පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු
පසුගිය නවම් මහ පොහොය දින (ජනවාරි මස 31) හොරණ පාරේ සමන්පුර අතුරු මාර්ගයේ පිහිටි තම පලතුරු වෙළෙඳ සැලේ වෙළෙඳාමේ නිරතව සිටිමින් නීතිවිරෝධී අන්දමින් අරක්‌කු අලෙවිකරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය දක්‌වන “මෝටර් සයිකලය” ලකුණින් මහරගම නගර සභාවට තරග කරන අපේක්‌ෂකයාගේ මව පොලිස් භාරයට ගෙන තිබෙන පුවතක් කොට්‌ටාව පොලිසියෙන් වාර්තාවේ.

මෙම පලතුරු වෙළෙඳ සැලේ සෑම පොහොය දිනයකම මේ අයුරින් අරක්‌කු අලෙවිය සිදුකරන හෙයින් එමගින් ප්‍රදේශයේ සාමකාමී පරිසරයට මහත් බාධා සිදුවන නිසා මෙහි පදිංචිකරුවන්ගේ අකමැත්ත ඊට පළවී තිබූ හෙයින් තමන් මෙම දැනුම්දීම සිදුකරන බව එම අසල්වැසියා පොලිසියට සඳහන් කර තිබෙන බවද, එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම ඔත්තුව පරිදි කොට්‌ටාව හොරණ මාර්ගයේ ”සමන්පුර” අතුරු මාවතට හැරෙන මංසන්දියේ පිහිටා තිබෙන මෙම පලතුරු වෙළෙඳසැළ කොට්‌ටාව පොලිසියේ නිලධාරින් වටලනු ලැබූ අවස්‌ථාවේදී අලෙවියට තබා තිබූ අරක්‌කු බෝතල් සමඟ ඒවා අලෙවිකරමින් සිටි ජයන්ති රණසිංහ නමැති සැකකාරියද පොලිස් භාරයට ගෙන තිබේ. පොහොය දිනට පසුදින මහෙස්‌ත්‍රාත් හමුවට සැකකාරිය ඉදිරිපත් නොකර පොලිස් ඇප මත එම සැකකාරිය නිදහස් කර හැරීමට කොට්‌ටාව පොලිසියේ ස්‌ථානාධිපතිවරයා උසස් නිලධාරින්ගෙන් ලැබූ නීතිමය උපදෙස් මත කටයුතු කර තිබෙන බව, හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
– දිවයින
Comments
Post a Comment