Posts

Showing posts from April, 2014

gossiplankaසෙවනපිටියට යන ගමනේදී ZD ඇල බිලිගත් දස දෙනා…

Image
සාමකාමී මවුබිමේ අද මිනිසුන් මිය යන්නේ රිය අනතුරුවලිනි (සෙවනපිටියට) . හදිසි අනතුරුවලට භාජන වන ඔවුහු රටම හඬවා මිහිදන් වෙති. පසුගිය 18 දින අලුත් අවුරුද්දේ නෑගම් ගිය දෙහිඅත්තකණ්ඩිය විජයපුර ප්‍රදේශයේ දස දෙනෙකු යළි පැමිණියේ අවසන් ගමන් යෑමට සූදානම්වය. මහවැලි ‘බී’ කලාපයේ කෙත් බිම් හෙක්ටයාර් 23000 කට ජලය සපයන මහවැලි ඉසෙඩ් ඩී ඇළ 1982 සිට 2014 දක්වා බිලිගත් ජිවිත ප්‍රමාණය ඉතා විශාලය. ඒ අතර මිනිස් ජිවිත මෙන්ම වන සතුන් ද විශාල ප්‍රමාණයකි. නමුත් එකවර ජිවිත දහයක් ඇළට බිලිවූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම බිහිසුණු අනතුරට මුහුණ දී දිවි බේරා ගැනීමට සමත් වූ ඩි. එම්. ඉරේෂා මධුභාෂණී (අවු. 28) මහත්මිය එම සිදුවීම විස්තර කළාය.

gossiplanka - අලුයට තවම බුර බුරා නැගෙන යාපනේ ගිනිදැල්

Image
යාපනේ ප්‍රදේශයේදී අමුතු ආකාරයේ පෝස්‌ටර වගයක්‌ අලවමින් සිටි තරුණයින් දෙදෙනෙක්‌ යාපනයේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ හා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගත්තේය. මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ පසුගිය ….. වැනිදාය. අත්අඩංගුවට පත්වන තරුණයන් දෙදෙනාගෙන් කෙනෙක්‌ වේත්‍රකාන්ත්ය. අනෙකා මනෝහරන් නවසුදාස්‌ය. දෙදෙනාම යාපනේ මනිපායි ප්‍රදේශයේ පරිගණක පුහුණු පාඨමාලාවට සම්බන්ධ විසි දෙහැවිරිදි තරුණයන්ය. මොවුන් විසින් ඇලවු පෝස්‌ටරවල තිබුණේ තැතිගන්වන කතාවකි. දේශප්‍රේමී දෙමළ ජනතාව සිය අයිතීන් ලබා ගැනීමට සටන් කළ යුතු බවත්, රජයේ හමුදා දෙමළ ජන කොටස්‌වලට බරපතල හිරිහැර කරන බවත්, හමුදා ක`දවුරු උතුරින් ඉවත් නොකර රජය උත්සාහ කරන්නේ නැවත යුද්ධයක්‌ ඇතිකරන්නට බවත්, ජනතාවගේ අයිතීන් ලබා ගැනීමට සටන් කිරීමට අත්වැල් බැ`දගෙන ඒ සටන ජාත්‍යන්තරය දක්‌වා ගෙන යැමට දෙමළ ජනතාව එක්‌විය යුතු බවත් ඒ පෝස්‌ටරවල කියා තිබිණි. කොටින්ම එහි වූයේ එල්.ටී.ටී.ඊ සංවිධානය යළි බලගැන්විය යුතු බව කියෑවෙන කතාවකි.

gossiplankanews- මත්තල ගුවන් තොටුපොලින් ජාවාරමක්

Image
දේශීය සත්ත්ව හා ශාක කොටස් ඇතුළු ජෛව සම්පත් රට පැටවීමේ මහා පරිමාණ ජාවාරමක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ක‍්‍රියාත්මක වන බැවින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රේගු ජෛව විවිධත්ව ඒකකයක් වහාම ස්ථාපිත කරන ලෙස පරිසර සංවිධාන වගකිවයුත්තන්ගෙන් ඉල්ලයි. මෙම ජාවාරම් කටයුත්ත සඳහා සත්ත්ව කොට්ඨාස සහ ශාක කොටස් ලබා ගන්නේ අනුරාධපුර,

gossiplankanews- කිරුළපන බැංකු කොල්ලයේ කොල්ල කරුවන් මෙල්ල කල හැටි

Image
කිරුළපන නගරය බෙහෙවින් ජනාකීර්ණ වී තිබුණේය. ඒ වන විට වේලාව දහවල් 1.30 පහුවෙමින් තිබිණි. පාසල් නිමාවී තිබීම නිසා වාහන තදබදය ද දෙගුණ තෙගුණ වෙමින් තිබිණි. තොරතෝංචියක්‌ නැතිව ධාවනය වූ වාහන අතුරින් මතුවූ යතුරුපැදියක්‌ කිරුළපන නගරයේ එක්‌තරා පෞද්ගලික බැංකුවක්‌ ඉදිරිපිට නතර කළේය. එම යතුරුපැදියේ පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුqන් පැළඳ සිටි හෙල්මට්‌ නිසා මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වී තිබිණි. ගඟනගාමියකුගේ සූට්‌ එකට සමාන ජැකට්‌ දෙකක්‌ ඔවුන් පැළඳ සිටියහ. දැඩි කලබල බවකින් යුතුව යතුරුපැදියකින් බැසගත් ඔවුන් දෙදෙනා පෞද්ගලික බැංකුව දෙසට පියවර මනින්නට වූහ. බැංකුව ඉදිරිපිට ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනෙකි. ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී අශෝක ප්‍රියන්තයි. ඔහු සතුව රිපීටර් වර්ගයේ ගිනි අවියකි. අනෙක්‌ ආරක්‍ෂක නිලධාරියා සමරපාලයි. ඔහු සිටියේ නිරායුධවයි. සම්පූර්ණයෙන්ම මුහුණ වැසෙන සේ ආරක්‍ෂිත හිස්‌වැසුම් පැළඳ, අමුතු වර්ගයේ ජැකට්‌ පැළඳ බැංකුව දෙසට එන නාඳුනන පුද්ගලයන් දෙදෙනා වෙත ආරක්‍ෂක නිලධාරීන්ගේ තියුණු දැස්‌ යොමුවී තිබිණි. එම පුද්ගලයන් දෙදෙනා වීදුරු දොරටුව තල්ලු කරමින් බැංකුවට ඇතුළුවීමට උත්සාහ කළේය.

gossiplankanews- හෙලිකොප්ටරය කඩා වැටී නේටෝ හමුදාවේ පහක් මරුට

Image
බොහෝ මෙහෙයුම් දැනටමත් ඇෆ්ගනිස්ථාන හමුදාවට පවරා ඇති බවයි පැවසෙන්නේ දකුණු ඇෆ්ගනිස්ථානයේදී හෙලිකොප්ටර යානයක් කඩා වැටීමෙන් තම හමුදාවන්ට අයත් පස් දෙනෙක් මරුමුවට පත් වූ බව නේටෝ සංවිධානය විසින් මෙහෙයවනු ලබන ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර හමුදාව පවසා තිබේ.

gossiplankanews- ඉදුනොත් ගුණයි ; ඉදෙව්වොත් අගුණයි

Image
පලතුරු ඉදවිම සඳහා එක් කරන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙහි පළතුරු අලෙවියේ විශාල අඩුවක් සිදු වී ඇති බව පෙනී යයි. බීබීසී සංදේශය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක සංචාරය කළ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්නට පාරිභෝගිකයන් මෙන් ම වෙළෙන්දන් ද කියා සිටියේ, ජනතාව ගමේ ගොඩේ ඇවිද කෙසෙල් කැන් සොයා ගැනීමට යොමු වූ බවයි. මාදම්පේ නගරයේ මොහොමඩ් තස්මීර් කියා සිටියේ, ‘තමන්ට විකිණීම සඳහා රැගෙන ඒමට සිදු ව ඇත්තේ රසායනික ද්‍රව්‍ය මුසු පලතුරු’ බවයි.‘තමන් ලඟ ඇති පලතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය මුසු කර ඇති බව’ සමහර වෙළෙන්දෝ බීබීසී මාධ්‍යවේදියාට කියා සිටියහ. ‘අකමැත්තෙන් වුවද’ එලෙස කිරීමට සිදුව ඇත්තේ වෙළදපොලේ ඇති පලතුරු සියල්ලටම මෙන් රසායනික ද්‍රව්‍ය එකතු කර තිබිම නිසා බවයි, මොහොමඩ් තස්මීර් පවසන්නේ.

gossiplankanews- යුද හමුදාව උතුරේ ගුරු සිසු තොරතුරු සොයයි

Image
යුද හමුදාවේ භට කණ්ඩායම් මේ දිනවල මන්නාරමේ පාසල් වලට යමින් විදුහල්පතිවරුන්,ගුරුවරුන් හා සිසුන් පිළිබදව තොරතුරු එක් රැස් කරණ බවට තමන්ට පැමිණිලි ලැබෙමින් පවතින බව මඩු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.කෲෂ් පවසයි. මෙසේ පැමිණෙන යුද හමුදා සාමාජිකයින් පාසල් ළමුන්ගේ පවා ඡායාරූප ලබාගෙන ඇති බවද ඔහු සදහන් කළේය.

gossiplankanews- කුවේටයේ ඉන්න බිරිඳට යවන්න මුරුංගා කඩන්න ගසට නැග්ග සැමියා වැටී නසී

Image
විදේශයක රැකියාව කරන තම බිරිඳට යෑවීමට මුරුංගා කැඩීමට ගසකට නැගි තිදරු පියකු ළිඳකට ඇද වැටී මියයැමේ පුවතක්‌ ඉබ්බාගමුව ඉපලව ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙසේ මියගොස්‌ ඇත්තේ ඉපලව පදිංචි ඡේ. පී. සරත් ගාමිණී රාජපක්‍ෂ (57) නමැති අයෙකි. මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය ඉබ්බාගමුව හදිසි මරණ පරීක්‍ෂක ඩී. එම්. එස්‌. කේ. දහනක මහතාගේ මෙහෙයවීමෙන් පොල්ගොල්ල දිසා රෝහලේදී පැවැත්විණි. එහිදී මියගිය අයගේ මස්‌සිනා වන ප්‍රසන්න රජපක්‍ෂ (48) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ පැවසීය.

gossiplankanews- පෙම්වතියගේ හෙළුව ලෝකයාට පෙන්වූ අයට දඬුවම් “නැවත කලොත් පමණයි”

Image
විසි හතර හැවිරිදි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීම , ඇයට සාපරාධිව තර්ජනය කිරීම  හා කෙළෙසීම යන චෝදනා වලට වරද පිළිගත් 19 හැවිරිදි තරුණයකුට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා මාස තුනක හා මාස හයක සිර දඩුවම් නියම කර වසර පහකට අත් හිටුවීය. පැමිණිලිකාරිය පෞද්ගලික අංශ සේවිකාවකි.මාස දහයකට පෙර දෙදෙනා ෆේස් බුක් වෙබ් අඩවියෙන් හමු වී ‘චැට්’ කර ඇතැයි ද ඇගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ ගිය වසරේ නොවැම්බර් 22 දා පොලිසියට පැමිණිළි කැර ඇතැයිද නඩුවේදී කියැවිණි.

gossiplanka කිසිම හෝඩුවාවක් නැති මැලේසියානු යානයේ මගීන්ට මරණ සහතික

Image
අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මැලේසියානු රජය විසින් එම මරණ සහතික නිකුත් කිරීමට නියමිත බව ය. කෙසේ වෙතත්, අදාළ පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

gossiplankanews- සයිප්‍රස්, සිංගප්පූරුව, ඊශ්‍රායලය, මැලේසියාවේ රැකියා කල අයට යුරෝපීය රටවල රැකියා වරම්

Image
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා යුරෝපීය රටවලින් රැකියා ඇබෑර්තු රැසක් ලැබී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. හොංකොං, සයිප්‍රස්, සිංගප්පූරුව, ඊශ්‍රායලය, මැලේසියාව යන රටවල ගෘහස්ථ සාත්තු සේවිකා රැකියා පළපුරුද්ද සහිත කාන්තාවන්ට හා ශ්‍රී ලංකාවේ සාත්තු සේවා පුහුණුව සහිත කාන්නාවන්ට මේ රැකියා අවස්ථා ලැබී තිබෙන බව ද ඒ සඳහා කඩිනමින් ශ්‍රමිකයන් යොමුකරන බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කරයි. වැඩිහිටියන් බලාගැනීමේ හෝ විදේශ රටක ගෘහ සේවයේ පලපුරුද්ද හිමි කාන්තාවන් සඳහා මෙහි දි ප්‍රමුඛතාවයක් ලබාදීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. වයස අවුරුදු 25ත් 45ත් අතර කාන්තාවන් සඳහා මේ රැකියා ඇබෑර්තුවලට ඉල්ලුම් කළහැකි අතර ඒ සඳහා කඩිනමින් ඉල්ලුම් කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කරයි.

gossiplankanews- පීඩිත කුලයේ ළමුන්ට පන්ති කාමරයේ පසු පෙළ අසුන්

Image
දිගින් දිගටම නො සලකා හැරිම' (file photo) ඉන්දියාවේ සමාජයෙන් කොන් වූ ජන කොටස්වල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ප්‍රතික්‍ෂේප කරමින් දිගින් දිගටම ඔවුන් නො සලකා හරිමින් කටයුතු කරණ බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පාසල් බලධාරීන්ට චෝදනා කරයි. ගෝත්‍රික, මුස්ලිම් සහ පාරම්පරික හින්දු කුල පද්ධතියේ අඩු කුලයට අයත් බවට සැලකෙන 'දලිත්' පවුල්වල ළමුන්ට පන්ති කාමරයේ පිටුපස පේළිවල හෝ වෙනම කාමරවල ඉඳ ගැනීමට නියෝග කෙරෙන බවයි එම සංවිධානයේ වාර්තාව සඳහන් කරන්නේ. ළමුන්ට නින්දා කිරීමේ අරමුණින් අපහාසාත්මක නම්වලින් ආමන්ත්‍රණය කෙරෙන බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

gossiplankanews- 'බුදු රුවට නිගා කිරීමේ චේතනාවක් නැහැ'

Image
බුදු රුව සහිත පච්චයක් අත් බාහුවේ කොටා තිබීම නිසා පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාව බීබීසීයට කියා සිටියේ තමාද බුදු දහම අදහන කෙකෙකු නිසා එයට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි. නයෝමි කොලමන් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඇගේ දකුණු අතේ බාහුවේ නෙළුම් මලක් මත වැඩ සිටින බුද්ධ රූපයක් සහිතව පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබේ. ‘ගුවන් තොටුපලේ නිලධාරීන්ගෙන් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ. ටැක්සි රියදුරන් දෙදෙනෙක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් ඇවිත් කිව්වා මේක නීති විරෝධී බව. මාව පොලිසියට අරන් ගියා. උසාවියේදී මට කතා කරන්න දුන්නේ නැහැ.’ නයෝමි කොලමන් කියා සිටියාය.

gossiplankanews- ද. කොරියානු නැවේ සියයකට වැඩි මළ සිරුරු හමුවේ

Image
සෙවීමේ මෙහෙයුම් දකුණු කොරියානු නෞකාව අනතුරට පත්වීමෙන් මිය ගිය සිය දෙනකුට වැඩි පිරිසක ගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. ඉකුත් සතියේ මුහුදු බත් වූ එම නෞකාවේ කුටිවල සහ විවෘත ශාලාවේ තිබී එම මළසිරුරු සොයා ගන්නා ලද්දේ කිමිදුම් කරුවන් විසින්. ප්‍රධාන වශයෙන් සෝල් (Seoul) නගරය අසල පාසලක සිසුන් ඇතුළු තවත් දෙසියයක් පමණ තවමත් අතුරුදහන්ව ඇති බවටයි වාර්තාවන්නේ.නෞකාවේ භෝජනාගාරය තුල තවත් මළ සිරුරු ඇති බව විශ්වාස කරන කිමිදුම්කරුවෝ ඊට ඇතුල්වීමට උත්සාහ දරමින් සිටිති.

gossiplanka “හම්බන්තොට සිද්ධිය මෙහෙය වුයේ රටේ පාලකයා” – ෆොන්සේකා

Image
මෙරටේ මුදාවානොගත් ප්‍රදේශවල සංචාරය කිරීමේදී අප්‍රසන්න සිදුවීම් වලට මුහුණදීමට සිදුවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. එසේම ගුවන් තොටුපොළ අභ්‍යන්තරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පවා ප්‍රහාර එල්ල කිරීමට හැකි තත්ත්වයක් තිබේනම් එය ගුවන් තොටුපොළක් නොවන බවත්, එය කුඩු, මරුජුවානා, නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන, කුමක් හෝ ගුබ්බෑයමක් බවත් අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය. තවද හම්බන්තොට වරායක් කියා දෙයක් ඇති බවත්, එයද කුමක් හෝ හොර බඩු ජාවාරමක් සිදු කරන ස්ථානයක්ද විය හැකි බවත්, සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය. පසුගිය දින එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමට සිදුවූ සිදුවීම තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, නමුත් ඒ සම්බන්ධයෙන් තමන් පුදුම නොවූ බවත්, හෙතෙම කීවේය. එසේම පසුගිය පළාත් සභාවට පෙර තමන් ඇතුළු පිරිස එම මුදානොගත් ප්‍රදේශයට ගොස් සිටියදී එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම මුහුණදුන් අප්‍රසන්න සිදුවීම මෙන් සිදුවීම් මාලාවකට මුහුණදීමට තමන් ඇතුළු පිරිසට සිදුවු බවත්, එම මැතිවරණ කාලයේදී තමන් ඇතුළු පිරිසට මැතිවරණ රැස්වීම් පවා පැවැත්වීම‍ට ඉඩ ප්‍රස්තාව නොතිබූ බවත් ෆොන්සේකා මහතා එහ

gossiplanka 16 හැවිරිදි පිරිමි ළමයෙකු ගුවන් යානයක රෝද කුටියේ හැංගී හවායි ගිහින්

Image
ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිට හවායි දිවයින තෙක් ගුවන් යානයක රෝද කුටීරයේ සැඟවී පැය 5ක ගුවන් ගමනක නිරත වූ 16 හැවිරිදි පිරිමි ළමයෙකු නිරුපද්‍රිතව ගමනාන්තයට ළඟා වී තිබෙනවා. අඩි 39,000ක් පමණ ඉහළ අහසේ ගමන් ගනිද්දී ඔක්සිජන් හිඟවීමෙන් හෝ හිම මිදෙන ශීතලෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවී නැහැ. නිවසින් පළා යමින් සිටි මෙම ළමයා සන්තකව තිබී ඇත්තේ ඔහුගේ පනාව පමණයි. කෙසේ නමුත් ඇමරිකානු එෆ්.බී.අයි. පරීක්ෂණ සේවාව මෙම ළමයාගෙන් ප‍්‍රශ්න කර ඇති බව සඳහන්. 1947 සිට 2012 වසර දක්වා පුද්ගලයන් 96 දෙනෙකු ගුවන් යානා 85ක රෝද කුටීරවල සැඟවී ගමන් ගැනීමට උත්සාහ කර ඇති අතර ඉන් දිවි ගලවාගෙන ඇත්තේ 23 දෙනෙකු පමණයි. gossiplanka

gossiplanka තවත් මැලේසියානු ගුවන් යානයක් නග්ගද්දී රෝද කොටස් ගැලවිලා

Image
පුද්ගලයින් 166 දෙනෙකු රැගත් MH192 දරණ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයේ ගොඩබැස්වීමේ උපකරණවල ඇතිවූ කාර්මික දොෂයක් නිසා එය ගුවන්ගත කර සුළු වේලාවකින් නැවතත් ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ක්වාලාලම්පූර් සිට ඉන්දියාවේ බැංගලෝරය බලා ගමන් කරමින් තිබූ මෙම යානය මැලේසියානු වේලාවෙන් අලුයම 1.56ට ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත නිරුපද්‍රිතව ගොඩබස්වා ඇති බව පැවසෙයි. මෙම සිදුවීම වාර්තාවීමත් සමග එම ගුවන්තොටුපොළ කරා යමින් සිටි මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුනේ, “ඔවුන් නිරුපද්‍රිතව යානය ගොඩ බස්වා තිබෙනවා. දෙවියන්ට ස්තූති වේවා” යනුවෙනි.

gossiplankanews- “LOVE” කරාට කමක් නෑ.. ෆේස්බුක් පාස්වර්ඩ් දෙන්න එපා” – පොලිස්‌ අධිකාරිනී

Image
අන්තර්ජාලය හරහා මුහුණු පොතේ කටයුතු කිරීමේදී තම රහස්‌ අංකය තවත් අයකු අතට පත් කිරීමෙන් වළකින්නැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස්‌ අධිකාරිනී ලංකා රාජිණී අමරසේන මහත්මිය පැවසුවාය. රහස්‌ අංකය හුවමාරු කරගැනීම පෙම්වතුන් අතර බොහෝ විට සිදුවන බවට පෙනී ගොස්‌ ඇතැයි සඳහන් කළ ලංකා රාජිණී මහත්මිය, තම රහස්‌ අංකය සිය පෙම්වතුන්ට ලබාදීමෙන් අමාරුවේ වැටුණු පෙම්වතියන් ද වාර්තා වන බව සඳහන් කළාය.

gossiplankanews- පහර දුන්නේ 'සඟවන්න දේවල් තියෙන නිසා'

Image
'අපිට යම් යම් තොරතුරු ලැබී තිබුණා, අල්ලස ගැන දූෂණය ගැන' සුහද නිරීක්ෂණ සංචාරයක් සඳහා හම්බන්තොටට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුවේ මැරයන් බ්‍රහස්පතින්දා ප්‍රහාරයක් එල්ල කළේ ඔවුන්ට සැඟවීමට යමක් තිබෙන නිසා බවට සැක මතුවන බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි. සංචාරයේ යෙදුන කණ්ඩායමේ සාමාජික අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, හම්බන්තොටදී මන්ත්‍රී පිරිසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කොළඹදී මාධ්‍යවේදීන්ට කරුණු දක්වමින්. හම්බන්තොට සංවර්ධන ව්‍යපෘති දැක බලා ගන්නා ලෙස ආණ්ඩුවෙන් දිගින් දිගටම කරන ඉල්ලීම් හමුවේ ආණ්ඩුවේ අවසරය ලබාගෙන තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හම්බන්තොට ගුවන්තොටුපල හා වරාය දැක බලා ගැනීමට පැමිණි බවයි, මන්ත්‍රීවරයා

gossiplankanews-ට‍්‍රැක්ටරයක් ඇලකට වැටී 12ක් මරුට

Image
නෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට‍්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZT ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ. 25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.

gossiplankanews-මැරුම් කෑ “ගෝපි” සමග ගනුදෙනු කල දේශපාලකයන් දෙතුන් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට යයි

Image
හමුදා වෙඩි ප්‍රහාරයෙන් ඉකුත් සිකුරාදා මරුමුවට පත් එල්ටීටීඊ සාමාජික ගෝපි සහ ඔහුගේ සගයන් දෙදෙනා පුනරුත්ථාපනය ලැබු කොටි සාමාජිකයන්ගෙන්ද එම සංවිධානයට යළිත් පණ දීමට සහය පතා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. ගෝපි සතුව තිබූ ජංගම දුරකථනය මගින් වැදගත් තොරතුරු රැසක්‌ දැන් අනාවරණය වෙමින් තිබේ. ඔහු කොළඹ නගරයේ ද්‍රවිඩ පුද්ගලයන් රැසක්‌ සමගම සම්බන්ධතා පවත්වාගෙන ගොස්‌ ඇති බවද හෙළිවී තිබේ. මේ අනුව ඉදිරි කාලයේදී ද්‍රවිඩ දේශපාලනඥයන් දෙතුන් දෙනකුද අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන අතර පොලිස්‌පතිවරයාට මේ බව දැනුම් දීමෙන් පසු මෙම පියවර ගන්නා බව පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

gossiplankanews- “දවස් 14 දෙන්නේ… නැතිනම් මිලියන 500 දෙන්න සුදානම් වෙන්න”

Image
විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ හෝ උතුරු අභය භූමිය තුළ කිසිදු මුස්ලිම් පවුලක් තමා පදිංචි කර නොමැති බවත්, මේ නිසා බොදුබල සේනා මධ්‍යස්ථානය සිදුකරන චෝදනාව දින 14 ක් තුළ නිවැරදි කළ යුතු බවත් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිශාද් බදියුදීන් මහතා සඳහන් කරයි.

gossiplankanews- මැදපෙරදිග මිය යන අපේ කතුන්ගේ අවයව ජාවාරම

Image
මැදපෙරදිග රටවල මියයන ශ්‍රී ලාංකිකයන්ගේ අවයව විකිණීමේ ජාවාරමක් තිබෙන බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව පසුගිය සතියේ කිසියම් ආන්දෝලනයක් ඇති කළ කාරණාවක් විය. රන්ජන් රාමනායක මහතා මේ තොරතුරු පිළිබඳව ප්‍රශ්න කරමින් පිළිතුරු අපේක්ෂා කළේ විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගෙනි.  මෙහිදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ද පිළිතුරු කතාව කරමින් කියා සිටියේ මෙලෙස මොළය මියගිය ශ්‍රමිකයන්ගේ අවයව මුදලට විකිණීමේ ජාවාරමක් ඇති බව දැනගන්නට ලැබුණත් ඒවා තහවුරු කර ගැනීමට තරම් සාක්ෂි නැති බවය. “මේ කාරණය සම්බන්ධව අප අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරියේ දී මේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවේවි.” අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 

gossiplankanews- සෞදි යේ ලාංකිකයින්ගේ සේවා සීමා වීමට යයි

Image
නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැකියාවල නිරතවී සිටින පිරිස් සිරගත කිරීමට හා නෙරපා හැරීමට දැඩි විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ. සෞදි අරාබිය තුළ ශ්‍රී ලංකාවේ අතිබහුතරයක්ද සහිතව ලොව විවිධ රටවලින් සංක්‍රමණය වන මිලියන 09 ක පමණ පිරිසක් රැකියාවල නිරතවී සිටින බව සඳහන්ය. එසේ වුවද එරට රජය දැඩිව ක්‍රියාත්මකවීම හේතුවෙන් ඉකුත් වසරේ සංක්‍රමණිකව නීති විරෝධී ලෙස ජීවත්වන හා රැකියාවල නිරත සංඛ්‍යාව මිලියනයකින් පමණ අඩුවී ඇති බව අරාබි පුවත්සේවා පෙන්වාදෙයි.

gossiplankanews- “කේ.පී දැන් හොඳ කෙනෙක්.. ඒ නිසා වරෙන්තුව අයින් කළා” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Image
කොටි සංවිධානයේ ජාත්‍යාන්තර අංශයේ ප්‍රධානියා බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. වෙත අන්තර් ජාතික පොලිසිය නිකුත් කර තිබූ රතු වරෙන්තුව ඉවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. 2009 වර්ෂයෙන් පසු ඔහු ත්‍රස්ත කටයුතුවල නිරත නොවීම නිසා එම රතු වරෙන්තුව ඉවත් කර ඇති බවත් ඒ මහතා කියයි. කෙසේ වෙතත් මෙරට කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වීම වැළැක්වීම සඳහා විදෙස්ගතව සිටින කොටි ප්‍රබලයන් 40කට එරෙහිව රතු වරෙන්තු අලුතින් නිකුත් කර ඇති බව ද ඔහු කියයි. gossiplanka

gossiplankanews- ජනපතිගේ ගිරව් තිදෙනෙක් යළි මන්දිරයට

Image
ඉන් එක් ගිරවෙකු තවමත් අතුරුදහන් කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දැඩි ආරක්ෂාව යටතේ ඇති කරමින් සිටිය දී ඉගිල ගිය මැකෝ ගිරවුන් හතර දෙනාගෙන් තිදෙනෙකු යළි සොයා ගෙන තිබේ. ජනතාව ලබා දුන් හෝඩුවාවන් ආධාරයෙන් කොළඹ ප්‍රදේශයේදීම ගසක වසා සිටියදී මෙම ගිරව් තුන් දෙනා සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉන් එක් ගිරවෙකු තවමත් අතුරුදහන්.මැකෝ ගිරවුන් හතර දෙනා ජනාධිපති මන්දිරයේ කූඩුවෙන් මිදී පියඹා ගොස් තිබුණේ පසුගිය අඟහරුවාදා යි.

gossiplankanews-චීන වරාය ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාවට

Image
මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම් ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම හේතුවෙන් එම ගම්වාසීහු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති. වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම් ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ චීන වරාය වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම් අක්කර දහස් ගණනක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම නිසා ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය පමණක් නොව දෛනික කටයුතු පවත්වා ගෙන යාමේ නිදහස ද අහිමි වී ඇති බව උතුර හා නැගෙනහිර සිංහල සංවිධානය චෝදනා කරයි.

gossiplankanews- මෙහෙයුම් කඩිනම් කරන්න - ද.කොරියා ජනාධිපතිනි

Image
දියබත් වූ මගී නෞකාවෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් සොයා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගෙන් හියු (Park Geun-hye) බේරා ගැනීමේ කණ්ඩායම් වලින් ඉල්ලා සිටී. සිය ගණනක් පාසල් සිසුන් ද ගමන් කළ එම මගී නෞකාව බදාදා අනතුරට පත් විය. දිය බත් වෙමින් තිබූ නෞකාව අසල බෝට්ටුවක සිට අනතුරට පත් නෞකාව සියැසින්ම දුටු ජනාධිපතිනි පාක් ගෙන් හියු (Park Geun-hye) බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඇති කාලය ඉක්ම යමින් තිබෙන බව කියා සිටියාය.

gossiplankanews- ලංකාවේ 112 ඉන්ටර්පෝල් දැල එලයි

Image
ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට අවශ්‍යව සිටින සැකකරුවන් 112 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හෙවත් අන්තර්ජාතික පොලිසියේ සහය ලබාගෙන තිබෙනවා. ඒ අනුව අදාල පුද්ගලයින්ගේ නම්, තොරතුරු සහ ඡායාරූප එම වෙබ් අඩවිය මගින් ප‍්‍රසිද්ධ කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයින්, විවිධ වංචනික ක‍්‍රියාවන්ට සම්බන්ධ ශ‍්‍රී ලාංකිකයින්, මිනිස් ජාවාරම්කරුවන් ඒ අතර වනවා. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාගේ නම සහ තොරතුරුද එහි දක්වා තිබෙනවා.

gossiplankanews- 'තුන්වැනි ලිංගිකත්වයට' ඉන්දියාවේ පිළිගැනීමක්

Image
උපතින් ලද ස්ත්‍රී හෝ පුරුෂ භාවය පසෙක ලා තමාගේ අභිමතය පරිදි ලිංගිකත්වය තෝරා ගත් ප්‍රජාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ. මේ අනුව ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවයට අමතරව තුන් වැනි ලිංගිකත්වයක පැවැත්මට ඉන්දියාව තුළ නීත්‍යනුකූල බවක් හිමි වෙයි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, රැකියා මෙන්ම සමාජ ශුභසාධන වැඩසටහන්වල දී පවා උපතින් පසු ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගත් ප්‍රජාව වෙනම ලිංගිකත්වයක් සහිත කොට්ඨාශයක් ලෙස සලකන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

gossiplankanews- කැනඩාව කළේ පහත් ක්‍රියාවක් -කෙහෙළිය

Image
‘කැනඩාවේ කීර්ති නාමය ගැනයි ප්‍රශ්නයක් තියෙන්නේ.' පොදු රාජ්‍ය මණ්ඩලයට ලබා දෙන මූල්‍ය ප්‍රදානයන් අත්හිටුවීමට කැනඩාව ගෙන ඇති තීරණය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් කළ ඉතාමත් අසාධාරණ සහ පවතින සම්ප්‍රදායන් තුළ පහත් මට්ටමේ ක්‍රියාවක් බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මෙය දෙමළ ඩයස්පෝරාවේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් ආත්මාර්ථකාමී ලෙස ලෝක සම්මතයන් වෙනස් කිරීමට දරන උත්සාහයක් ලෙසටයි රඹුක්වැල්ල අමාත්‍යවරයා හඳුන්වන්නේ. මානව හිමිකම් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයට ලබා දීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 20ක මුදලක් අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ සත්කාරක රට මෙන්ම වත්මන් සභාපතිත්වය දරන ශ්‍රී ලංකාව වෙත, මානව හිමිකම්, දේශපාලන සංහිඳියාව ඇති කිරීම සහ වගවීම් වෙනුවෙන් අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට වගකීමක් ඇති බව කැනඩාවේ විදේශ ඇමති ජෝන් බර්ඩ් ප්‍රකාශ කර තිබුණි.

gossiplankanews- තිනකුරල් මාධ්‍යවේදියාට ප්‍රහාරයක්

Image
තිනකුරල් පුවත්පතේ යාපනය වඩමරච්චි ප්‍රාදේශීය වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් නැමැත්තාට සඳුදා රාත්‍රී යාපනයේ නෙල්ලිඅඩි පළාතේදී කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වලින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා පේදුරුතුඩුව මන්තිහෙයි රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ. යකඩ පොලු ප්‍රහාරයක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර බි.බි.සී. සන්දේශයට කතා කල ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ අලුත් අවුරුද්දට මව බැලීමට ගොස් ආපසු සිය නිවසට යමින් සිටියදී මේ ප්‍රහාරය එල්ල වූ බවයි. දිගටම තමන්ට පහර දීම නිසා සිහිසුන් වූ තමන් සයිකලය සමග බිම ඇද වැටී සිටියදී පාරේ ගමන් කරමින් සිටි පිරිසක් එය දැක නෙල්ලිඅඩි පොලීසියට සිද්ධිය දැණුම් දී පොලිස් නිලධාරීන්ගේද සහාය මත තමා රෝහල් ගත කල බවද ඔහු කියා සිටියේය.පහර දීමට පෙර ඔබ අසවල් පුවත්පතේ වාර්තාකරුදැයි ප්‍රහාරයට පැමිණි දෙදෙනා තමන්ගෙන් විමසූ බවත් අනතුරුව යකඩ පොලුවලින් එක දිගටම පහර දෙන්නට වු බවත් සෙල්වදීපන් පැවසුවේය.

gossiplankanews- ශ්‍රී නිවාසන් තරඟ පාවාදීමේ ලැයිස්තුවේ?

Image
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් පසුගියදා ඉවත් කෙරුණ එන්.ශ්‍රී නිවාසන් එම පදවියෙහි ඔහු යළි පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් ඉදිරිපත් කර තිබුණ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු ලැබුණි. පදවියෙන් ඉවත් කරනු ලැබ සිටින හිටපු සභාපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරු මුඩ්ගල් කමිටුව විසින් ඉදිරිපත් කර තිබුණ සීල් තැබූ ලියුම් කවරයක අන්තර්ගත තොරතුරු හෙළිදරව් කරමින්, ක්‍රිකට් ක්‍රීඩා තරඟ මුදලට පාවා දුන් පුද්ගල ලැයිස්තුවේ ශ්‍රී නිවාසන්ගේ නමත් ඇතුළත් වෙන බව අනාවරණය කොට ඇත. එම රහස්‍ය තොරතුරු පළමු වරට ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ.පට්නෙක් කියා සිටියේ, ශ්‍රී නිවාසන්ට එරෙහිව චෝදනා දොළහක් ඇති බවයි.එන්. ශ්‍රී නිවාසන් චුදිත ලැයිස්තුවේ දහතුන් වැනි ස්ථානයේ සිටින බවයි අනාවරණය කෙරුණේ. රහස්‍ය ලියුමේ තොරතුරු

කොරියානු මගී පාරුවක් සමඟ තුන්සීයක් අතුරුදහන්

නිවාඩු නිකේතන පිහිටි ‘යෙජු’(Jeju) දුපතේ සිට යාත්‍රා කරමින් තිබුණ මගී ප්‍රවාහක නෞකාවක් පෙරළී දියබත් වීමෙන් එහි ගමන් ගනිමින් සිටි තුන්සීයකට අධික මගීන්ට සිදු වූ දෙයක් දැන ගන්නට නැතැයි දකුණු කොරියාවේ වෙරළාරක්ෂක අංශ පවසති. අනතුරට ගොදුරු වූ ජනයාගෙන් වැඩි දෙනා පාසල් විනෝද චාරිකාවක නිරත වෙමින් සිටි ළමුන් බවත් වාර්තා වෙයි. රාත්‍රි අඳුර පැතිර යාමත් සමඟ මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ බිය දැඩි වෙන්නට පටන් ගත් අතර, ඔවුන් නැව තුළ සිර වී ඇතැයි සැක පළ වෙමින් තිබුණි. බේරා ගැනීමේ මෙහෙයුමට පනහකට අධික යාත්‍රා එක් කරනු ලැබ ඇති අතර, කිමිදුම් කරුවන්ද යොදවා ඇති බවයි දකුණු කොරියානු වාර්තා මගින් පැවසෙන්නේ. මේ අතර ඇමෙරිකානු යුද නැවක් ද අනතුර සිදු ව ඇති කලාපයට යවා ඇත. යාත්‍රා කළේ මීදුම මැද

gossiplankanews- ශ්‍රී ලංකාව: ඝාතකයන් නිදැල්ලේ

Image
ඇතැම් ඝාතනයන් පසුපස රජය සහ හමුදා නිලධාරීන් සිටින බවට සැක කරනු ලබයි “මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාව අනුව ශ්‍රී ලංකාව "දඬුවමින් මිදී සිටීමේ" ලෝක දර්ශකයේ ඉහළ ස්ථානයකට පත්ව තිබේ. එම වාර්තාවට අනුව මාධ්‍යවේදීන් ඝාතනය කලවුන්ට දඬුවම් ලබා නොදීම අතින් ශ්‍රී ලංකාව හතරවැනි ස්ථානය ගනී. ඇෆ්ගනිස්තනයටත් ඉහළින් ලෝකයේ සියලු රටවල සිදුවන මාධ්‍යවේදී ඝාතනයන් “මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව” (CPJ) විසින් පරීක්ෂාවට ලක් කරන අතර 2013 සිට 2014 දක්වාවූ වසරක කාලයට අදාළ දත්ත මෙම නවතම වාර්තාවට පාදක වී ඇත.

gossiplankanews- “ලංකාවට යනව නම් ගැහැණු උදවිය තනියම ගමන් යන්න එපා” – බ්‍රිතාන්‍යය ජාතිකයින්ට උපදෙස්

Image
ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන බ්‍රිතාන්‍යය ජාතිකයින් සඳහා නව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. බ්‍රිතාන්‍ය විදේශීය සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය මගින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුව ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සංචාරයේ නිරත වීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස එරට වැසියන්ට උපදෙස් දී ඇත. මෙරට සංචාරය කිරීම සඳහා පිළිගත් සංචාරක සමාගම්වල සහය ලබාගන්නා ලෙස විශේෂයෙන් කාන්තාවන් තනිව හෝ කුඩා කණ්ඩායම් වශයෙන් සංචාරය කිරීමේ දී සැලකිලිමත් වන ලෙසත් බ්‍රිතාන්‍යය රජය උපදෙස් දී තිබේ. සංචාරක කලාප ආශ්‍රිතව සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍රය, මුදල් සහ වටිනා දේවල් පිළිබඳ පූර්ව ආරක්ෂාවෙන් කටයුතු කරන ලෙසත් අදාළ උපදෙස්වලට ඇතුළත්ය. මේ අතර බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරන් පස්දෙනෙකු මෙරට සංචාරයක් අවලංගු කර තිබේ. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමකගේ විරෝධතා හේතුවෙන් අදාළ මන්ත්‍රීවරුන් සිය සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි.

gossiplankanews- නෑගම් බලා යමින් සිටි දැරිය අවසන් ගමන් යයි

Image
පොළොන්නරුව – හබරණ ප‍්‍රධාන මාර්ගයේ 53 වන සැතපුම් කණුව ආසන්නයේ අද (14) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් අවුරුදු 13 ක පමණ කුඩා දැරිය ක් මියගොස් තිබෙනවා. මින්නේරිය පොලිසිය සඳහන් කළේ වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිංහල දෙමළ අලූත් අවුරුද්ද සඳහා නෑගම් බලා යමින් සිටි යතුරුපැදියකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

gossiplankanews- විස්සයි විස්සේ එක්කෙනාට ලක්ෂ 250 ගානේ ඔක්කොටම

Image
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන විශාලතම ත්‍යාග මුදල පිරිනැමීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා කියයි. ඔහු පැවසුවේ දින 30 ක් පුරා පැවති මෙම තරගාවලිය වෙනුවෙන් සහභාගීවූ ක්‍රීඩකයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 250 කට ආසන්න මුදලක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි බවයි.

gossiplankanews- ගෝපිගේ මව නිදහස් කෙරේ

Image
ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන් උතුරේදී ආරක්ෂක හමුදාව සමඟ ගැටුමකින් මියගියා යැයි ආණ්ඩුව පවසන ගෝපි හෙවත් සෙල්වනායගම් පොන්නයියා ගජීපන් ගේ මව වන සෙල්වනායගී රාසමලර් රැඳවුම් භාරයෙන් නිදහස් කළ බව පොලිසිය පවසයි. ගෝපිගේ මව ඉරිදා විනිසුරුවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කළ බවයි වවුනියාවේ දිනසේන රතුගමගේ ඒ පිළිබඳ කළ විමසීමකදී ත්‍රස්ත මර්දන ඒකකයේ නිළධාරියෙකු ප්‍රකාශ කොට තිබෙන්නේ. ගෝපි ගේ නායකත්වයෙන් එල්ටීටීඊ ය යලි පණ ගැන්වීමට උත්සාහ කිරීමේ චෝදනා මත පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් රැඳවුම් භාරයට ගත් සංඛ්‍යාව හැට පහක්.ඊට අමතරව සඳුදා වන විට තවත් රැඳවියන් දහතුන් දෙනෙකුද නිදහස් කොට ඇති බවත් ඔහු පැවසීය. හතළිස් දෙදෙනෙකු රැදවුම් භාරයේ

gossiplankanews- විශේෂ සහන නෑ, ඒත් බඩු මිල අඩුයි - ඇමති

Image
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩවල මිල පහත දැමීමක් නොකළ නමුත් වෙළඳපොලේ භාණ්ඩ මිල සාපේක්ෂව ඉතා පහල මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බව ආණ්ඩුව ප්‍රකාශ කරයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ බව සඳහන් කළේ, දරා ගත නොහැකි තරම් භාණ්ඩ මිල ඉහල යමින් තිබෙන බවට ජනතාව කරන ප්‍රකාශ පිළිබඳව සංදේශය විමසීමක් කළ අවස්ථාවේ. අමාත්‍යවරයා පවසන තත්වයට වඩා යතාර්ථය හාත්පසින්ම වෙනස් බවයි, රත්නපුරයේදී සංදේශයට හමු වූ පාරිභෝගිකයන් සහ සුළු ව්‍යාපාරිකයන් කියා සිටියේ.කෙසේ නමුත් සහල් මිලේ පමණක් කිසියම් වැඩිවීමක් තිබෙන බව පිළිගන්නා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසන්නේ එයට හේතුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගොවියන්ට ලබා දෙන සහතික මිල ඉහල දැමීම බවයි. සිය දියණිය සමග රෙදි මිලදී ගැනීමට කඩපොළට ගිය අවස්ථාවේ වෙනදාට වඩා මෙවර රෙදිපිළි මිළ ගණන් වැඩි බව වැටහුණු බැවින් අවුරුද්දෙන් පසුව රෙදි මිලදී ගැනීමට තීරණය කළ බවයි, පාසල් ගුරුවරියක වන එච්කේ මොරීන් පැවසුවේ.

gossiplankanews- නියඟය නිසා ගම හැර යන මොරවැව වැසියෝ

Image
මාස ගණනාවක් මුළුල්ලේ තමන් පෙලන නියඟය හේතුවෙන් සිය එදිනෙදා පානීය ජල අවශ්‍යතාවය හෝ සපුරාගත නොහැකි තත්වයකට පත්ව සිටින බව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය කොට්ඨාශයේ නැවත පදිංචි කළ ජනතාව පවසති. මේ තත්වය යටතේ බොහෝ මොරවැව ගම්වාසීන් සිය ගමරට අත්හැර යමින් සිටින බවයි, ගමේ සංචාරයක යෙදුන මාධ්‍යවේදී ආර්ජී ධර්මදාසට දැකගන්නට ලැබුණේ.ගතව ගිය වසරේ යල සහ මාස් කන්න දෙකේදීම තම ගොවිතැන් කටයුතු නිසියාකාරව කරගත නොහැකි වූ කෘෂිකර්මාන්තයෙන් යැපෙන ගම්වාසීහු මේ හේතුවෙන් දැඩි ආහාර හිඟයකටද මුහුණ පා සිටිති. නාමල්වත්ත ගමේත් නැවත පදිංචි කළ සිංහල හා මුස්ලිම් පවුල් හාරසියයකින් දැන් ඉතිරිව සිටින්නේ පවුල් අනූවක් පමණයි.

gossiplankanews- රජය කියන මිළට සහල් දෙන්න බැහැ

Image
අළුත් අවුරුද්දේ කෑම පිසීමට වළන් තෝරන පාරිභෝගිකයන්ට සහාය වන වෙළෙන්ද්දෙක් අළුත් අවුරුදු සමයේ රජයේ අනුමත අවම මිළට සහල් තොග වශයෙන්වත් මිළදී ගත නොහැකි බවට සහල් වෙළෙන්දෝ චෝදනා කරති. පාරිභෝගිකයින්ට අඩු මිළට සහල් ලබාදෙන බවට රජය පොරොන්දු වුවත් ඒ මිළට තමාට සහල් විකිණීමට නොහැකි බව සහල් ව්‍යාපාරික බී කේ සරණපාල පැවසුවේය. පේමන්ට් එකෙන් බඩු ගන්නෙ මේ පිළිබද අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ නාඩු සහල් කිලෝවක් තමා තොග වශයෙන් මිළදී ගන්නේ රුපියල් හැත්තෑ දෙකකට නිසා කෙසේවත් සහල් කිලෝවක් රුපියල් හැට හයකට විකිණිය නොහැකි බවයි.

gossiplankanews- විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුයි - කරු

Image
'ඩඩ්ලි සේනානායක හදිසි නීතිය යොදා ගත්තේ ජනතාව ආරක්ෂා කිරීමට' ඒකාධිපති පාලනයකට මඟ පාදන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි සමස්ත විපක්ෂයේ අවධානය පළ විය යුතු බවත් පක්ෂයේ වැඩ බලන නායක කරු ජයසූරිය මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

gossiplankanews- මැතිවරණ සමයේ ඉන්දු කාශ්මීරයේ ගැටුම්

Image
ඉන්දීය ආණ්ඩුවේ පාලනය සහිත කාශ්මීර් ප්‍රාන්තයේ ආරක්‍ෂක හමුදා සහ සන්නද්ධ කැරලිකරුවන් යයි සැක කෙරෙන කණ්ඩායමක් අතර බිහිසුණු වෙඩි හුවමාරුවක් සිදු වූ බව ශ්‍රී නගර් අගනුවරින් වාර්තා වෙයි. ගැටුම සිදු වී තිබෙන්නේ ජම්මු කාශ්මීරයේ, ශ්‍රී නගර් අගනුවරින් නැගෙනහිර දෙසට වන්නට කිලෝමීටර් කීපයක් ඈතින්. ඊයේ ඉරිදා සවස ආරම්භ වී ඇති එම සටනේදී, පොලිස් භටයන් තුන් දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.නිලධාරීන් පවසන්නේ, නිවසක් අල්ලා ගෙන සිටි අධි සන්නද්ධ කැරලිකරුවන් කුඩා කණ්ඩායමක් සමඟ පොලිසිය සහ ආණ්ඩුවේ සන්නද්ධ ඒකක සටන් වැදුණ බවයි. ඉරිදා ඉන්දීය කාශ්මීර් ප්‍රාන්තයේ ඇති වූ වෙනත් ගැටුමකින් පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ කැරලිකරුවන් යයි සැක කෙරෙන දෙදෙනකු මරණයට පත් වූ අතර, ඉන් අනතුරුවයි මුලින් කී ගැටුම ආරම්භ වී තිබෙන්නේ.

gossiplankanews- මැඩගස්කරයේ මැණික් ගරන ලංකාවේ ව්‍යාපාරිකයෝ

Image
ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් මැඩගස්කරයේ ස්ථිරව පදිංචි වී මහා පරිමාණයෙන් මැණික් ව්‍යාපාරයේ නිරත වී සිටින බව ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයෝ පවසති. මැඩගස්කරයේ මැණික් ඉල්ලම් පිළිබඳව තමන්ට මුලින්ම ආරංචි වූයේ 1999 දී බව බීබීසී සංදේශයට කියා සිටි රත්නපුර කහවත්තේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වන එම්ආර්එම්කේ නිෂාම්, ඉන් අනතුරුව 2000 දී තමන්ද එහි සංචාරයක නිරත වූ බව සඳහන් කළේය. ශ්‍රී ලාංකිකයෝ සිය ගණනක් මැණික් ව්‍යාපාරය නිසාම මැඩගස්කරයේ ස්ථිරව පදිංචි වී සිටිති ශ්‍රී ලාංකිකයන් මැඩගස්කරයේ මැණික් කර්මාන්තයට පිවිසීමත් සමග ඒ වනවිට එහි පැවති ඉතා ප්‍රථමික මට්ටමේ වූ මැණික් ගැරීමේ ක්‍රමෝපායන් වෙනුවට වසර දහස් ගණනක් ඈත අතීතයට දිවයන ශ්‍රී ලාංකිකයන්ටම ආවේනික වූ පාරම්පරික ක්‍රමවේදයන් හඳුන්වා දීමට හැකි වූ බවද ඔහු පැවසීය. ඉතා සුළු පරිමාණයෙන් කෙරුණු මැණික් ගැරීම නිසා මුල් යුගයේදී මැඩගස්කරයට ගිය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට ඉතාමත් අඩු මිලකට මැණික් මිළදී ගැනීමට හැකිවුනු බවත් මැණික් ව්‍යාපාරික එම්ආර්එම්කේ නිෂාම් සංදේශයට කියා සිටියේය.

gossiplankanews- “ලංකාව ඉතාමත් අල්ප දියුණුවක් පෙන්වා තිබෙනවා” – එංගලන්තය

Image
මීට  වසර පහකට පෙර ශ්‍රී ලංකාවේ පැවති මානුෂීය මෙහෙයුමේදී සිදූ දාමරිකකම් (මානව හිමිකම් කඩවීම්) පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාව කරනු ලබන පරීක්ෂණයන්හි ඉතාමත් අල්ප දියුණුවක් පෙන්වා ඇති බව එංගලන්තය සඳහන් කරයි. ග්ලාස්ගොව්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් දින 100ක් පමණක් ඉතිරිව පවතින අතර ඒ පිළිබදව ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය රාජ්‍ය, විදේශීය හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයේ අමාත්‍ය හියුගෝ ස්විරේ ඉහත අදහස්  ප්‍රකාශ කළේය.

gossiplankanews- කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොතෙන් කිරි වැනි දියරයක් ස්‍රාවය වෙලා

Image
කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් කැරැල්ළෙන් අද (14දා) කිරි වැනි දියරයක් ස්‍රාවය වූ බව කිරි වෙහෙර රාජමහා විහාරාධිපති ශ්‍රාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද හිමියෝ පැවැසූහ. එසේම අද දින කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිරිපිට සිල් සමාදන්ව සිටි උපාසක උපාසිකාවන්ද මෙම සිදුවීම දුටු බවත් ඔවුහුද සඳහන් කළහ. අද පෙරවරු 11.05ට යෙදී තිබුණ වැඩ ඇල්ලීමේ, ගනුදෙනු කිරීමේ හා ආහාර අනුභව කිරීමේ නැකත පැවැති වේලාවේදී මෙම සිදුවිම සිදුවූ බවත් කොබවක ධම්මින්ද හිමියෝ වැඩිදුරටත් පැවැසූහ. කතරගම ආරියපාල රත්නායක

gossiplankanews- අලුත් අවූරුදු සමග පුර පසළොස්වක.. සුභද ? අසුභද ? ජෝතිශ්‍යවේදීන් කියන කතා

Image
මෙවර අලුත් අවූරුදු උදාවත් සමග පුර පසළොස්වක පොහොය උදාවීම රටට සිදුවන බලපෑම සම්බන්ධව ප්‍රවීන ජෝතිශ්‍යවේදීන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත වේ. ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මෙදිනට පොහොය දිනයද යෙදී තිබීම තවත් අසුබ වැඩි කරන්නකි. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් යෙදෙනුයේ පොහොය දිනයක් නම් පමණි. 1949 අප්‍රේල් 13 වැනිදා මීට පෙර පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සමඟ අලූ‍ත් අවුරුද්ද උදාවූ ආසන්නතම අවස්ථාවයි. එදා සිට 1950 අප්‍රේල් 14 දක්වා සූර්ය වර්ෂයේදී ලෝකයේ වූ සිදුවීම් දෙස බැලීමෙන් මේ සූර්ය වර්ෂයේ බිහිසුණුකම අවබෝධ වනු ඇත. ඒ කෙසේ වෙතත් අවසානයේදී කිවයුතුව ඇත්තේ අසුබ සිදුවීම්, යෝග රැසක් සමඟ උදාවන 2014 අලූ‍ත් අවුරුදු දිනටම පොහොය දිනයද යෙදී තිබීමෙන් සිදුවිය හැකි අසුබ තත්ත්වයන්ට තවත් අත්උදව් සැපයූ පිහිටීමක් ලෙසටය.

gossiplankanews- අතුරුදන් යානය අවසන් මොහොතේ ජෙට් යානයක් වගේ වේගෙන් හසුරවලා

Image
අතුරුදන් මැලේසියානු ගුවන් යානය රේඩාර්වලට හසු වීම වැළැක්වීම සඳහා ප්‍රහාරක ජෙට් යානාවක් සේ වේ‍ගයෙන් හසුරුවා ඇති බවට මැලේසියා‍නු යුද විමර්ශකයින් විශ්වාසය පළ කර ඇත. එම විමර්ශකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  බලධාරීන් සමග සබඳතා ඇණහිටි වහා ම යානය එලෙස හසුරුවා ඇති බව ය. රේඩාර්වලට හසු වීම වැළැක්වීම සඳහා යානය ඉතා වේගයෙන් පහළට පියාසර කරවා ඇති බව එහි වැඩි දුරට ත් සඳහන් ය. මෙම නවතම මතය ඉදිරිපත් වී ඇත්තේ, යානයේ කළු පෙට්ටියේ බැටරිය කල් ඉකුත් වී ඇති බවට සෝදිසි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් සැක පළ කරන අතර තුරදී ය. යානයේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුවද මැලේසියානු බලධාරීන් පවසන්නේ, එය ඉන්දියන් සාඟරයට කඩා වැටී ඇති බව ය. ඒ අනුව මේ වන විට යානය සොයා දක්ෂිණ ඉන්දිය සාගරයේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබේ. යානය සොයා මෙහෙයුම්වල නිරත නෞකා විසින් සිව් වතාවක් ගුවන් යානයක කළු පෙට්ටියකින් නිකුත් විය හැකි බවට විශ්වාස කරන සංඥා ග්‍රහණය කර ගනු ලැබිණි. එහෙත් අවසන් දින පහ තුළදී අදාළ මුහුදු කලාපයෙන් කිසිදු ආකාරයේ සංඥාවක් ග්‍රහණය නොවූ බව මෙහෙයුම්වල නිරත කණ්ඩායම් පවසති.