තරගය අතරතුර රසල් ආනල්ඩ් ගැහැණියක් කරලා (PHOTOS)

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (25) කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැති තරඟය අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් හට අපූරු දෙයක් සිදූවී තිබෙන බව වාර්තාවනවා.

වර්ෂාවෙන් බාදා ඇති වීමත් සමග තරගය නතරකර තිබූ අතරතුර ක්‍රීඩාංගණයේ තිබෙන පුළුල් තිරයේ රසල් ආනල්ඩ්ගේ මුහුණේ ඡායාරූපයක් කාන්තාවකගේ ඡායාරූපයකට සම්බන්ධ කර ප්‍රචාරය කර තිබෙනවා.

මෙය ප්‍රචාරය වීමත් සමග ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් සිනාසී ඇති බවද වාර්තාවනවා.


මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් රසල් ආනල්ඩ් සිය ට්විටර් ගිණුමට අතුළත්කර තිබූ අතර එයට අදහස් දක්වමින් සනත් ජයසූරිය සටහන් කර තිබුණේ "උඹේ නියම පෙනුම" යනුවෙනුයි

කෙසේවෙතත් රසල් ආනල්ඩ්ගේ 42 දෙවන ජන්ම දිනයද අදට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් තරගය අතරතුර ඔහු කේක් එකක්ද කැපූ බවයි වාර්තා වන්නේ.

Comments

Popular posts from this blog

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්

Another victim of nawaka wadaya

Lankan Maid to Be Stoned to Death In Saudi Arabia