ලෝක වෙළද පොළේ බොරතෙල් මිළ දවසින් දවස පහත වැටෙනවා.

ලෝක වෙළද පොළේ බොරතෙල් මිළ දවසින් දවස පහත වැටෙනවා. ඒත් ශී‍්‍ර ලංකාවේ ඉන්ධන මිළ තවමත් පෙර පරිදිමයි. ලෝක වෙළද පොළේ මිළ අඩු වැඩිවීමට සාපේක්‍ෂව ශී‍්‍ර ලංකාවේද ඉන්ධන මිළ තීරණය කිරීම සදහා මිළ සූත‍්‍රයක් හදුන්වා දෙන බව ආණ්ඩුව මාස කිහිපයක් තිස්සේ ප‍්‍රකාශ කර සිටියා. එහෙත් එම මිළ සූත‍්‍රය තවමත් හදුන්වා දී නැහැ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් අද (19) දිනයෙත් ප‍්‍රශ්න කළා. ඔහු කියාසිටියේ අදාළ මිළ සූත‍්‍රය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හෙට (20) තීරණයක් ගනු ඇති බවයි.

"රටේ ඛණිජ තෙල් මිළ තීරණය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් මිළ සූත්‍රයක් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව ඉදිරි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කොට තීරණයක් ගනු ඇතැයි කියලා බලාපොරොත්තු වෙනවා".

මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අදාළ මිළ සූත‍්‍රය ඉදිරිපත් කෙරුණා. ඒ පිළිබද අදහස් දැක්වීමට සතියක කාලයක් අවශ්‍ය බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී ප‍්‍රකාශ කළේ. සාකච්ඡාව හෙට (20) පැවැත්වෙන කැබිනට් රැස්වීම දක්වා දික්ගැස්සුනේ ඒ අනුවයි.‍

ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිළ ඊයේ (18) සටහන්වුයේ අමෙරිකානු ඩොලර් 27 යි ශත 60 ක් ලෙසයි. 2003 වසරෙන් පසු වාර්තා වූ අඩුම බොරතෙල් මිල මෙය වනවා.



col3, col3neg, col3negoriginal, gossiplankanews, gossiplanka, lakvision, gossip-lankanews, news, telidramas, gossiplankanews, gossiplanka, lakvision, gossip-lankanews, news, hiru news, 99gossip

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති