Posts

Showing posts from June, 2014

gossiplankanews.com- අමාත්‍යංශයට ඇතුල් වුනේ බොදු බල සේනා කියා හඳුනා ගන්න බෑ'

Image
අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ භික්ෂූන් වහන්සේ කර්මාන්ත හා වාරිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ලවී ඇති බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය මෙම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීයි.

gossiplankanews.com- ලෝක ක්‍රිකට් සංචාර සැලසුමෙහි ශ්‍රී ලංකාවට තැනක්

Image
මෙල්බර්න් නුවර පැවැත්වුණු ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ(ICC) ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඉදිරි වසර දහය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර කාලසටහනට අනුමැතිය පළ වුණි. ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව විසින් ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පූර්ණ බලතල පවරා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුළු දිළිඳු රටවලට ඒ රටවලින් සංචාර නො ලැබෙනු ඇතැයි අදහස් පළ වෙමිනුයි තිබුණේ. “ඉදිරි වසර දහය ඇතුළත ශ්‍රී ලංකාවට තරඟ නොලැබීමේ අවදානමක් තිබුනා. නමුත් එවැනි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවක් පෙනෙන්න නැහැ. ශ්‍රී ලංකාවට සෑහෙන තරම් තරඟ ලබා දී ඇති බවකුයි පෙනෙන්නේ” චන්නක ද සිල්වා පවසයි.එහෙත් ඇතැම් විචාරකයන් බලාපොරොත්තු වුවාටත් වඩා ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩා සංචාර ලැබී තිබෙන බවයි, ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වා සංදේශයට කියා සිටියේ.

gossiplankanews.com- නුවරඑළිය ගැහැණු 26% පදමට මත්පැන් බොනවා

Image
හැටන්-දික්ඔය නගරාධිපති අලගමුත්තු නන්ද කුමාර මහතා පෙන්වා දෙන්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගෙන් 26% දෙනෙකු මත්පැන් පානයට යොමුවී ඇති බවයි. අද වනවිට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ දරුවන්ගෙන් මන්දපෝෂණය 40% දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, පිරිසිදු පානීය ජලය ලැබෙන්නේ 7% කට පමණක් බවත් ඒ මහතා පැවසුවේ ළමා පෝෂණය පිළිබද දෙමාපියන්  දැනුවත් කිරීමට හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති වැඩමුළුවකදීය. ‘දිස්ත‍්‍රික්කයේ මන්දපෝෂණය පහත දැමීමට අපි කටයුතු කළ යුතුයි. මෙම මන්දපෝෂණය හේතුවෙන් මෙම දිස්ත‍්‍රික්කයේ දරුවන් විවිධ ආබාධවලට ලක් වීමට ඉඩ තියෙනවා. මේ පිළිබද මෙම දෙමාපියන් සිතා බැලිය යුතුයි.

gossiplankanews.com- උතුරේ මැතිවරු ගිනි අවි සහ වෙඩි තියන්න අවසර ඉල්ලයි

Image
මහජන නියෝජිතයන් ලෙස තමන්ට රජයෙන් ආරක්ෂාව සැපයීමට නොහැකි නම් තමනට ආරක්ෂාව සදහා අවිආයුධ ලබාදෙන ලෙස උතුර පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිදරන් ඉල්ලා සිටී. තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 38 දෙනෙකුට සපයා තිබූ පොලිස් ආරක්ෂාව මේ වන විට ඉවත්කර ඇති බව ඇය සදහන් කරයි. තමන්ට පොලිස් ආරක්ෂාව තවදුරටත් ලබාදිය නොහැකි නම් ආයුධවලට අමතරව හදිසි අවස්ථාවක ආයුධ භාවිත කිරීම සදහා අනුමැතියද අවශ්‍ය බව ඇය පොලීසිටෙන් ඉල්ලීමක් කර තිබේ.

gossiplankanews.com- බීබීසී සුද්දාටත් ඉංග්‍රීසි වරදී… (PREPARE FOR RAPE)

Image
මාධ්‍ය කලාවේ ඔස්‌තාර්ලා වන බීබීසී එකටත් පසුගියදා ලොකු වැරැදීමක්‌ සිදු විය. බීබීසී-1 නාලිකාවේ රාත්‍රී ප්‍රවෘත්ති අවසානයේ කාලගුණය ගැන වාර්තා කරද්දී තිරයේ අකුරු වැටුණේ ,”PREPARE FOR RAPE” (ප්‍රිපෙයාර් FOR රේප්) යනුවෙනි. එහි තේරුම “ලිංගික අතවරයකට සූදානම් වෙන්න” කියාය. නමුත් බීබීසී එකට කිව යුතුව තිබී ඇත්තේ “PREPARE FOR RAIN”, කියාය. එනම් “වැස්‌සට සූදානමින් සිටින්න” යනුවෙනි.

gossiplankanews.com- මළ සිරුරකින් දස ලක්ෂයක් සොයාගත් විජේකාන්ති

Image
සමාජ සංවර්ධනය සහ පෝෂණයට ගුණධර්ම නැමැති සාධකය ඉහළ අගයක් ගනු ලැබේ (විජේකාන්ති). ජන සමාජයේ පැවැත්ම සදාචාර හා යහපත් ගති ලක්ෂණයන්ගෙන් වර්ධනය වූයේ ගුණ ධර්ම ගරු කළ පිරිසක් ඈත අතීතයේ සිටම අපේ ඉතිහාසය වර්ණවත් කළ බැවිනි. ගරා වැටෙන – දිරාපත් වන මනුස්සකම හමුවේ ඉතා අගය කළ යුතු මෙහෙවරක් කළ රජයේ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ පිරිසක් හමුවීමේ දුර්ලභ අවස්ථාවකට අපි මුහුණ දුනිමු. පසුගිය 22 දින අලුයම බළංගොඩ ගොරකහමඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වු මුස්තාපා හමීෂා (49) මහතාත්, ඔහුගේ බිරිද සිද්ධිනා ෆරීනා (48) මහත්මියත් ව්‍යාපාරික කටයුත්තකට දෙනියාය බලා ගමන් අරඹන ලදී.

gossiplankanews.com- ලාංකික ? ද්‍රවිඩ ජාතිකයන් 153 දෙනෙක් සමග බෝට්ටුවක් ක්‍රිස්මස් දුපත ළඟ ගිලෙමින් පවතී

Image
සරණාගතයන් ලෙස ඔස්‌ටේ්‍රලියාව බලා යාත්‍රා කළ ද්‍රවිඩ ජාතිකයන් 153 දෙනකු රැගත් බෝට්‌ටුවක්‌ ජල කාන්දුවක්‌ නිසා ක්‍රිස්‌මස්‌ දූපත ආසන්නයේ මුහුදේ ගිලෙමින් පවතින බව විදෙස්‌ මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ සිට පැමිණි මෙම බෝට්‌ටුවේ කාන්තාවන් 32 දෙනකු ද දරුවන් 37 දෙනකු ද සිටින බව එම බෝට්‌ටුවේ සිට ගොඩබිමට පැමිණි දෙදෙනකු විදෙස්‌ මාධ්‍ය වෙත හෙළිකර තිබේ. ඔස්‌ටේ්‍රලියාව බලා පැමිණි මෙම සරණාගතයන් එරට ආණ්‌ඩුව විසින් ක්‍රිස්‌මස්‌ දූපත බලා පිටත්කර යෑවීමේදී මෙලෙස අනතුරට ලක්‌ව ඇත.

gossiplankanews.com- ඤාණසාර හිමි රහස් පොලිසියේ

Image
අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් අලූත්ගමදී කල ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි. අලූත්ගම පැවති සමුළුවේදී එහිමියන් විසින් කරන ලද ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියා මාර්ග කවරේ දැයි කල විමසීමකදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මේ බව පැවසී යයි සේනාරත්න මහතා කීය.

gossiplankanews.com- 26 වසරකට කලින් දුටු අවතාරය නැවත මුණ ගැහිලා

Image
ඒ එක් දහස් නවසිය අසූ අට වසරය (අවතාරය). තරුණ විය පසු කළ බොහොමයකට තවමත් හොඳින් මතක ඇති පරිදි එය අප රට තුළ භීෂණය රජවී තිබූ ‘නාඳුනන තුවක්කුකරුවා’ගේ යුගයේ ඇරඹුමය. නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම පාහේ ගිලිහී තිබූ ඒ යුගයේ දිවා රාත්‍රී භේදයකින් තොරව එහා මෙහා හුවමාරු වෙමින් තිබූ නාඳුනන තුවක්කු කටවලින් නිකුත් වූ වෙඩි උණ්ඩ ජනතාවට සුලබ අත්දැකීම් විය. එමෙන්ම එම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ හිංසකයන් සේම අහිංසකයෝ දස දහස් ගණනින් මරු වැළඳ ගත්හ. වෙඩි තබා මරා දැමූවන්ගේ සිරුරු මහපාරවල් අද්දර පිළිස්සෙමින් තිබූ අතර ඒවායින් නැගුණු දුගඳින් දිවයිනේ බොහෝ ප්‍රදේශ පිරීයන්නට විය. එම බිහිසුණු කාලය වන විට මම තාරුණ්‍යයේ අවසන් භාගය පසුකරමින් සිටියෙමි. ඒ කාලයේ මගේ පූර්ණකාලීන වෘත්තීය පත්‍ර කලා දිවියට සය වසරක් සපිරී තිබිණ. ඒ වන විට විවාහ වී වසර දෙකක සිඟිත්තකුගේ පියකු වුවද එකල බොහෝ තරුණ පත්තරකාරයන් තුළ තිබූ හිතුවක්කාර දඩබ්බර ගතිය මා කෙරෙහි ද නොඅඩුවම පිහිටා තිබිණ. නුවර යාමට ගෙදරින් පිටවන මට අතරමගදී හමුවන මිතුරකු කුමක් හෝ හේතුවක් දක්වා මාතර යාමට කතා කළහොත් මගේ නුවර ගමන මාතරින් කෙළවර වීම දක්වාම ඒ හිතුවක්කාරකම බරපතළ විය. හොල

gossiplankanews.com- මුස්ලිම් කොංග්‍රසයේ 4ක් ආණ්ඩුවට පනින්න ඔන්න මෙන්න…

Image
අලුත්ගම හා බේරුවල සිදුවීම් මුල්කරගෙන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් අතර බෙදීමක් ඇතිව තිබෙන බවත්, එම මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ආණ්ඩුවට එක්වීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.පසුගිය දිනවල ඇතිවූ සිදුවීම් නිසා තවදුරටත් මුස්ලිම් කොංග්‍රසයට ආණ්ඩුවේ රැඳී සිටිය නොහැකි බවට මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් ඉදිරිපත් කර

gossiplankanews.com- A Youth Who Attacked A Police Officer in Divulapitiya Dies

Image
mdf¾ hoaÈ msiaf;da, Èlalr.;a fmd,sish fjä;nd urKhg fmr o¾Yk fmd,sisfha wju n,h .ek miq.sh ld,fha ixjdohla we;sjqfha iufi!LH Woaf>daIlhskag m%ydr t,a,lsÍfï isoaêhlska miqh' wk;=rej miahdf,a mqoa.,fhl= ksrmrdfoa fmd,sia fjä myßka ureÿgq isoaêhla jd¾;d jqKd' ±ka Èjq, msáfhkq;a fmd,sia fjä ;eîulska ;reKfhl= ñhf.dia we;' tu fjä ;eìu isoaOjkakg állg fmr leurdjlska ùäfhda lrñka jdykhl .uka .ksñka isá wfhl=g isoaêhg wod< fmd,sia ks,Odßhd mdf¾ msiaf;da,hla Èlalrf.k isák úr, oiqk ùäfhdajg k.d.kakg yelsjqKd' fuu ia:dkfha§ fmd,sish ;reKfhl=g fjä ;enQ nj;a fjä ;eîfuka wk;=rej ;=jd ,enQ ;reKhd Èjq,msáh Èid frday,g we;=<;a l< w;r miqj Tyq Ôú;laIhg m;ajQ nj;a jd¾;d jqKd' Tyq msyshlska fmd,sishg wkskakg wd  l;djlao lshejqKd'

gossiplankanews.com- අක්කාගෙන් පලිගන්න නංගිව දුෂණය කරලා

Image
සියඹලාණ්‌ඩුව දණගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු විසින් ලාබාල දැරියක නිත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස්‌ දූෂණය කර ඇති අතර එම තරුණයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු 31 හැවිරිදි වියේ පසුවන අයෙකි. අපහරණයට ලක්‌වූයේ ඉගිනියාගල දේවාලේගම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියකි. සැකකරු මීට පෙර අතවරයට ලක්‌වූ දැරියගේ අක්‌කා සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති අතර පසුව ඇය වෙනත් තරුණයකු සමග හොර රහසේ පලාගොස්‌ ඇත. ඊට පසු සැකකරු තම පෙම්වතියගේ නැගණිය සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන ඇති අතර ඇය රවටා ගෙනවිත් ඉකුත් 18 දින බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌කර ඇත.

gossiplankanews.com- පොසොන් පෝ දින හක්‌කපටස්‌ කෑ ගවයාට ගිය කල…

Image
සැමට මෛත්‍රිය පැතිරිය යුතු පොසොන් පෝය දිනයේදී ඌරන්ට දමා තිබූ “හක්‌කපටස්‌” නමැති පුපුරණ ද්‍රව්‍යයක්‌ සැපීම නිසා යටි හඟුරන්කෙත ආර්. එම්. රන්බණ්‌ඩා නමැති අයගේ ගවයාගේ හොම්බ මුළුමනින්ම විනාශ වී ඇති අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ. ගවයාට කිසිදු ප්‍රතිකාරයක්‌ කළ නොහැකි හෙයින් ක්‍ෂණීක මරණය අත්වන එන්නතක්‌ විදීමට පශු වෛද්‍ය නිලධාරීන් කටයුතු කරන ලදී. වල් ඌරන් දඩයම් කිරීම සඳහා හඟුරන්කෙත, උඩවත්ත, කොට්‌ටල, වැවතැන්න ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙක්‌ මෙසේ “හක්‌කපටස්‌” යොදාගන්නා බව හඟුරන්කෙත පොලිසිය පවසයි.

gossiplankanews.com- වටරැක හිමි මානසික වෛද්‍යවරයෙකු හමුවට

Image
(වටරැක)දැනට කොළඹ ජාතික රෝහ‍ලේ 17 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන වටරැක විජිත හිමියන්ට මානසික රෝගයක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා එම වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා උන්වහන්සේව මානසික විශේෂඥ වෛද්‍යවරයකුට ඊයේ දින යොමු කර තිබේ. පසුගිය 19 වනදා උන්වහන්සේ රෝහලට ඇතුලත් කරනු ලැබුවේ පැහැරගැනීමට ලක්ව තුවාල සහිතව වුවත් පසුව එය රඟපෑමක් බවට පොලිස් පරීක්ෂණ ඔස්සේ තහවුරු විය.

gossiplankanews.com- හර්තාල් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ශරියා නීතිය නිසාද

Image
(හර්තාල්)පසුගිය දිනවලලංකාව පුරා සිවිල් මුස්ලිම් ජනතාව පාරවල් අවහිර කරමින් පැවැත්වූ හර්තාල් ව්‍යාපාරවලට එරෙහිව මෙරට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ප්‍රශ්න කර සිටී. එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ අස්සනින් මේ ලිපිය යවා තිබේ. බෞද්ධ ජනතාවගේ සාමකාමී රැස්වීම් විරෝධතා තහනම් කරමින් උසාවි නියෝග නිකුත් කරන මෙරට නීතිය මුස්ලිම් විරෝධතාකරුවන්ට බල නොපවත්වන්නේ ඔවුන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන නිසා දැයි එම ලිපියෙන් උන්වහන්සේ විමසා සිටී. අලුත්ගම සිදුවීමෙන් පසු බෞද්ධ ජනතාව හා බෞද්ධ සංවිධාන පැවැත්වීමට සූදානම් වූ මාවනැල්ල, රුවන්වැල්ල, බදුල්ල, මහියංගණ බෞද්ධ වැඩසටහන් තහනම් කර සිටියේ රට තුළ සාමය, ආගමික සහජීවනය, පවත්වා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් නොවේදැයි සෝභිත හිමියෝ එම ලිපියෙන් විමසති. එම සාමකාමී තත්ත්වය පවත්වා ගැනීම සඳහා මුස්ලිම් ආගමික සංවිධානවලට අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට එරෙහිව එම නීතිය ක්‍රියාවට නොයෙදෙන්නේ මේ රට තුළ රටේ නීතියට ඉහළින් ෂරියා නීතිය ක්‍රියාත්මක වන නිසා දැයි උන්වහන්සේ විමසති.

gossiplankanews.com- මඩකලපුවේ සමුහ මිනීවල 'යලි ගොඩ දාන්න'

Image
පරීක්ෂණ කොමිසමේ නියෝජිතයන් මිනීවල ඇතැයි පැවසෙන ස්ථාන නිරීක්ෂණය කල අයුරු වසර විසි හතරකට පෙර මඩකලපුව කුරුක්කල්මඩම් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන, මුස්ලිම් ජාතිකයන්ට අයත් මිනීවලක් බවට හඳුනා ගෙන ඇති ස්ථානයක් යලි ගොඩ දැමීම සඳහා මීළඟ අඟහරුවාදාට කටයුතු යොදන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

gossiplankanews.com- නාමල් අලුත්ගම විපතට පත් ජනතාව හමුවෙයි

Image
ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමුවූ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අලුත්ගම හා දර්ගා නගරයේ ගැටුම් වලින් හානියට පත් ජනතාව හමු වෙති. එම ප්‍රදේශවල පැවති ගැටුම් හේතුවෙන් හානියට පත් දේපළ හා එහි ප්‍රමාණය සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ බවයි පැවසෙන්නේ.

gossiplankanews.com- හිතුවක්කාර මෝටර් රථ තරඟ වැරදියි - අනුනාහිමියෝ

Image
මහනුවර දළදා නගරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති රාත්‍රී මෝටර් රථ සැණකෙළිය නතර කරන්නැයි තමන් මහානාහිමිවරුන් විසින් කරන ලද ඉල්ලීමට සවන් දීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යුතුකමක් බව මල්වතු පාර්ශවයේ අනුනාහිමියෝ පවසති. එම විරෝධයට කන් නොදී සැණකෙළිය පැවැත්වීමට කටයුතු කිරීම "අත්තනෝමතික, වැරදි වැඩක්" බවයි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් බීබීසී සංදේශයට කියා සිටියේ.

gossiplankanews.com- මැතිව්ස්ගේ නායකත්වය ජයග්‍රහණයට හේතුවය් - සංගක්කාර

Image
ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ විශිෂ්ට නායකත්වය හා තුන් ඉරියව්වේන්ම ඔහු දැක්වූ දක්ෂතා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ඉවහල්වූ ප්‍රධානතම හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර පවසනවා "මැතිව්ස් පෙන්නුවා ඔහු විශිෂ්ට දක්ෂතා ඇති තරුණයෙක් කියලා" යනුවෙන් සංගක්කාර පැවසුවා තරගයේ ස්වභාවය සම්පුර්නයෙන්ම වෙනස් කල මැතිව්ස්ගේ පළමු ඉනිමේ කඩුලු හතර සහ දෙවන ඉනිමේ ශතකය නිසා ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවුණා."අපට වාසි හා අවාසි අවස්ථාවලදී ඔහු මේ තරගාවලියේ අපව මෙහයවූ ආකාරයෙන්ම පේනවා ඔහුගේ තීක්ෂණ බුද්ධිය හා නායකත්වයේ ගති ලක්ෂණ"

gossiplankanews.com- වටරැක හිමි රඟපෑ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කාගේද?

Image
වටරැක විජිත හිමියන් මුළුමනින්ම සිදුකර තිබෙන්නේ ‘රඟපෑමක්’ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා 22 වැනිදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් පැවැසීය. අජිත් රෝහණ මහතා පවසන ආකාරයට එය හුදෙක් රඟපෑමක් නම් වටරැක විජිත හිමියන් සිදුකර තිබෙන්නේ මාරක ළිඳේ මෝටර් සයිකලයක් පදිනවා වැනි ඉතා අවදානම් සහගත ක්‍රියාවකි. එය වෙනත් පැත්තකට පෙරැළී ගියේ නම් මේ වනවිට භික්ෂු, භික්ෂූන් අතරේ සහ රටේ සිංහල මුස්ලිම් ජාතීන් අතරේ දැවැන්ත ගැටුමක් නිර්මාණය වී හමාරය. මුළු රටේම කඩ සාප්පු දේ‍පොළ ගිනි ගන්නට ඉඩ තිබුණි. විශාල මිනිස් සංහාරයක්ද මේ වනවිට සිදුවෙමින් තිබෙන්නට ඉඩ තිබේ. එබැවින් වටරැක විජිත හිමියන්ගේ ක්‍රියාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි ක්‍රියාවක් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. මහියංගණය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමියන් ඉකුත් 18 වැනිදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහරදී අත්පා බැඳ සිරුර පුරා කැපුම් තුවාල සිදුකොට බණ්ඩාරගම හිරන පාලම අසල දමා ගොස් තිබිණ.

gossiplankanews.com- ලංකාවේ ශ්‍රමිකයන් ආසියාවේ අංක 1ට

Image
ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ගේ නිපුණතා සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ඇරැඹීම සදහා ඩොලර් ලක්ෂ 1015 ක (රුපියල් ලක්ෂ 132965) ආධාර ප්‍රධානය කිරීමට ලෝක බැංකුව සැරසේ. දකුණු ආසියාවේ රටවල ශ්‍රමිකයන් අතරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්    අධ්‍යාපනයෙන් හා හැකියාවන්ගෙන් ඉහළ මට්ටමක සිටින බව ලෝක බැංකුව හදුනාගෙන තිබේ. සංඛ්‍යාලේඛන   අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 96 ක් ප්‍රාථීමික අධ්‍යාපනය ලැබ අවසන් කරන අතර සියයට 87 ක් ද්විතියීක අධ්‍යාපනයද ලබන්නෝය.

gossiplankanews.com-ක්‍රිස්තියානි භක්තිකයෙකු වුන නිසා මරණ දඬුවම දුන් ඉස්ලාම් කතට නිදහස ලැබේ

Image
ඉස්ලාම් ලබ්ධිය අත්හැර වෙනත් ආගමක් ඇදහීමේ වරදට මරණ දඬුවමට ලක්ව සිටි ජෝර්දාන කාන්තාවක් ජාත්‍යන්තර බලපෑම් හේතුවෙන් හිරෙන් නිදහස් කර ඇති බව බී.බී.සී.ය පවසයි. මේරියෑම් ඉබ්‍රාහිම් ලෙස පසුගිය කාලයේදී විදෙස් මාධ්‍යවල විශේෂයෙන් කතාබහට ලක්වූ මේ කාන්තාව සම්බන්ධ නඩු තීන්දුව විවිධ පාර්ශ්වවල විවේචනයට ලක්විය. කෙසේ වෙතත් ඇයට පනවා තිබූ මරණ දඬුවම අභියාචනාධිකරණයේදී යළි සලකා බැලුණු අවස්ථාවේදී මේ ආකාරයෙන් ඇයට යළිත් වරක් නිදහස හිමිවී ඇති බව කියැවෙයි.

gossiplankanews.com-රුපියල් කෝටි 68 කුඩු අයිතිකරු “සිද්දික්” බව හෙළිවේ

Image
පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් ඉකුත් 11 වැනිදා කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රුපියල් හැට අටකෝටියක්‌ වටිනා හෙරොයින් තොගය ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන ‘සිද්දික්‌’ නමැත්තාට අයත් ඒවා බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. මේ වන විට සිද්දික්‌ නමැත්තා ඩුබායි හි සැඟවී සිටින අතර මොහු එහි සිට මෙම හෙරොයින් ජාවාරම මෙහෙය වන බවද අනාවරණය වී තිබේ.

gossiplankanews.com- බෞද්ධයන් ඉඳිකළ ඉස්ලාම් පල්ලිය..ලොකු හාමුදුරුවෝ විවෘත කරයි

Image
කල්එළියේ අලූතින් ඉදි කරන ලද අල්මස්ජිඞ් සුභාෂානි ජුම්මා පල්ලිය විවෘත කිරීම ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ද සහභාගිත්වය ඇතිව පසුගියදා සිදු කෙරිණි. නව පල්ලිය විවෘත කරමින් එය ජනතා අයිතියට පත් කිරීම පිළිබඳ ප‍්‍රකාශය පල්ලි භාරකාර මණ්ඩලයේ ප‍්‍රධාන භාරකාර අල්හාජ් එම්.ටී. කමර්ඞීන් මහතා කියවීය. ඒ.එල්.එම්. අලියාර් මෞලවිතුමන් විසින් කුරාණයේ පාඨ කියවා ආගමික වතාවත් කරනු ලැබීය. මේ අවස්ථාවට වැඩම කළ මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ධර්මාචාර්ය රූපහ සෝරත හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

gossiplankanews.com- ක්‍රිකට්: ශ්‍රී ලංකාව ජයග්‍රහණය අබියස

Image
රට තුල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියකින් පළමු වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වීමේ අභියෝගයට මුහුණ දී සිටිති. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 457ක් ලබා ගැනීමට සමත් විය.

gossiplankanews.com- මඩකලපුවේ සමුහ මිනීවල 'යලි ගොඩ දාන්න'

Image
පරීක්ෂණ කොමිසමේ නියෝජිතයන් මිනීවල ඇතැයි පැවසෙන ස්ථාන නිරීක්ෂණය කල අයුරු වසර විසි හතරකට පෙර මඩකලපුව කුරුක්කල්මඩම් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන, මුස්ලිම් ජාතිකයන්ට අයත් මිනීවලක් බවට හඳුනා ගෙන ඇති ස්ථානයක් යලි ගොඩ දැමීම සඳහා මීළඟ අඟහරුවාදාට කටයුතු යොදන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

gossiplankanews.com- මෝටර් රථ ධාවන තරඟවලට මහානායක අනුමැතිය

Image
මෙවැනි සැණකෙළියක් 'නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකරයි' යලිත් වරක් මෝටර් රථ ධාවන තරඟ මහනුවර නොපවත්වන බවට සංවිධායකයන් ප්‍රතිඥා දුන් බැවින් මේ සති අන්තයේ එම තරඟ පැවැත්වීමට අනුමැතිය පළ කළ බව අස්ගිරි මහ නාහිමියෝ පවසති. එළැඹෙන සති අන්තයේ රාත්‍රී මෝටර් රථ තරඟ පැවැත්වීම පිණිස දැනටමත් විශාල මුදලක් වැය කොට ඇතැයි සංවිධායකයන් තමන්ට දැනුම් දුන් බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාමියෝ, එබැවින් මේ වතාවේ පමණක් එම තරඟ මහනුවර පැවැත්වීමට සිය අනුමැතිය පළ කළ බව සඳහන් කළහ.

gossiplankanews.com- මත්තල ගුවන් තොටුපොළේ ඉන්ධන පර්යන්තය ජනපති විවෘත කරයි

Image
මත්තල ගුවන් තොටුපොළේ ඉන්ධන මෙහෙයුම් පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට ටික වේලාවකට පෙර විවෘත කර තිබේ.   අනතුරුව, ගුවන් යානාවලට ඉන්ධන ලබාදීමේ කටයුතු සංකේතවත් කරමින් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකට ඉන්ධන පොම්ප කරනු ලැබුණි.  ලොව දැනට භාවිත කරන ඕනෑම ගුවන් යානයකට ඉන්ධන ලබාදිය හැකි අයුරින් මෙම ඉන්ධන මෙහෙයුම් පර්යන්තය සකසා තිබේ.  මේ අතර මාගම්රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ තෙල් ගබඩා සංකීර්ණය සහ නෞකා තෙල් පර්යන්තය විවෘත කිරීම ද ජනාධිපතිවරාය අතින් සිදුවිය. 

gossiplankanews.com- පකිස්ථානයේ අනවසරයෙන් සිටියැයි ලාංකිකයෙක් අල්ලයි

Image
නීති විරෝධීව පකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.   පොලිස් නිලධාරින් 700 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පකිස්ථානයේ කයිබර්, පක්ටුන්ක්වා ගෝත්‍රික ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  එම ගෝත්‍රික ප්‍රදේශයේ හයටාබාද් ගම්මානයේ සිටින පුද්ගලයින් වැඩිදෙනෙකු ව්‍යාජ අනන්‍යතා වාර්තා ඉදිරිපත් කරමින් රැදී සිටින පිරිස් බව වාර්තා වේ.  මේ හේතුවෙන් අදාළ ගම්මානවල පදිංචි වන පුද්ගලයින්ට එම ගම්මානය අයත් පොලිස් බල ප්‍රදේශයේ නීත්‍යානුකූලව ලියාපදිංචි විය යුතු බවට පකිස්ථාන රජය විසින් නව නීතියක්ද පනවා ඇත.

gossiplankanews.com- නැව් එනවාට වඩා තියෙන්නේ උත්සව - කැබිනට්ටුවෙත් මල්ලව පොර සටන්!

Image
හම්බන්තොට වරායට නැව් එනවාට වඩා එහි ඇත්තේ උත්සව බවත් එම උත්සව ගැන රුපියල් කෝටි ගණනින් වියදම් කර ප්‍රචාර සිදුකරන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.   කොළඹදී අද (23) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටි‍යේය.  එහිදී ඔහු කියා සිටියේ හම්බන්තොට වරායේ පතුළ බැලීමට මෙන්ම දියවර මුදහැරීමට ද උත්සව සංවිධානය කළ බවයි.  මේ නිසා නැව් එනවාට වඩා ඇත්තේ රුපියල් කෝටි ගණන් වැය කර පවත්වන මාධ්‍ය සංදර්ශන හා උත්සව පමණක් යැයි මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.  ආණ්ඩුව දැන් යන ගමන සුබ නැති බවත් ආණ්ඩුවත් ගිළෙන ආකාරයක් දක්නට ඇති බවත් හෙතෙම කියා සිටියේය. 

gossiplankanews.com-අම්බලන්තොට පැනෝරා කප්පිත්තා මාට්ටු - වංචාව කෝටි 15යි

Image
අම්බලන්තොට නගරයේ පැනෝරා නමින් මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 15ට අධික මුදලක් වංචා කළ ජයසිංහ මහවඩිගේ සෝමලාල්, අවුරුදු 33 යන සැකකරු තංගල්ල කොට්ඨාස විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති ඔහු අද දින හමිබන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  මෙම සැකකරුට විරුද්ධව එම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ 226 දෙනෙකු අම්බලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.  පැමිණිලි කර නොමැති සංඛ්‍යාව මීටත් වඩා වැඩි බව දැන ගැනිමට ඇත. 

gossiplankanews.com-මුලතිව් අතුරුදන් වූවන් ගැන පැමිණිලි විමර්ශන ජූලි මුලදී

Image
මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය ලබන මස මුල් සතියේ දී සිදුකරන බව අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව පවසයි.   එහි ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සඳහන් කළේ ලබන මස පස් වැනිදා සිට අට වැනිදා දක්වා එම විමර්ශන කටයුතු සිදුකරන බවයි.  ජූලි මස 5 සහ 6 යන දිනවලදී පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ විමර්ශන කටයුතු සිදුකරන අතර 7 සහ 8 යන දිනවලදී මැරිටයිම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය. 

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

Image
ශ්‍රී ලංකා රජයට සම්බන්ධ දෙස් විදෙස් ආයතන ගණනාවක නිල වෙබ්  අඩවිවලට අනවසරයෙන් ඇතුළුවී ඒවායේ පාලනය සියතට ගැනීමට ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව රජයට තොරතුරු අනාවරණය වී තිබේ. ඔපරේෂන් ශ්‍රී ලංකා නමින් හඳුන්වා ගන්නා මෙම කණ්ඩායම (Hackers) ශ්‍රී ලංකා රජයේ වෙබ්  අඩවි 352කට බලෙන් ඇතුළු වී දත්ත සොරා ගත් (හැක් කළ) බව ඔවුන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.බේරුවල සහ අලුත්ගම ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට එරෙහිව සයිබර් යුද්ධයක් ඇරඹූ බව මෙම කණ්ඩායම එම ගිණුමේ දක්වා තිබේ.

gossiplankanews.com- ආහාර පුජාව දෙන මොහොතේ හිමිනමක් තුන්හැවිරිදි දරුවා අපයෝජනය කරලා

Image
(ආහාර)ඇහැලියගොඩ ප‍්‍රදේහයේ විහාරස්තානයක භික්‍ෂුන් වහන්සේ නමක් තුන් හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කලේ දැරියගේ මව ගුටි ඇණ පොලීසියට භාරදී තිබේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහු දින 14ක් බන්ධනාගාර ගත කර ඇත. තම මිත්තණිය සමග විහාරස්ථානයට දහවල් දානය රැගෙන ගොස් බුදුන් උදෙසා ආහාර පූජාව සිදු කළ අවස්ථාවේ මෙම අපයෝජනය සිදුව ඇති බව සදහන් වේ. දැරිය අපයෝජනය කරන අයුරු ඇයගේ ආච්චි දුටු බව පොලීසියට වාර්තා වීමත් සමග චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

gossiplankanews.com- “මගේ මරණයෙන් මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් මම එයටත් සුදානම්” – ඤාණසාර හිමි

Image
තමන් වහන්සේගේ මරණයෙන් ප‍්‍රශ්ණය විසඳෙනවා නම් ඊට මුහුණ දෙන්න සූදානම් යයි බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ කියති. එම සංවිධාන මූලස්තානයේදී මාධ්‍ය අමතමින් එහිමියෝ මෙසේද පැවසූහ. යැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද කීහ. ‘අපේ ඝණ්ඨාරේ මෙච්චර සද්දෙ මෙතැන ලොකු ප‍්‍රශ්ණයක් තිබෙන නිසයි. මාව මරලා හෝ අත් අඩංගුවට අරගෙන හෝ මගේ චරිතය ඝාතනය කරලා හෝ මේ ප‍්‍රශ්ණය විසඳෙනවා නම් රට වෙනුවෙන් එයට මුහුණ දෙන්න මා සූදානම්.

gossiplankanews.com- ගිනි ගැනීමෙන් “නෝ ලිමිට්” මල්ල කරේ,අලාභය කෝටී 30ක්

Image
(ගිනි)පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත. මෙම ආයතනය මෙරට ප‍්‍රමුඛ පෙලේ රක්‍ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්‍ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි. මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළඳ සලේ සේවකයන් 12 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.

gossiplankanews.com- පාකිස්තාන ආණ්ඩු විරෝධීන්ට කඳුළු ගෑස්

Image
තහිරුල් ක්වාද්රිගේ මුලිකත්වයෙන් පවත්වන ලද රැළියක් පාකිස්තානයේ සුප්‍රසිද්ධ ආණ්ඩු විරෝධී පුජකවරයෙක් වන තහිරුල් ක්වාද්රි ගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට ඉස්ලාමාබාද් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. පාකිස්තානය බලා පැමිණි කැනඩාවේ වෙසෙන තහිරුල් ක්වාද්රි ඉස්ලාමාබාද් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් පෙළ ගැසී සිටියදීයි, මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරුනේ.

gossiplankanews.com- මාෆියා ඝාතනයක් පිළිබඳ අබිරහස 'හෙළිවේ'

Image
ඝාතනය ගැන මාෆියා කල්ලි සාමාජිකයකු සිය මිතුරෙකුට පවසා තිබේ අවුරුදු සියයක් පැරණි ඝාතනයක් පිලිබඳ අබිරහස හෙළි කර ගැනීමට සමත් වූයේ යයි විශ්වාස කරන බව ඉතාලියේ පොලිසිය ප්‍රකාශ කරයි. තම සීයා කෙනෙකු විසින් නිව්යෝක් නුවර සිට පැමිණි පොලිස් නිලධාරියකු මරා දැමූ බව සිසිලියේ මාෆියා කල්ලි සාමාජිකයකු සිය මිතුරෙකුට පවසනු පොලිස් නිලධාරීන්ට අසන්නට ලැබී තිබේ.

gossiplankanews.com- අල් ජසීරා මාධ්‍යවේදීන්ට වසර හතක සිර දඬුවම්

Image
අල් ජසීරා මාධ්‍යවේදීන් තිදෙනාට වසර හතක සිර දඬුවම් අසත්‍ය පුවත් වාර්තා කිරීම සහ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයට සහාය දීමේ චෝදනා මත වරදකරුවන් බව තීරණය කෙරුණු අල් ජසීරා මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් තිදෙනකුට ඊජිප්තු අධිකරණයක් විසින් වසර හතක සිර දඬුවම් නියම කර තිබේ. හිටපු බීබීසී මාධ්‍යවේදියකු වන ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ග්රෙස්ට්, කැනේඩියානු සම්භවයක් සහිත ඊජිප්තු ජාතික මොහමඩ් ෆාමි සහ ඊජිප්තු ජාතික බහාර් මොහමඩ් යන මාධ්‍යවේදීන් තිදෙනාටයි වසර හතක සිර දඬුවම් නියම කර තිබෙන්නේ.

gossiplankanews.com- විජිත හිමියන් තමන්ටම තුවාල කර ගෙන?

Image
විජිත හිමියන් වැටී සිටියදී හමු වූ ස්ථානය කැපුම් තුවාල සහිතව සිහිසුන්ව වැටී සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන පානදුරේ බණ්ඩාරගම දී හමු වුන වටරැක විජිත හිමියන් තමන්ට තුවාල කර ගෙන ඇතැයි සැක කරන බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිබඳව විවිධ මත පල වෙමින් තිබේ. විජිත හිමියන් පරීක්ෂා කළ වෛද්‍ය විශේෂඥයන්ගේ වාර්තා සහ විජිත හිමියන්ගේ කට උත්තරය මෙන්ම එහිමියන්ගේ ඥාති සොහොයුරකු ලබා දුන් කට උත්තරයද මත එම සැකය පහල වන බවයි, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඉරිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

gossiplankanews.com- අහිමිවූ ජීවිත ගැන සාතිශය සංවේගය - චන්ද්‍රිකා

Image
ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මුස්ලිම් විරෝධී ගැටුම් හේතුවෙන් අහිමි වූ ජීවිත සහ අවතැන් වූ ජනතාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය සංවේගය පුද කරයි. බුදු දහමේ නාමයෙන් තම පුද්ගලික පටු අරමුණු හඹා යන, කලහකාරී අන්තවාදීන් පිරිසක් විසින් පවත්වනු ලැබූ ජනතාව කුපිත කරවන සුළු පෙළපාලියක් හා මහජන හමුවක් මෙම ගැටුම් සමග සම්බන්ධ වී ඇතැයි තමාට වාර්තා වී ඇති බව පවසන ඇය, මෙම ගැටුම් පිළිබඳව තමා මහත් කම්පනයට පත් වූ බව පවසන්නීය.

gossiplankanews.com- ආරක්ෂක ලේකම් මුස්ලිම් සංවිධාන කැඳවයි

Image
ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිවිල් සහ ආගමික සංවිධානවල නායකයන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ සඳුදා සාකච්ඡා කළ බව වාර්තා වෙයි. පසුගියදා මුස්ලිම් ජනතාව මුහුණ දුන් ප්‍රහාර දෙස අවධානය යොමු කෙරුණ එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට හෙළි නොකිරීමේ එකඟතාවයකින් එය අවසන් කෙරුණ බවයි ආරංචි මාර්ග මගින් පැවසෙන්නේ. වසර දහසකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව සහ බෞද්ධ ප්‍රජාව අතර සුහද සම්බන්ධතාවයක් පැවතුන අතර එම සබඳතාවය ඉදිරියටත් සුරකින්නේ කෙසේද යන්න ගැන තම සංවිධාන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කළ බවයි මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.එම සාකච්ඡාවට සහභාගී වූ සංවිධානයක් වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය වෙනුවෙන් එහි මාධ්‍ය ලේකම් මවුලවි කුෂායි ෆෂිල් ෆාරුක් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මුස්ලිම් සංවිධාන සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුව සුහද මුහුණුවරක් ගත් බවයි.

gossiplankanews.com- කාන්තාවන්ගේ ලස්සනට මිල තීරණය කරන ගණිකා නිවාසයක්

Image
කාන්තාවන්ගේ සුරූපී භාවය මත මිල තීරණය කරන ගණිකා නිවාසයක්  වැටලිමට මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය සමත්ව තිබෙනවා. මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ මාතර තිහගොඩ ප‍්‍රදේශයේයි. ඒ, මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන් සිසිර කුමාර මහතාගෙන් ලබාගත් වරෙන්තුවකට අනුවයි. එහිදී සුරූපී තරුණියන් රුපියල් 3000 ට ද එතරම් සුරූපී නොවන තරුණියන් රුපියල් 1000 ට ද අලෙවිකරන බව පැවසුවා. උපාය දූතකයෙකු යොදවා සිදුකළ මෙම වැටලීමේදී අදලා ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කළමනාකාරීනිය සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ඇඹිලිපිටිය සහ මීගමුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් දෙදරු මවක් වන කළමනාකාරිනිය මීට පෙර ද අවස්ථා දෙකක දී ගණිකා නිවාසයක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අයෙකු බවයි පැවසුවේ. සැකකරුවන් මාතර මහේස්ත‍්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossiplankanews.com- ආගමික අන්තවාදය පතුරන සියලු සංවිධාන තහනම් කීරීමට සුදානම්

Image
ආගමික අන්තවාදය ක්‍රියාත්මක කරමින් අන්තර් ජාතික බලවේගවලට සහයවන ආගමික රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීම සඳහා රජයේ දැඩි අවධානය යොමු වී ඇත. විදේශ රටවල් හතකින් අරමුදල් ලබන ආගමික රාජ්‍ය නොවන සංවිධාන 14 ක්‌ මෙරට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර බුද්ධි අංශයේ නිලධාරියකු සකස්‌ කළ රහසිගත වාර්තාවකින් හෙළි වී තිබේ. මේ නිලධාරියා සිය විමර්ශන වාර්තාව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ද යොමු කර ඇත. එකී රහස්‍ය වාර්තාවට අනුව එක්‌ අන්තවාදී ආගමික සංවිධානයක සන්නද්ධ වූ 150 කගෙන් යුත් පිරිසක්‌ ද සිටින බව හෙළි වී තිබේ. මෙම ආගමික සංවිධානවලින් 10 ක්‌ කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අතර ඉතිරි ඒවා පිට පළාත්වල ස්‌ථානගත වී ඇත.

gossiplankanews.com- තමා දූෂණය කිරීමට ආ ඊජිප්තුවා මැරූ අපේ කතගේ ඉරණම කුමක් වෙයි ද ?

Image
ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටේ දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ඊජිප්තු ජාතිකයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම මැද පෙරදිග කලාපයේ පසුගිය දිනවල කතාබහට ලක් වූ සිදුවීමක් විය. ‘අරැබ් ටයිම්ස්’ ඇතුළු මැද පෙරදිග කලාපයේ ජනප්‍රිය පුවත්පත් රැසක්ම මේ ඝාතනය පිළිබඳ ප්‍රවෘත්තියට  ඉඩ කඩ වෙන් කර තිබිණි. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව එම ශ්‍රී ලාංකික කාන්තාව ඊජිප්තු ජාතිකයාව මරා දමා ඇතැයි සඳහන් වන්නේ ඇයව දූෂණය කරන්නට යාම නිසාය. කුවේටයේ හවාලි ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක සිදුවූ එම ඝාතනය ගැන එවන් මාධ්‍ය වාර්තා පළ වී තිබුණද  කුවේටයේ ශ්‍රී ලංකා තානාපති සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා සඳහන් කරන්නේ ඊජිප්තු ජාතිකයෙකුට පිහියෙන් ඇන මරා දැමීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් චෝදනා ලැබ ඇතත් එම ඝාතනය සිදුව ඇත්තේ ඇයව දූෂණය කිරීමට එම ඊජිප්තු ජාතිකයා උත්සාහ දැරීමකදී නොව වෙනත් කාරණයක් මුල්කරගෙන ඇති වූ ආරවුලකදී බවය. 

gossiplankanews.com- ජාති ආගම්වාදී රැස්වීම් මින් පසු බෑ” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Image
ඉදිරියේදී රට තුල ආගම්වාදය හෝ ජාතිවාදය වපුරන කිසිදු රැුසවීමක් පැවැත්වීමට අවසර නොදීමට පොලීසිය තීරණය කර තිබේ. මෑත කාලයේ ඇති වී තිබෙන ප‍්‍රවණතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොලඹදී මාධ්‍ය අමතමින් පැවසීය.

gossiplankanews.com- වටරැක හිමි කල බොරුවට ළඟදීම අත්අඩංගුවට

Image
මහියංගණ ප්‍රා.ස. මන්ත්‍රී, ජාතික බලසේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම මත ඉදිරියේදී අධිකරණය හමුවට පැමිණීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි. තමාට පහරදී තුවාල සිදුකළ බවට විජිත හිමියන් පොලීසියට පැමිණිලි කළද එම පහරදීම උන්වහන්සේ විසින්ම සිදුකර ගත් එකක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

gossiplankanews.com- යාපනයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක්

Image
ප්‍රහාරයට ලක් වූ යාපනය පල්ලිය යාපනය නගරය ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඊයේ සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල කොට ඇති බව වාර්තා වෙයි. යතුරු පැදියකින් පැමිණි කිසියම් පිරිසක් විසින් පල්ලියට පහරදී පලා ගොස් ඇති බව එහි භාරකාර සභාවේ අස්මින් අයුබ් මවුලවි ප්‍රකාශ කළේය.

gossiplankanews.com- මුස්ලිම් සහෝදරත්වය සමග සංවාදයකට යන්න - ඇමෙරිකාව

Image
හිටපු හමුදාපතිවරයාගේ ජනාධිපතිවරණ ජය සැමරූ ඔහුගේ පාක්ෂිකයන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඊජිප්තු නව ජනපති අබ්දුල් ෆාටා අල් සිසී හමු වීමට නියමිතයි. ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මෝසි බලයෙන් පහ කළ හිටපු හමුදාපති අබ්දුල් ෆාටා අල් සිසී ඉන් අනතුරුව ගිය මාසයේ දී පැවති ජනාධිපතිවරණය සඳහා තරඟ කළේය.

gossiplankanews.com- කටකතා පැතිරෙන්නේ 'නිසි වාර්තාකරණයක් නැති නිසා'

Image
පසුගිය සතියේ අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි පැන නැගුණ ගැටුම්කාරී තත්වය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාරණයකට ලක් කරනු ලැබීම, අසා දැන ගත් තොරතුරු හා කටකතා ශීඝ්‍රයෙන් පැතිරීමට තුඩු දුන් බව ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ කර්තෘ සංජන හත්තොටුව පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සියළුම මාධ්‍යයන් පාහේ පසුගිය පහළොස් වෙනිදා අලුත්ගම හා බේරුවල හට ගත් සිද්ධීන් කවර හෝ හේතුවක් යටතේ ස්වයං වාරණයකට ලක් කළ බවයි ඔහු පවසන්නේ. එහෙත් එම ගැටුම් වාර්තා කළ ආකාරය 'පක්ෂග්‍රාහී' බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බීබීසී ඇතුළු අන්තර් ජාතික මාධ්‍යවලට ප්‍රබල විවේචන එල්ල වී තිබුණි.