මුත්‍රා යන්නැත්තේ මොකද කියලා බලද්දී දැරිය දූෂණය වෙලා

තම බිරිඳගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය වන වයස අවුරුදු හතරක දැරියක් ලිංගික අතවරයට ලක් කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු එළඹෙන 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් එම්. කනේසරාසා මහතා නියෝග කර තිබෙනවා.

ඥානමුත්තු සිරිදරන් නමැති ආරයම්පදි අමරසිංගම් වීදියේ පදිංචි පුද්ගලයෙකුයි මෙලෙස රිමාන්ඩ් කර තිබෙන්නේ.

දැරියගේ මව රෝහලක හෙදියක් ලෙස රාජකාරි කරන කාන්තාවක්.

ඒ හේතුවෙන් ඇයගේ දියණිය තම සහෝදරියට භාර දී සේවයට යයි. එම අවස්ථාවලදී මෙම දරුවා අඛණ්ඩව අදාළ පුද්ගලයා විසින් දූෂණයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම දැරිය තමාට මුත්‍රා දැමීමට නොහැකි බව පවසා හඬා තිබෙනවා.


පසුව මේ හේතුවෙන් දැරිය රෝහල් ගතකර ඇති අතර එහිදී මෙම දැරිය දූෂණයට ලක් වී ඇති බව හෙලිවී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’