'නයිට් ක්ලබ්' හිමිකරු ඝාතකයන් CCTV කැමරාවල

 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 
පොලිස් මූලස්ථානය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවයි.

ඊයේ රාතී‍්‍ර 11 යි 45ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් මෙම රාති‍්‍ර සමාජ ශාලාවට කඩා වැදී එහි හිමිකරු ඇතුළු  තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමක් සිදුකර තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා නමැති පුද්ගලයා අනුරාධපුර රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබෙනවා.


සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු අතුල බණ්ඩාර පැවසුවේ මේ වන විට සිදු කෙරුණු පරීක්ෂණවලදී උතුරු මැද පළාත් මන්දිරය අසළ ප්‍රධාන මාර්ගයේ ඝාතනයට පැමිණි පිරිසගේ බවට සැක කළ හැකි මුහුණු ආවරණ සහ අත්මේස්, ගමන්මලු යනාදිය කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි.

ඝාතනයට පැමිණි පිරිස CCTV කැමරාවල පැහැදිළිව සටහන් වී ඇති බවත් පොලීසිය පවසන බවයි වැඩි දුරටත් අනාවරණය කෙරුණේ. ඝාතකයන් විසින් රාත්‍රී සමාජ ශාලාවේ මුදල් සහ මත්පැන් බෝතල් තොගයක්ද රැගෙන පළා ගොස් තිබෙනවා.

අනුරාධපුර පොලීසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ පවත්වන අතර අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම් මෙනවිය මෙම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබෙනවා.

වසන්ත සොයිසා ගිනස් වාර්තාවකටද හිමිකම් කියනවා. එ් අඟල් 3ක ගණකමකින් යුත් කොන්කී‍්‍රට් කැබලි 12ක් හිසින් පහරදී කැඩීම එම වාර්තාවයි.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia