Posts

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

Image
කියුබාවේ හිටපු විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ පුත්‍රයා වන 68 හැවිරිදි කැස්ත්‍රෝ ඩයස් බැලරට් හවානාහිදී මරණයට පත්වී ඇත. “ෆෙඩලිටෝ“ යන නමින් ජනප්‍රියව සිටි මොහු සියදිවි හානි කරගෙන ඇත අතර ඔහු විෂාදය නම් රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙකි. ෆිදෙල් කැස්ත්‍රෝෙග් වැඩිමහල් පුතු වන මොහු කියුබානු රජයේ උපදේශකවරයෙකු වශයෙන් ද න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් ද සේවය කර ඇත. මියයන විට කියුබානු විද්‍යා ඇකඩමියේ උප සභාපති ලෙසද සේවය කරමින් සිටියේය.

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

Image
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් ආයනයේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන අද අළුයම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අර්ජුන් ඇලෝසියස්ගේ කොල්ලුපිටියේ පිහිටි නිවස හා කසුන් පලිසේනගේ වැල්ලවත්තේ පිහිටි නිවසට ඇතුළු වී ඇති රහස් පොලීසිය විසින් එම නිවාස පරීක්ෂා කිරීමකටද ලක් කර ඇත. ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව රහස් පොලීසිය විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අද දිනය ඇතුලත ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

Image
පසුගිය නවම් මහ පොහොය දින (ජනවාරි මස 31) හොරණ පාරේ සමන්පුර අතුරු මාර්ගයේ පිහිටි තම පලතුරු වෙළෙඳ සැලේ වෙළෙඳාමේ නිරතව සිටිමින් නීතිවිරෝධී අන්දමින් අරක්‌කු අලෙවිකරමින් සිටි මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය දක්‌වන “මෝටර් සයිකලය” ලකුණින් මහරගම නගර සභාවට තරග කරන අපේක්‌ෂකයාගේ මව පොලිස්‌ භාරයට ගෙන තිබෙන පුවතක්‌ කොට්‌ටාව පොලිසියෙන් වාර්තාවේ. කොට්‌ටාව හොරණ මාර්ගයේ සමන්පුර අතුරු මාර්ගයේ පදිංචිකරුවෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරක්‌ මත මෙම වැටලීම කොට්‌ටාව පොලිසිය විසින් සිදු කළ බව හෝමාගම සහකාර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම පලතුරු වෙළෙඳ සැලේ සෑම පොහොය දිනයකම මේ අයුරින් අරක්‌කු අලෙවිය සිදුකරන හෙයින් එමගින් ප්‍රදේශයේ සාමකාමී පරිසරයට මහත් බාධා සිදුවන නිසා මෙහි පදිංචිකරුවන්ගේ අකමැත්ත ඊට පළවී තිබූ හෙයින් තමන් මෙම දැනුම්දීම සිදුකරන බව එම අසල්වැසියා පොලිසියට සඳහන් කර තිබෙන බවද, එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

Image
ජිප්සීස් සංගීත කණ්ඩාමේ සුනිල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණේ ඊළඟ නායකයා වියහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක ගායන ශිල්පි මධුමාධව අරවින්ද මහතා පැවසීය. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ නාඩගම් මඩුවක් බවට පත්වී තිබෙන බවත්, අනාගතයේ එන විමුක්ති ගීතවලින් ඕයේ ඔජායේ යන වචන ඇසීමට පවා ඉඩ තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අතීතයෙදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළේ ගුණදාස කපුගේ වැනි කලා ශිල්පීන් බවයි.

මලික්-කබීර් බැදුම්කර මගඩියට සම්බන්ධ බව සාක්ෂීවලින් හෙළිවේ.. දඩුවම් නොදෙන්නේ ඇයි (Video)

Image
බැදුම්කර මගඩියට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් වන මලික් සසසමරවික්‍රම සහ කබීර් හෂීන් යන ඇමතිවරුන් සෘජුවම සම්බන්ධ වූ බවට ලිඛිත සාක්ෂිවලින් හෙළිව තිබියදීන් ඔවුන්ට දඩුවම් නොදෙන්නේ මන්දැයි දූෂණ විරොධි පෙරමුණ විමසයි. මාධ්‍ය හමුවක් අමතමින් එම පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ රවී කරුණානායක ඇමතිවරයා පමණක් බිල්ලට දී බැදුම්කර චූදිතයන් ඇග බේරා ගැනීමට සූදානම් වන බවයි.

බෙල්ලන්විල නාහිමියන් අපවත්වූයේ හෘදයාබාධයකින්.. ඇතෙකු පහරදුන් කතාව වැරදියි…

බෙල්ලන්විල රජමහා විහාරාධිපති, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අපවත්වූයේ ඇතෙකුගේ පහරදීමෙන් නොවන බවට වාර්තා වනවා. උන්වහන්සේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් විහාරස්ථානයේ දායකයන් සමග පවසා තිබෙන්නේ නාහිමියන් අපවත්වී තිබෙන්නේ හෘදයාබාදයකින් බවයි. ඊයේ උදෑසන විහාරස්ථානයේ සිටින ‘මියන් කුමාර‘ ඇතුට සියඹලා ලබා දීම සදහා නාහිමියන් ඇතු සිටි ස්ථානය ගොස් තිබෙන අතර, එම සත්වය එම ආහාර එකවරම ඩැහැගැනීමට යාම නිසා නාහිමියන් ඇතා සමීපයටම ඇදී ගොස් තිබෙන අතර, එම අවස්ථාවේ ඇතිවූ කලබලකාරී තත්ත්වය යටතේ නාහිමියන් අනතුරට පත්වී තිබෙනවා. එම සිද්ධියෙන් නාහිමියන්ගේ ඉල ඇට කිහිපයකට සහ පෙනහළුවලට දැඩි හානි සිදුවී තිබෙන බවයි පැවසෙන්නේ. සිද්ධියෙන් අනතුරු පූජ්‍ය විමලරතන නාහිමියන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, වැඩිදුර ප්‍රතිකාර සදහා ආසිරි ශල්‍ය රෝහල වෙත ගෙනගොස් තිබිණි.

රට්ටු කියන කතාවලට අකිලට ලැජ්ජ හිතෙයි.. ‘ලැප්ටොප් වන්නම‘ නිදහස් උත්සවයෙන් ඉවත් කෙරේ

ඉරිදා ගාලු මුවදොරදී පැවැත්වීමට නියමිත 70 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ලැප්ටොප් නැටුමෙන් ලැප්ටොප් ඉවත් කිරීමට උපදෙස් දුන් බව අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන් එම නර්ථනාගංගයට පුහුණුවෙමින් සිටි අතර එම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම නිසා සමාජයේ දැඩි වේවේචනයට හේතු විය. දුරේක්ෂ සහ ලැප්ටොප් පරිගණක අතැතිව කරන මෙම නර්ථනය ඉවත් කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ද උපදෙස් දී තිබෙන බව අමාත්‍යංශ උසස් නිලධාරියෙක්  පැවසීය. දීර්ඝ කාලයක් තිස්සේ පුහුණුවෙමින් සිටි නිසා අවසාන මොහොතේ නර්ථනය ඉවත් කිරීම ගැටළු සහගත බැවින් ලැප්ටොප් වෙනුවට ලෝක ගෝල අනුරුවක් අතැතිව නර්ථනය කිරීමට සැලසුම් කළත් ලෝක ගෝලයද නැටුමෙන් ඉවත් කිරීමට අවසානයේ තීරණය කර තිබේ. මෙම නර්ථනය වෙනුවෙන් එම පිරිසම යොදාගෙන වෙනත් නර්ථනයක් සිදු කරනු ඇති බවත්, ඒ සියල්ල අධීක්ෂණය කරන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් බවත් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.