මුත්‍රා යන්නැත්තේ මොකද කියලා බලද්දී දැරිය දූෂණය වෙලා
ඥානමුත්තු සිරිදරන් නමැති ආරයම්පදි අමරසිංගම් වීදියේ පදිංචි පුද්ගලයෙකුයි මෙලෙස රිමාන්ඩ් කර තිබෙන්නේ.
දැරියගේ මව රෝහලක හෙදියක් ලෙස රාජකාරි කරන කාන්තාවක්.
ඒ හේතුවෙන් ඇයගේ දියණිය තම සහෝදරියට භාර දී සේවයට යයි. එම අවස්ථාවලදී මෙම දරුවා අඛණ්ඩව අදාළ පුද්ගලයා විසින් දූෂණයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම දැරිය තමාට මුත්‍රා දැමීමට නොහැකි බව පවසා හඬා තිබෙනවා.
පසුව මේ හේතුවෙන් දැරිය රෝහල් ගතකර ඇති අතර එහිදී මෙම දැරිය දූෂණයට ලක් වී ඇති බව හෙලිවී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Comments
Post a Comment