අපරාධවලට හේතුවන ළමාවියේ කරුණක් හඳුනාගැනේ

පුද්ගලයෙකු අපරාධයකට පෙළඹීම සදහා ප‍්‍රමුඛ හේතුවක් ලෙස පෞර්ෂ්‍ය දුර්වලතාද හදුනාගෙන ඇතැයි විද්වතුන් පවසනවා.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ පෞර්ෂ දුර්වලතා ඇති වන්නේ බොහෝ විට ළමා කාලයේ අත්දැකීම් නිසා බවයි. ළමා කාලයේ ලබන පීඩාකාරී අත්දැකීම්, නොසලකා හැරීම්, අමිහිරි අත්දැකීම් මත මෙවැනි තත්ත්වයන් ගොඩ නැගිය හැකි බවත් පැවසුවා.


මානව හැකියා සංවර්ධන විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතාද මෙම සංවාදයට එක් වුණා. ළමා කාලයේ අත්දැකීම් කෙනෙකුගේ පෞර්ෂ දුර්වලතාවලට හේතු වන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කරමින් සඳහන් කළේ කුඩා කාලයේදී ඉගෙන ගන්නා දේ මත ඔවුන්ගේ යටි සිතේ සැලසුම් ඇති වෙන්නට පටන් ගන්නා බවයි. කවුරුන් හෝ ඒ කාලයේදී යම් දරුවෙකු වැරදිකාරයෙක් හෝ අවාසනාවන්ත පුද්ගලයෙකු බවට ඒත්තු ගැන්වෙන ආකාරයේ ප්‍රකාශ කිරීම් තුළින් පසු කාලීනව ඔහු තීරණ ගැනීමේදී එම තත්ත්වයන් බලපාන බවයි.
 
ළමයින්ට න්‍යායාත්මක අධ්‍යාපනය ලබාදෙනවා සේම ඔවුන්ගේ පෞර්ෂ සංවර්ධනයට වැඩි වටිනාකමක් ලබාදිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. ඒ සදහා මව්පියන් හා වැඩිහිටියන් කි‍්‍රයාකළ යුතු ආකාරයද සනත් ගමගේ මහතා විස්තර කළා.

එහිදී ඔහු පැවසූවේ ළමයෙකුට දෙන කිසිඳු දඬුවමක් නිසා එම දරුවාට ඔහු පිළිබඳ ඇති ස්වයං ප්‍රතිරූපය හානි නොවිය යුතු බවයි. දරුවා වැරදිකරුවෙක්, නිකමෙක්, ඔහුගෙන් වැඩක් නෑ යන හැගීම් දරුවා තුළ ඇති වන්නට ඉඩ ලබා නොදිය යුතු බවත් පැවසුවා.

ළමයින්ගේ පෞර්ෂ සංවර්ධනය ඇති කිරීමෙන් අපරාධ අවම වූ වඩා ආරක්‍ෂිත සමාජයක් නිර්මාණය කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia