ජනාධිපති මන්දිරයේ බංකරය ගැන මහින්ද කතාකරයි

ආරක්ෂක උපදෙස් මත ජනාධිපති මන්දිරයේ බංකරයක් ඉදි කළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යුද්ධය පැවති සමයේ ආරක්ෂක මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අදාළ බංකරය ඉදිකළ බවයි.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජීනිවා හිදි සම්මත වූ යෝජනාව පිළිබඳ ආගමික නායකයන්, විද්වතුන් , කලාකරුවන් ඇතුළු පිරිසක් දැනුවත් කිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේදී දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා. 


මේ අතර 1948 නිදහස ලැබීමෙන් පසු ජාතියක් හැටියට ශී‍්‍ර ලංකාව වඩාත් අවදානම් සහගත තත්වයක පසුවන බව මහින්ද රාජපක්ෂ මහතා සිය දේශනයේදී කියා සිටියා.

මෙරට රණවිරුවන් පරිපාලන කි‍්‍රයාදාමයකින් ඉවත් කර ජාතියේ කොඳු නාරටිය බිඳ දමා බලවතුන් සැරසෙන්නේ කුමටදැයි ජනතාව අවධියෙන් සිටිය යුතු බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

 ශී‍්‍ර ලංකාව සම්බන්ධ ජීනිවා යෝජනාවේ භයානක නිර්දේශ පවතින බව ඔහු පෙන්වා දුන්නා.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති