Schoolgirl stripped and brutally beaten by bullies

අනුරාධපුරය ප්‍රදේශයේ පැනොරාමා සමාජ ශාලාවට පහර දී වසන්ත සොයිසා ඝාතනය කළ බවට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එස්‌. එෆ්. ලොකූ ඇතුළු කණ්‌ඩායම බන්ධනාගාරය ඔවුන්ගේ අණසකට යටත් කරගෙන තිබෙන බව වාර්තා වනවා.
 

මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ පළවූ වාර්තාවක සඳහන් වන්නේ බන්ධනාගාර නිලධාරීන් ද මීට සහාය දෙන බවයි.එම වාර්තාව පහතින් දැක්වෙනවා.


'ඔවුන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව වාර්තා වන්නේය. මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා ක්‍රම කිහිපයක්‌ තිබේ. එක්‌ ක්‍රමයක්‌ එස්‌. එෆ්. ලොකූට හිතවත් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙනි. දෙවැන්න කෑම පාර්සල්වලය. බත් පාර්සලය ඇතුළේ කුඩු, ගංජා, දුම් කොළ කුඩු යවන ක්‍රමය හරිම අපූරුය. අතිශය සූක්‍ෂමය. හිස්‌ අයිස්‌ පෙට්‌ටි දෙකක්‌ ගෙන එක පෙට්‌ටියක අඩිය කොටස කපා වෙන් කරන්නේය. 



සම්පූර්ණ හිස්‌ අයිස්‌ පෙට්‌ටියට 'මත්' අඩුම කුඩුම අතුරන්නේය. පසුව කපා ගත් අයිස්‌ පෙට්‌ටියේ අඩිය කොටසින් මත්ද්‍රව්‍ය පැකට්‌ ආවරණය වන්නට හොඳින් ඇළෙන සුළු ද්‍රව්‍යයකින් අලවා ගන්නේය. පසුව හිස්‌ අයිස්‌ පෙට්‌ටිය පිරෙන්නට කෑම පුරවන්නේය. බොහෝම අපූරුවට පාර්සල් කළ කෑම පෙට්‌ටිය ඥාතී, හිතවතුන් අතේ බන්ධනාගාරය තුළට යන්නේය. 


මේ තමන් ගෙන යන්නේ මත්ද්‍රව්‍ය සහිත කෑම පෙට්‌ටියක්‌ බව විසිට්‌ දැමීමට යන ඇතැම්හු නොදන්නාහ. මන්ද කෑම පාර්සල් කර රැඳවියන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට ලබාදෙන්නේ ඇතුළේ ඉන්න එස්‌. එෆ්. ලොකූගේ එළියේ හිතවතුන්ය. එසේ ගෙන එන කෑම පෙට්‌ටිය භාර ගැනීමට එස්‌. එෆ්. ලොකූලාට හිතවත් බන්ධනාගාර නිලධාරියකු වන බන්ටි සැදී පැහැදී පෙර මග බලා සිටින්නේය. 


එස්‌. එෆ්. ලොක්‌කාට 'මත් බත' විසිට්‌ වැටෙන්නේ බන්ටි රාජකාරියේ සිටින දිනවලදී පමණි. එස්‌. එෆ්. ලොකුගේ නමට එන කිසිම පාර්සලයක්‌ බන්ටි පරීක්‍ෂාවකින් තොරව ඇතුළට යවන්නේය. එමෙන්ම බන්ටි රාජකාරියේ යෙදී සිටින දිනවලදී ඕනෑ පදමට එස්‌. එෆ්. ලොකූට විසිට්‌ වැටෙන්නේය. බන්ටි රාජකාරියේ හිටියත් නැතත් එස්‌. එෆ්. ගේ සුවදුක්‌ බැලීමට බන්ධනාගාරයට එන ඕනෑම කෙනෙකුට විසිට්‌ දැමීමට තහනමක්‌ නැත. එහෙත් එම වරප්‍රසාදය සෙසු රැඳවියන්ට නැත. ඔවුන් අරඹයා බන්ධනාගාර නීතිය එලෙසටම ක්‍රියාත්මක වේ.'

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති