ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී මරණයට පත්වී ඇත. “ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සියදිවි හානි කරගෙන ඇත අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි.
ෆිදෙල් කැස්ත්‍රෝෙග් වැඩිමහල් පුතු වන මොහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර ඇත.
මියයන විට කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපති ලෙසද සේවය කරමින් සිටියේය.

1980 – 1992 කාලයේ කියුබානු ජාතික න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා ලෙස කටයුතු කල මොහු න්‍යෂ්ටික බලාගාරයක් පිහිටුවීම කෙරෙහි පෙරමුණ ගෙන කටයුතු කළේය.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති