ග්‍රිල් කඩා ජනේලයෙන් රිංගන කාමාතුරයන් රැලක් පුත්තලම හොල්ලයි
තිල් අඩියේ නිවෙස් කිහිපයකට එකම දිනක රාත්‍රියේ ජනෙල් වල ග්‍රිල් ගලවා ඇතුල් වි ඇති නාඳුනන කණ්ඩායමක් එම නිවෙස් වල කාන්තාවන් රැඳීසිටින කාමර පිළිබදව සොදිසිකර ඇති බව නිවෙස් හිමි කාන්තාවක් පවසයි.
තවද සිද්දියට මුහුණ පෑ නිවෙස් හිමි කාන්තාවක් වන තිල් අඩිය ෆරිනා ෂාමා මහත්මිය මෙලෙස පවසයි.
“අපි නිදාගෙන ඉද්දි කුස්සියේ පොරනුව ළඟ ජනේලය ඇරගෙන ග්‍රිල් එක ගලවලායි ගෙට ඇතුල් වෙලා තියෙන්නේ. කෙළින්ම ඇවිත් තිබුනේ දුව (වයස අවුරුදු 6ක දැරියක්) නිදා සිටි කාමරයට. ඇවිත් ඇඳට දමා තිබුන මඳුරු දැල ඉවත් කරලා එතන ඉඳලා තියෙනවා. ඒ සිද්දියෙන් පසු අපි බය වුනා. ග්‍රිල් ගලවපු ජනේලය ඉවත් කරලා එතන සම්පුර්ණයෙන්ම සිමේන්ති ගල් වලින් වසා දැමුවා. නමුත් අපිට දැන් පුදුම බයක් තියෙන්නේ.
මෙම නිවෙස් වල ජනෙල් ගැලවිම සිදු කිරිමෙන් අනතුරුව පැමිණි සැකකරුවන් නිවෙස් තුලට රිංගා තරුණ කාන්තාවන් රැඳී සිටි කාමර තුළ ඇති ඇදුම් බෑගයන්ද සොයමින් සැරි සරා ඇති බව පුත්තලම පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයින් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කළ බව පුත්තලම පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment