosiplanka, gosiplankanews, gossip, gossip lanka, gossip lanka2, gossiplankanews, gossiplankanews.com, lanka, sinhala, Srilanka,

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’