gossiplankanews- “එකම පීල්ලේ” ගිහින් අලුත්ගම දී ආයිත් හප්පා ගෙන
තෙල් ටැංකි දුම්රියක් අලුත්ගම දුම්රිය ස්‌ථානයේ දෙවැනි වේදිකාවේ නවතා තිබූ බලවේග දුම්රියක පසුපස ගැටීමෙන් එම බලවේග දුම්රියෙන් මැදිරි දෙකක් පීලි පැන ඇති අතර මේ හේතුවෙන් ඊයේ (7 දා) මාතර සිට කොළඹ බලා පැමිණෙන කාර්යාල දුම්රියවල තරමක ප්‍රමාදයක් ඇතිවිණි.අනතුර සිදුවන අවස්‌ථාවේදී එම ටැංකිවල ඉන්ධන තිබී නැත. මෙම අනතුර ඊයේ (7 දා) අලුයම එකට පමණ සිදුව තිබේ. ගාල්ල සිට පැමිණි හිස් තෙල් ටැංකි සහිත දුම්රිය ඊයේ (7 දා) අලුයම 3.50 ට අලුත්ගම සිට කොළඹ බලා ධාවනය කිරීම සඳහා නතර කර තිබූ 304 දරණ බලවේග දුම්රියෙහි පසුපස ගැටී ඇත.