බාප්පාට පිහියෙන් ඇන, පුංචි අම්මාගෙන් මුදල් කොල්ලකෑ තරුණිය

%E0%B6%B6%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BAසිය බාප්පාට පිහියකින් ඇන, තුවාල සිදුකර පුංචි අම්මා සතු රුපියල් එක්ලක්ෂ 40,000ක් පැහැර ගත් කාන්තාවක් පිළිබදව නුවරඑළිය - හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊයේ (26) දහවල් තම පුංචි අම්මා සහ බාප්පා විසින් මෙම මුදල් පෞද්ගලික බැංකුවකින් රැගෙන යළි නිවස කරා යාමේදී මෙම කාන්තාව බාප්පාගේ ගෙළ ප්‍රදේශයට පිහියකින් ඇන මෙම මුදල් පැහැරගෙන තිබුණා.


මුහුණ ආවරණය කරගෙන පැමිණි මෙම කාන්තාව මුදල් රැගෙන පළා යමින් සිටියදී හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව අදාළ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සඳහන් කර ඇත්තේ සිය මව්පියන් විදෙස්ගතව සිටින අතර, ඔවුන් මෙම මුදල් එවා ඇති බවයි. කලක සිට මෙම කාන්තාවගේ පුංචි අම්මාට සහ බාප්පාට ඇගේ දෙමව්පියන් විසින් මුදල් එවා තිබෙනවා. ඒ, ඇයට මුදල් එවූ විට ඇය ඒවා අනිසි ආකාරයෙන් වියදම් කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත්, පිහි පහරින් තුවාල ලැබූ බාප්පා මේ වන විට දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම සැකකාර කාන්තාව අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති