Posts

Showing posts from May, 2014

gossiplankanews.com- පරිස්සමින් ! e-bay හැක් කරලා

Image
සයිබර් අවකාශයේ වෙළෙඳ පොළක් ලෙස ලොව පුරා වඩාත් ජනප්‍රිය e-bay වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, ඒ නිසා e-bay මුරපද වෙනස් කරන ලෙස සිය සේවාදායකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, eBay වෙබ් අඩවිය නිවේදනය කරයි. බී.බී.සී.ය පෙන්වාදෙන පරිදි e-bay නමැති ඇමෙරිකානු සයිබර් වෙළෙඳ පොළ සමාගමේ වෙබ් අඩවියේ දත්ත ගබඩාව වෙත පසුගිය පෙබරවාරි මස අවසාන කාලයේ සිට මාර්තු මස මුල් කාලය දක්වා පරිගණක වෙත අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරා ගන්නන් හෝ විනාශ කරන්නන් (හැකර්) ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. එහි වැඩිදුරටත් කියවෙන්නේ මෙම දත්ත ගබඩාව තුළ e-bay මුරපද සහ මූල්‍ය නොවන දත්ත රැසක් පැවති බවයි.

gossiplankanews.com- මන්ත්‍රීවරයා දන ගැස්සු ප්‍රියානි ගුරුවරියගෙන් ශිෂ්‍යත්ව අරමුදලක්‌

Image
  (ප්‍රියානි) මහත් ආන්දෝලනයකට තුඩුදුන් නවගත්තේගම ගුරුවරිය දණගැස්‌වීමේ සිද්ධියේ නඩු තීන්දුව අනුව එම ගුරුවරියට ලැබුණු රුපියල් තුන් ලක්‌ෂයක වන්දි මුදලින් අහිංසා ශිෂ්‍යාධාර අරමුදල නමින් ශිෂ්‍යත්ව අරමුදලක්‌ පිහිටුවනු ලැබ ඇත. ප්‍රියානි සුසිලා හේරත් නම් එම ගුරුවරිය මෙම අරමුදල ආරම්භ කර ඇත්තේ අසරණ දක්‌ෂ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට මෙන්ම

gossiplankanews.com-සුනාමිය වෙලේ තරුණියගේ මාලය කඩා ගත් කුඩ්ඩා කුඩු වලට මාට්ටු

Image
2004 වර්ෂයේ මෙරටට සුනාමිය කඩා වැදුණු දිනයේදී ගාල්ල පරණ බස් නැවතුමේදී තරුණියකගේ ගෙල බැඳි රන් මාලය කඩා ගැනීම සහ එම තරුණිය මරා දැමීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු හෙරොයින් මිලි ග‍්‍රෑම් 640ක් සමග ගාල්ල පොලීසියේ පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

gossiplankanews.com- බුදු හාමුදුරුවන්ගේ මල් ආසනේ වාඩි වුන පච්ච නයෝමි සුද්දිට කෝටියක් ඕනලු

Image
බුදුරජාණන් වහන්සේගේ රූපය ම නාව ප්‍රදර්ශනය වන ආකාරයට අතේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වූ නයෝමා කොලිමාන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දින දෙකක්‌ රඳවාගෙන සිටීම නිසා ඇයට මුහුණපාන්නට සිදුවූ අමානුෂික හිරිහැරයට හා මානසික පීඩාවට වගකිව යුතු පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරියාගෙන් රුපියල් කෝටියක වන්දියක්‌ ඉල්ලා නීතිඥයෙකු මගින් අදාළ කාන්තාව ඊයේ (22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළාය. නීතිපති, කටුනායක පොලිසියේ පොලිස්‌ සැරයන් උපසේන, පොලිස්‌ පරීක්‍ෂක සුරවීර, මීගමුව බන්ධනාගාරය භාර ප්‍රධාන නිලධාරි, පොලිස්‌පති සහ ආගමන හා විගමන පාලක චූලානන්ද සිල්වා යන අය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් කියා සිටියේ තමා මීට පෙර දෙවතාවක්‌ම එලෙස බුදුරුව සිරුරේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණි නමුත් කිසිවෙකුගෙන් ඊට විරෝධයක්‌ හෝ ඒ හේතුව මත හිරිහැරයක්‌ සිදු නොවූ බවය.

gossiplankanews.com- කැලයේ සිරි නැරඹීමට ගිය සුදු කතට මරු වැලක් පෑගිලා

Image
වන සතුන් සහ ගහකොළ නැරඹීමට රක්‌ෂිතයකට ගිය එංගලන්ත ජාතික තරුණියක වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා පෙරේදා 18 දා මහියංගණය මහ රෝහලට ඇතුළත් කර ඇත. විල්ගමුව, පුස්‌සැල්ලයාය ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටින එංගලන්ත ජාතික සංචාරයකින් තිදෙනකු පුස්‌සැල්ලයාය ගම්මානයට ආසන්නයේ ලඳු කැලය නැරඹීමට ගිය අවස්‌ථාවේදී වෙඩි වැදීම සිදුව ඇති බව පොලිසියට පැවැසීය.

gossiplankanews.com- ලංකාව නිකන් ඇටයක් වෙලා” – ෆොන්සේකා

Image
දුර්දාන්ත රජය පන්නා දැමීමට දැන් කාලය පැමිණ ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. කොළඹදී උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේද කීය. ‘රජයේ දේශපාලන නායකයෝ මැතිවරණ ජයගත් පසු ජනතාවට කොකා පෙන්වමින් ජනතාව නොමරා මරමින් ඔවුන් කබලෙන් ළිපට ඇද දමනවා. පුද්ගලික න්‍යාය පත‍්‍රයකට මුල්තැන දෙන මෙම නායකයින් පලවා හැරීමට දැන් කාලය ඇවිත්. අපට අවශ්‍ය වන්නේ අවංක දේශපාලකයනුයි.

gossiplankanews.com- “මාවනැල්ලේ මුස්ලිම් කඩයක් ගිනි තියලා” – රිෂාඩ්

Image
මාවනැල්ලේ නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ. ජාතික රණවිරු සැමරුම යෙදී තිබුණු 18 වන දා ගිනි තබා ඇති මෙම වෙළඳ සැල  මුස්ලිම් ජාතිකයකු සතු වෙළඳ සලකි.

gossiplankanews.com-ගෑස් කාන්දුවකින් පිලිස්සිනු සෞදියේ ලසන්ත මාස එකහමාරක් දුක් විඳ මිය යයි

Image
පුස්වැල්ල ගමිමඩුව මාතලේ යන ලිපිනයෙහි පදිංචිව සිටි ලසන්ත කුමාර ආනමල්දෙනිය යන අයෙකු සෞදි අරාබියේ රියාද් නගරයේ හයි අල් සලාමි හි රියදුරෙකු වශයෙන් සේවය සඳහා පැමිණියේ 2012.අගෝස්තු මාසයේදීය. වසරකුත් මාස 8 කාලයක් සේවය කල අතර 2014.04.04 දින රාත්‍රි 7.30-8.00 අතර කාලය තුල ගෑස් ලිප දෑල්විමට යාමෙිදි ගෑස් කාන්දු විම නිසා ඇතිවු ගිනි ගැනීමෙන් එම

gossiplankanews.com- 'පොලිස් බලය අයුතු ලෙස පාවිච්චි කරලා'-මහේස්ත්‍රාත්

Image
පොලිසිය ඉදිරිපත් කරන කරුණු පමණක් පදනම් කර ගනිමින් විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණ තහනම් කිරීමට නියෝග නිකුත් නො කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය කියා සිටියි. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පෙළපාලි පැවැත්වූ බවට චෝදනා කරමින් සම සෞඛ්‍ය සිසුන් දහහත් දෙනෙකුට එරෙහිව පොලිසිය ඉදිරිපත් කල පැමිණිල්ල විභාග කෙරුණ අවස්ථාවේයි මහේස්ත්‍රාත්වරයාඉහත කී අදහස් පළකළේ. සිසු උද්ඝෝෂණ තහනම් කිරීමට නියෝග ලබා ගැනීමට අවශ්‍ය නම් සතියකට පෙර අදාළ ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කල යුතු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා පසුව සියලු පාර්ශව කැඳවා නිසි විභාගයකින් අනතුරුව පමණක් අදාළ නියෝග පිළිබඳ සලකා බලන වැඩි දුරටත් කියා සිටියේය. එම අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණය හමුවේ කියා සිටියේ ලෝක තරුණ සමුළුව පැවති දා තෝරා ගත් මාර්ග කිහිපයක පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් අධිකරණය දුන් නියෝගය සැකකරුවන් කඩ කර ඇති බවයි.

gossiplankanews.com-තායිලන්තයේ යුද නීතිය

Image
තායිලන්තයේ යුද නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ හමුදාව බැංකොක් නුවර සහ නගරයෙන් පිට ප්‍රධාන ස්ථානවල මුර සංචාරයේ නිරතව සිටිති. මහා මාර්ග යුද ටැංකි මගින් අවහිර කොට ඇති අතර ගුවන් විදුලි සහ රූපවාහිනී ආයතන වසා දමා තිබේ.යුද නීතිය මගින් විශාල බලයක් හිමිවන නමුත් යුද හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් නොකරන බවත් එය ක්‍රියාත්මක කරනුයේ මහජන ආරක්ෂාව සඳහා පමණක් බවත් යුද හමුදාව ප්‍රකාශ කරයි. රජයට විරුද්ධ කණ්ඩායම් විසින් ගෙන ගිය ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හිස්ව තිබූ රජයේ ප්‍රධාන ගොඩනැගිලිවලට යුද හමුදාව ගොස් ඇති බවටත් වාර්තා වෙයි.

gossiplankanews.com- මහ නාහිමිවරුන්ගෙන් සමාව ගැනීමට සූදානම්

Image
ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානය මගින් සිදුකරනු ලබන ආගම්වලට අපහාසාත්මකවන ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් වළකින මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සියලු මාධ්‍ය ආයතනවලට නියම කරයි. අධිකරණය හමුවේ ශ්‍රී ලංකා ජම්මියතුල් උලමා සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම නියෝගය කළේ. බුදුදහමට අපහාස කළේ යැයි පවසමින් අදාළ සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අවස්ථාවේ පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර සංවිධානයට ආගම ප්‍රචාරය කිරීම සදහා අවසර දී නොමැති බවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බවයි.

gossiplankanews.com- අම්පාර ගොවියෝ ජලය ඉල්ලා මහ පාරේ

Image
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ජනතාව බැට කන නියඟය මෙවරත් රුදුරු වෙසක් ගෙන තිබේ. ගොවිතැනට පමණක් නොව, තිබහට බීමට හෝ ජලය නොමැති වීම දුෂ්කර ගම්මානවල ජනතාවට බලවත් ප්‍රශ්නයක් වී ඇත. ඉඟිනියාගල ජලාශය ඇතුළු ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම පහත බැස ඇති අතර ගොවීන්ට අවශ්‍ය ජලය ලබා දීමට බලධාරීන් වහාම කටයුතු කළ යුතු බව පවසමින් දිස්ත්‍රික්කය පුරා උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කෙරිණ.නියං ශාපයෙන් පීඩා විඳින ජනතාව අප වාර්තාකරු වසන්ත චන්ද්‍රපාලට පැවසුවේ ඔවුන්ගේ එකම අපේක්ෂාව වර්ෂාව පමණක් බවයි.

gossiplankanews.com- “බුදු දහමට අවමන් නොකරන්න’- මුස්ලිම් බල මණ්ඩලය

Image
බුදුන් වහන්සේට සහ බුදු දහමට අවමන් කෙරෙන වීඩියෝ පටයක් ඉස්ලාමීය සංවිධානයක් විසින් අන්තර්ජාලයේ 'යූ ටියුබ් ' වෙබ් අඩවියේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය සිය කණගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකා තව්හීඩ් ජමාත්’ ඉස්ලාමීය සංවිධානය විසින් 2013 වසරේ අන්තර්ජාලයට එක් කරන තිබුණ වීඩියෝ පටයකුයි මෙම අර්බුදයට මුල් වී තිබෙන්නේ.

gossiplankanews.com- සිසුවියකගේ කොණ්ඩය කැපු ගුරුවරියන් නීතියේ රැහැනට

Image
කොණ්ඩය බලහත්කාරයෙන් කැපීම සම්බන්ධයෙන් වත්තේගම, ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පාසලේ හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසලේ පන්ති කාමරයක් තුළ දී අදාළ සිදුවීමට මුහුණ දී ඇති බව සඳහන් වෙයි. තම දියණියගේ විරෝධතාව නොසලකමින් ඇයගේ කොණ්ඩය කැපීම පිළිබඳ සිසුවියගේ මව්පියන් වත්තේගම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

gossiplankanews.com-මවගේ රන්මාලය කැඩූ සිය පුතු රිමාන්ඩ්

Image
මාරවිල – හත්තිනිය ප‍්‍රදේශයේ කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලය ඊයේ (12) බලහත්කාරයෙන් පැහැරගත් ඇයගේම පුතු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. වයස අවුරුදු 50 ක් පමණ වන එම මවගේ රන් මාලය පුතා විසින් පැහැරගෙන ඇත්තේ සිය බිරිඳගේ මුදල් අවශ්‍යතාවයක් සඳහායි. සැකකරු ලබන 26 වැනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාරවිල මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

gossiplankanews.com-“දුෂකයින් රුසියානු කතගේ පියයුරු සපා තිබුනා” – වෛද්‍ය ගුණසේන

Image
තංගල්ල නේචර් හෝටලයේ පැවති නත්තල් සාදයකදී බි්‍රතාන්‍ය ජාතික කුරාම් සෙයික් නමැත්තාව ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සමූහ දූෂණයට ලක්කිරීම ගැන සාක්ෂි විභාගයේදී එම සමූහ දූෂණයෙන් පසු වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රාව පරීක්ෂාවට ලක් කළ වෛද්‍ය ධම්මි ගුණසේන එම අවස්ථාවේ වික්ටෝරියාගේ ශරීරය පිළිබඳ ඊයේ මහාධිකරණයට වාර්තා කළා. ඇගේ දකුණු පියයුර මත මිනිස් සපාකෑමක සලකුණු තිබුණා. ඇයගේ ශරීරයේ ලිංගික ප්‍රදේශය ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල තිබුණා. එම සිද්ධියේදී ඇය ලිංගික අතවරයකට ලක්වී තිබූ බව අධිකරණ වෛද්‍ය විද්‍යාව අනුව තමාට මතයක් ලෙස ප්‍රකාශ කළ හැක්කේ. හිස් කබලේ අස්ථි භග්නයක් සිදුවීම නිසා ජීවිතයත් මරණයත් අතර සිටි වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා නමැති රුසියානු ජාතික තරුණියව හදිසි ශල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරයට ගෙනයාමට නියමිතව තිබියදී තමයි මා ඇයව පරීක්ෂා කළේ. යැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ගුණසේන ප්‍රකාශ කළා. ඇය මෙසේද පැවසුවා.

gossiplankanews.com- සිසුන්ට මත්ද්‍රවය මිශ්‍ර බාබුල් විකුණු අය මාට්ටු

Image
මාතලේ නගරයේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය මිශ‍්‍ර බාබුල් සහ මාවා අලෙවි කළ ස්ථාන කිහිපයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද වටලනු ලැබුවා. එම අධිකාරියේ මාතලේ කාර්යාලයේ ප‍්‍රධානී එම්.ජේ. සමන්ත මහතා පැවසුවේ තම කාර්යාලයට ලැබුණු පැමිණිලි මත අදාළ වැටලීම සිදුකළ බවයි. විවිධ රසකාරක යොදාගනිමින් මෙම මත්කාරක පුවක් විවිධ මිල ගණන් යටතේ අලෙවි කර තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossiplankanews.com- එක පෙම්වතිය පතා තරුණයන් දෙදෙනා ගැටුමක

Image
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවකයකු සහ ආරක්ෂක නිලධාරියකු අතර සිදුවූ ගැටුමකින්(ගැටුම) දෙදෙනාම තුවාල ලබා මේ වනවිටත් නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටිති. ඊයේ මෙම ගැටුම හටගෙන ඇත්තේ රෝහලේ ආරක්ෂක අංශයේ සේවය කරන ඔවුන් දෙදෙනාගේ එකම පෙම්වතිය හේතුවෙනි. ඇය දෙදෙනා සමඟම පේ‍්‍රම සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් ඇතිවු ආරවුලක් නිසා මෙම ගැටුම ඇතිවී ඇත.

gossiplankanews.com- “ජැක්” එකට අනුකම්පාව දැක්වූ අක්කා

Image
දවසක් බස් එකේ, ටිකක් පිරිපුන්, කිටිකිටියේ හිරවෙච්ච ටයිඩ් සායක් ඇදපු, ඇඟ නිකන් දුන්න (ජැක්) වගේ මැදි වයසේ කාන්තාවක්  … ඊට බස් නැවතුම් දෙකකට විතර එහායින් නැගපු, ටිකක් උස මහත එතරම්ම වයස නැති තරුණයෙක් ඈ පිටිපස්සෙන්… බස් රථයේ වේගයටත්,රියදුරුගේ වංගු කැපිල්ලටත් තව තවත් ඇගේ අගට තද වෙමින් සිංහලෙන්ම කියනවනම් හොද ජැකක් ගහගෙන ඌට නෙමෙයි වගේ…. අක්කලා,නංගිලා විතරක්ම නෙමෙයි අම්මලත් ඒ දිහා බලාගෙන ඇස් ලොකු කරන්….එන්න එන්නම තව තවත් දරුණු වෙමින් තව තවත් තෙරපෙමින් ඇගේ ඇගටම….. සමහර විට ලැජ්ජා නිසා ඈ මුකුත් නොකියනවා ඇති,ලැජ්ජාව නිසා ඈ කටපියන් ඉන්නවා ඇති….. එසේ සිතු බස් රථයේ හිටපු තරුණයෙක් අසාධාරණයට විරුද්ධව නැගී සිටින්නට වෑයමක්…. ————————————————

gossiplankanews.com- ජාතිවාදයට නැඹුරු කරන්නේ පාලකයන් - ජවිපෙ

Image
සිංහල ජාතිවාදය ගොඩනැගෙද්දී ඊට එරෙහිව තවත් ජාතිවාදයක් ගොඩ නැගීම වැළැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි. කොළඹ පැවති සමස්ත ලංකා මුස්ලිම් තරුණ පෙරමුණේ සමාරම්භක සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ අතීතයේ සිටම දේශපාලනඥයින් තම පැවැත්ම සඳහා ජාතිවාදය උපයෝගී කරගත් බවයි . ජාතිවාදය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට හතළිස් දෙකක දෛනික ආදායම ඩොලර් දෙකකටත් අඩු බවත් ඔහු පැවසීය.ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවක් ජාතිවාදයට නැඹුරු කරන්නේ පාලකයන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පෙන්වා දෙන්නේ.

gossiplankanews.com- වරදකරු ද නිවරදකරුද ප්‍රකාශ කීරීම ප්‍රතික්ෂේප කරයි

Image
සිය වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන්ශිරාණි විභාග වන නඩුවේ චෝදනාවලට වරදකරු ද නිවරදිකරු ද යන්න ප්‍රකාශ කිරීම හිටපු අගවිනිසුරු ආචාර්ය  බණ්ඩාරනායක මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. ඒ අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය. ශිරාණී බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතීඥ නලීන් ලද්දූවහෙට්ටි මහතා අධිකරණයට දැනුම් දුන්නේ නඩුවට අදාළ සාක්ෂි පිළිබඳ දැන ගැනීමට ජාතික සංවර්ධන බැංකුවේ පරිගණක යන්ත්‍ර පරීක්ෂා කිරීමට හා තොරතුරු ලබා ගැනීමට පැමිණිල්ල බාධා කළ බව ය.

gossiplankanews.com- උතුරු කොරියාව 'සැබෑ රාජ්‍යයක් නොවේ'

Image
උතුරු කොරියාව 'නායක කිම් ජොන්ග් උන් ගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් පවතින රාජ්‍යයක්' උතුරු කොරියාවට වාග් ප්‍රහාරයක් එල්ල කළ දකුණු කොරියාවේ නිලධාරියෙක්, උතුරු කොරියාව සැබෑ රාජ්‍යයක් වශයෙන් පිළිගත නොහැකි බව කියා සිටියේය. උතුරු කොරියාව යනුවෙන් රටක් ඉතා ඉක්මනින් නැති විය බවයි දකුණු කොරියානු ආරක්ෂක ප්‍රකාශක කිම් මින් සිඔක් පවසන්නේ.

gossiplankanews.com-දුම්වැටි අසුරනවල රූපමය අවවාදයට සීමා

Image
දුම් පානය නිසා සිදු වන අනතුරු පිළිබඳව දුම්වැටි අසුරනවල පිටතින් සියයට අසුවක ප්‍රමාණයක රූපමය අවවාදයක් පල කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුවක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි. අභියාචනාධිකරණයේ තීන්දුව වුනේ දුම්වැටි අසුරනවල සියයට පනහත් දුම්වැටි අසුරනවල සියයට පළ කිරීමට අවසර දෙන බවයි. දුම් පානය අවම කිරීමට රජය විසින් ගනු ලැබ තිබුන තීරණයට එරෙහිව ලංකා දුම් කොළ සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි, අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ. අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ දුම්වැටි සහ මද්‍යසාර මැඩලීමේ රජයේ වැඩ පිළිවෙළ දියත් කිරීම සඳහා අධිකරණය ලබා දුන් අවස්ථාව ප්‍රමාණවත් බවයි. "දුම් පානය නිසා වාර්ෂිකව විශාල පිරිසක් පිළිකා රෝගයෙන් මිය යනවා. මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට අධිකරණය ලබා දුන් රූපමය අවවාද ඉඩ ප්‍රමාණය පිළිබඳව සැහීමකට පත් වෙන්න පුළුවන්.’’ යනුවෙන් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ලලිත් දිසානායක වැඩි දුරටත් පැවසුවේය.

gossiplankanews.com- ගුරුවරිය දන ගැස්වූ මන්ත්‍රීට දඩ

Image
නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක දන ගැස්වූ පාලක සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට අත් හිටවූ සිරදඬුවමක් නියම කළ අධිකරණය, ගුරුවරියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන මෙන්ද ඔහුට නියම කළේය. 2013 ජුනි මස 14 වන දින සිය දියණියගේ ගවුම දික් කළ බවට චෝදනා කරමින් සුසිලා හේරත් ගුරුවරිය විදුහල් භුමියේ දන ගස්වා බිය වැද්දීමක් කළ බවට හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර චෝදනා ලබා සිටියේය. ඉන් අනතුරුව සිදුවීම හෙලා දකිමින් රට පුරා විරෝධතා ව්‍යාපාර දියත් කෙරිණ. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පුත්තලම මහාධිකරණ විනිසුරු කියා සිටියේ විත්තිකරුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඩුවමක් නියම කරන අතර එය වසර හතක කාලයකට අත්හිටුවන බවයි.

gossiplankanews.com- වයස 80 මවක් නිරුවත් කර මරා දමලා

Image
අලවතුගොඩ රඹුකේඇල පල්ලිය පාරේ නිවසක තනිවම විසූ වයස අවුරුදු අසූවක් පමණ වන අවිවාහක කාන්තාවක නිරුවත් කර පොල්ලකින් පහර දී ඝාතනය කර තිබියදී සොයාගත් බව පොලීසිය කියයි. ඝාතනයට පෙර  ඇය දුෂණයට ලක්ව ඇත්දැයි පොලීසිය සොයයි.

gossiplankanews.com- ෆේස්බුක් හරහා පිරිමි ළමයි අපයෝජනය කල කොස්තාපල් මාට්ටු

Image
අන්තර්ජාල ෆේස්බුක් අඩවිය හරහා බාල වයස්කාර පිරිමි ළමයින් අපයෝජනය ලක් කලේ යයි චෝදනා මත පොලිස් කොස්තාපල්වරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට  ගෙන තිබේ. අධිකාරියේ අන්තර්ජාල අවේක්ෂණ ඒකකය (සයිබර් වොච්)  මගින් කරන ලද විමර්ශනවලින් පසු ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ  ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයිකට අනුයුක්තව සේවය කරමින් සිටින සැකකරු අවුරුදු 35 පමණ වයසැති පුද්ගලයෙකි. gossiplanka

gossiplankanews.com- මාස 18 දරුවා අංශභාග පියාගේ අතින් බිම වැටී මරුට

Image
අක්මීමන ,  කුරුදුවත්ත චීන මිත‍්‍රත්ව ගම්මානයේ පදිංචිව සිටි, මාසයයි දින  18 ක් වයසැති දරුවා අංශභාග පියාගේ අතින් බිමට ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. දරුවාගේ මව පියාට දරුවා භාරදී රෙදි සේදීමට ගිය අවස්ථාවේ පියා අතින් දරුවා ඇද වැටී තිබේ. දැරියගේ මරණ පරීක්ෂණය ඉරිදා( 11 ) පැවති අතර එහි දී දැරියගේ මව ද සාක්ෂි ලබා දෙන ලදී. ගාල්ල අධිකරණ වෛද්‍ය නිළධාරී වී.ටී මහානාම මහතා හදිසි මරණ පරීක්ෂණයේ දී තීරණය කළේ දැරිය ආසනයක් මතට වැටීමෙන් දැරියගේ සිරුරේ සිදු වු අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා මරණය සිදු වී ඇති බවයි. ඒ අනුව ගාල්ල හදිසි මරණ පරීක්ෂක යු.කේ. තිලකසේන මහතා විසින් දැරියගේ මරණය හදිසි අනතුරකින් සිදු වු අභ්‍යන්තර ලේ ගැලීමකින් සිදු වු බවට තීරණය කරන ලදී . gossiplanka

gossiplankanews.com- දැරියක් අපයෝජනයට ලක් කර වසබී ලා

Image
පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පිහිටි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණි විවාහක පුද්ගලයකු පැමිණිල්ල විභාගය සිදුකිරීමට සැරසෙද්දී කාර්යාංශයෙන් පිටතට දිව විත් ළමා කාන්තා කාර්යාංශයේ ඉදිරිපිට පිහිටි වැටෙහි සඟවා තිබූ අධි විස සහිත කෘෂි රසායනයක් පානය කිරීමෙන් රෝගී වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ (වසබී). පෙරේදා (10දා) සවස 2.00ට පමණ මේ පුද්ගලයා කෘෂි රසායනය පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගීව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු අනුරාධපුර උලුක්කුලම ප්‍රදේශයේ දැනට පදිංචිව අනුරාධපුර කඩ 30 ප්‍රදේශයේ ගරාජයක සේවය කරන විවාහක එක්දරු පියෙකි.

gossiplankanews.com- දෙනුවර ප්‍රහාරයේ හඳුනා නොගත් මල සිරුරු

Image
අතුරුදහන් වූ පිරිසෙන් සියයට හතලිහකට වැඩි පිරිසකගේ සිරුරු හඳුනාගෙන තිබේ සැප්තැම්බර් මස එකොළොස් වෙනිදා නිව්යෝක් වෙළඳ මධ්‍යස්ථානය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හඳුනා නොගත් සිරුරු කොටස් දහස් ගණනක් පෙර පැවති ලෝක වෙළඳ මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත නැවත ගෙන එනු ලැබ තිබේ. මේ මස අවසාන භාගයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිත නව කෞතුකාගාර පරිශ්‍රයේ බිම් මහලට යටින් එම සිරුරු කොටස් තැන්පත් කිරීමට නියමිතයි.

gossiplankanews.com- ඉඩම් අත්පත් කර ගැනීම 'හමුදාවේ බලය පෙන්වීමක්'

Image
හමුදාවට ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව යාපන වැසියෝ දැඩි විරෝධය පළ කරති දෙමළ වැසියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් සිය බලය පෙන්වීමට උත්සාහ කරන බවට දෙමළ ජාතික සන්ධානය ආරක්ෂක හමුදාවට චෝදනා කරයි. යාපනය කීරිමලේ ප්‍රදේශයේ සාමන්‍ය වැසියන්ට අයත් තවත් ඉඩම් අක්කර තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවට පවරා ගැනීම පිණිස එම පළාතේ දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ විරෝධය පළ කරමිනුයි, උතුරු පලාත් සභා මන්ත්‍රී එම්කේ ශිවාජිලිංගම් සංදේශයට ඒ බව කියා සිටියේ. ඉඩම් හමුදාවට පවරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට සහ ඉඩම් අහිමි වන ජනතාවට කළ හැක්කේ රජයට සහ යුද හමුදාවට විරෝධය පළ කිරීම පමණක් බව පවසන මන්ත්‍රීවරයා, සාධාරණ තීන්දුවක් ලැබෙන තුරු ඒ වෙණුවෙන් සටන් කරන බව අවධාරණය කරයි.යාපනය අර්ධද්වීපයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර හය දහස් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට යුද හමුදාව අත්පත් කර ගෙන ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

gossiplankanews.com- ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් අවි ?

Image
තලතා අතුකෝරල ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අවි මිල දී ගන්නා බවට පළ වී ඇති වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීනි තලතා අතුකෝරල පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් යොමු කර ඇත. තම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම ඉන්දියාවේ මහමැතිවරණයෙන් පසුව සිදු කරන බව ආණ්ඩු පක්ෂය පවසන බවයි මන්ත්‍රීවරිය බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ. “ලංකාව ඉන්දියාව අවි මිලට ගන්නා රටක් හැටියට සඳහන් වී තිබුණා. මට අවශ්‍ය කරන්නේ එම ගනුදෙනුව සිදු කෙරුණ ආකාරය දැන ගැනීමයි. ඒ සඳහා ලද මුදල් තැන්පත් කෙරුණ ගිණුම කුමක්ද, ලද මුදල් ප්‍රමාණය කොපමණද, මෙය රජයන් අතර ඇති වූ ගනුදෙනුවක් ද, සමාගම් අතර ගනුදෙනුවක් ද යන කරුණුයි මට දැන ගැනීමට අවශ්‍ය කරන්නේ” මන්ත්‍රීනි තලතා අතුකෝරල බීබීසියට ප්‍රකාශ කළාය.ඉහත කී කාරණයට අදාළ ප්‍රශ්නය සභාගත කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී බවත් තලතා අතුකෝරල මන්ත්‍රීවරිය පවසන්නීය.

gossiplankanews.com- මන්දබුද්ධික තරුණිය දුෂණය කර දරුවෙකුත් දුන්න සැකකරුවන් දෙන්නා නිදහස්

Image
මන්දබුද්ධික තරුණියක් දූෂණය කළ සැකකරුවන් දෙදෙනෙකු මුදා හරින ලෙස නීතිපතිවරයා විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට උපදෙස් ලබාදී ඇත. දින රහිත ලිපියක් මගින් නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු කළ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා ස්ත්‍රී දූෂණ සිද්ධියෙන් සැකකරුවන් දෙදෙනා මුදාහැරීමට නියම කළේය.

gossiplankanews.com-අපේ කොල්ලෙක්ගේ අවංකභාවයට ඕස්ට්‍රේලියානු උසාවියකින් ඩොලර් 81597ක මුදල් ත්‍යාගයක්

Image
 ‍අවංකභාවයට ඕස්ට්‍රේලියානු ඩොලර් 81597ක මුදල් ත්‍යාගයක් ඕස්ට්‍රේලියාවේදීම ශ්‍රී ලාංකික තරුණයකුට ලැබී තිබෙනවා. නමින් ඔහු චමිඳු අමරසිංහ. චමිදු තොරතුරු තාක්ෂණය හදාරමින් සිටින ශිෂ්‍යයෙකු වන ඔහු 2011 වසරේදී සනීපාරක්ෂක සේවකයෙකු ලෙස සේවය කර තිබෙනවා.. එහිදී ඔහුට වැසිකිළියක් තුළ තිබී ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් හමුවී තිබෙනවා. එම මුදල ලැබුණු වහා ඔහු සිය සනීපාරක්ෂක සුපරීක්ෂකවරයාට ත්, පොලීසියට ත් දැනුම් දී තිබෙනවා. එහෙත්, එහි අයිතිකරු සෙවීමට ඔහු සහ ඔස්ට්‍රේලියානු පොලීසිය වසර ගණනක් උත්සහ කළ ද එය සාර්ථක වී නැහැ.

gossiplankanews.com- ගැබිණි මවක් යටකර නැසූ අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

Image
පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහලක ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයකු වූ කිරිබත්ගොඩ ලිලාන් පියරත්න ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අලුත්කඩේ අංක හත මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.

gossiplankanews.com- අහුන්ගල්ලේ මොහොමඩ් ගේ සතුන් වත්තේදී දරුවෙක් ගේ බෙල්ල කෑ සිංහයා

Image
අහුන්ගල්ලේ පෞද්ගලික සතුන් වත්ත තුළදී එළිමහනේ සිටි සිංහයකු පාසල් සිසුවකු සපා මරා දැමීමේ සිද්ධිය මේ රටේ මතු නොව දේශ දේශාන්තරයේදී පවා රැව් දුන් ආන්දෝලනාත්මක සිද්ධියකි. මේ සතුන් වත්ත ආසියාවේ පැවැති එළිමහන් පළමුවැනි සතුන් වත්ත වූ අතර, ලෝකයේ එවැනි ආකාරයේ පස්වැනි සතුන් වත්ත ලෙස නම්වර ලැබීය. පොල්ගහවෙල පොරමඩල විදුහලේ අවුරුදු 14 ක සිසුවකු වන දමිත් අනුරුද්ධ ශිෂ්‍යයා තම පාසලේ වෙනත් සිසුන් හා ගුරුවරුන් සමඟ අධ්‍යාපන චාරිකාවක පැමිණි ගමනේදී මෙහි සිටි ශ්‍යාම් නමැති සිංහයාගේ පහර දීමෙන් එසේ මරුමුවට පත්විය. වර්ෂ 1997 ක් වූ පෙබරවාරි 20 දා වූ මේ සිද්ධියට දැන් වසර 17 කි. මේ එම සිද්ධිය පසුබිම් කැරගත් අද කතාවයි.

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති

Image
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ නමැති විත්තිකරු බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත වහාම ජාතික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (09 දා) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. විත්තිකාර සභාපතිවරයා විත්තිකූඩුවේ සිට කරනු ලැබූ දැනුම්දීමක්‌ අනුව සැලකිලිමත් වෙමින් විනිසුරුවරිය එසේ නියෝග කළාය.

gossiplankanews.com - ලොව පුරා කෝටි සියයකට 'වැසිකිලි නෑ'

Image
ඉන්දියාවේ කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහ  ලොව පුරාම කෝටි සියයක ජනතාවට තවමත් වැසිකිලියක් නැති වීම කොලරාව, පාචනය සහ සෙංගමාලය වැනි මාරාන්තික රෝග පැතිර යාමට හේතු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. ලොව පුරා ඉතාමත් දිළිඳු ජනතාවට සනීපාරක්ෂක සේවා සැපයීමේ වැඩසටහනේ කොටසක් වශයෙන් වැසිකිලි සපයා දී තිබෙන නමුත් බොහෝ විට එම වැසිකිලි භාවිතයට නොගන්නා බවයි, යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන පවසන්නේ. ඉන්දියාවේ පමණක් කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ.

gossiplankanews.comතායිලන්ත උද්ඝෝෂකයන්ට කඳුළු ගෑස්

Image
රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට උද්ඝෝෂකයෝ උත්සාහ කළහ තායිලන්තයේ ප්‍රධාන විපක්ෂය විසින් බැංකොක් අගනුවර මෙහෙය වූ උද්ඝෝෂණයකට පොලිසිය කඳුළු ගෑස් සහ ජල කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේය. බලහත්කාරයෙන් රාජ්‍ය ආරක්ෂක පාලක මධ්‍යස්ථානයට ඇතුලු වීමට සිය ගණනක් වූ උද්ඝෝෂකයන් උත්සාහ කළ අවස්ථාවේයි, පොලිස් ප්‍රහාරයට ලක් වුනේ. උද්ඝෝෂකයන් අමතා කතා කළ උද්ඝෝෂණයේ නායක සුතේප් තෞග්සුබන් අවධාරණය කළේ ඔවුන් පොලිසියේ සතුරන් නොවන බවයි.අගමැතිනි යින්ලක් ශිනවත් ඇතුළු කැබිනට් ඇමතිවරුන් නම දෙනකු බලයෙන් පහ කිරීමට අධිකරණය තීන්දු කිරීමෙන් දින දෙකකට පසුව ප‍්‍රධාන විපක්ෂය මෙම උද්ඝෝෂණය දියත් කොට තිබුනේ වැඩ බලන ආණ්ඩුවද ඉවත් කළ යුතු බවට බල කරමින්.

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Image
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද සිකුරාදා උද්ඝෝෂණයක නිරත වුනේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් මේ වන විට විවිධ පාර්ශව වලින් එල්ල වෙමින් තිබෙන බව පවසමින්. යාපනය විශ්වවිද්‍යල‍යේ ආචාර්යවරුන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් එල්.ටී.ටී.ඊ.යට යළි පණදීමට සූදානම් බව පැවසෙන පත්‍රිකා මීට දින දෙකකට ඉහතදී විශ්ව විද්‍යාලය හා ඒ අවට පළාත්වල කිසියම් පිරිසක් විසින් බෙදා හැර තිබේ.

gossiplankanews- 'දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් තැනකට'

Image
පල්ලියට පොලිස් ආරක්ෂාව දඹුල්ල පූජා නගරයට ඇතුළත් පැරණි මුස්ලිම් පල්ලිය සඳහා සුදුසු වෙනත් ස්ථානයක් ලද හොත් ඒ ගැන සලකා බලන බව එහි පාලක මණ්ඩලය පවසයි. පාලක මණ්ඩලයේ සභාපති අහමද් ලෙබ්බේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි එම අදහස පළ කළේ. දඹුල්ල සහ මාතලේ නගරාධිපතිවරුන් දෙදෙනාත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීනුත් මුස්ලිම් පල්ලිය පිහිටි ස්ථානයට බ්‍රහස්පතින්දා ලඟා වූ බව සඳහන් කළ පාලක මණ්ඩලයේ සභාපති අහමද් ලෙබ්බේ, පල්ලිය සඳහා ඉඩම් කීපයක් ඇති බව ඔවුන් දැනුම් දුන් බවයි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.කෙසේ වුවද, මුස්ලිම් පල්ලිය වෙනත් ස්ථානයකට ගෙන යනු ලැබීමේ අදහස තවමත් සාකච්ඡා මට්ටමක පවතින බවත් සභාපතිවරයා කියා සිටියි. එහෙත් එය දැනුම් දීමක් පමණක් වූ බවත් ඔහු කියා සිටියි.

gossiplankanews- මුස්ලිම් වෙළෙඳ සැලක් ගිනිබත් කෙරෙයි

Image
අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු සතු වෙළෙඳ සැලක් ගිනිබත් කරන ලද බව වෙළඳසැල් හිමියා පවසයි. වෙළඳසැල් හිමියාගේ සහෝදරයකු විසින් දරුවකු ලිංගික අපහරණයට ලක් කරනු ලැබ ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතින අතරවාරයේයි, ගිනි තැබීම සිදු කර තිබෙන්නේ. මෙය තමාට එරෙහි කුමන්ත්‍රණයක් බවයි, ගිනිබත් කෙරුණ වෙළෙඳ සැලේ හිමිකරු වන මොහමඩ් නයීම් ඛාන් බීබීසී සංදේශයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ. සැලසුම් කළ ප්‍රහාරයක් වෙළෙඳ සැල තුල සියලු දර්ශන ඇතුළත් වීඩියෝ පටය උසාවියට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ළමා අපහරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තම සහෝදරයා ඇප මත මුදා හරින ලද බවත් මොහමඩ් නයීම් ඛාන් සංදේශයට කියා සිටියේය.

gossiplankanews- බො.බ.සේ දැක්ක පොලිසිය “හොරේ රන්”

Image
පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මීගහහේන (බො.බ.සේ) කඹේදැම්මගල ප්‍රදේශයේ නිදන් හාරන බවට ජනතාවගෙන් ලද තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ එහි තිබි ‍පොලිස් ජීප් රථ දෙකකින් හා ට්‍රැක්ටරයකින් ඊට සම්බන්ධ පිරිසක් පලාගිය බව  බොදු බල සේනාවේ මහ‍ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ (8) පැවැසූහ.

gossiplankanews- වික‍්‍රමසිංහ ගේ ඇමරිකාවේ දේශණය ට හෝ ගාලා සෙනග 5 දෙනෙක්

Image
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ දේශණය අවලංගු කර තිබේ. එම දේශණය සඳහා සහභාගී වීමට පස් දෙනෙකු පමණක් පැමිණ සිටීම නිසා එය අතහැර දැමීමට සංවිධායකයන් කටයුතු කර තිබිණ. අවසානයේ අවලංගු කරන ලද එම දේශණය වෙනුවට සංවාදශීලී සුහද සාකච්චාවක් පමණක් පවත්වා ඇත. වීඩියෝව මෙතනින්

gossiplankanews- ෆෙඞ්රිකා ජෑන්ස් අල්ලන්න වරෙන්තුවක්

Image
සන්ඬේ ලීඩර් හිටපු කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාට විරුද්ධව පැවති නඩුවක් සම්බන්ධයෙන් යම් යම් දේ සන්ඬේ ලීඩර් පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ඒ මහතා විසින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත. මිය ගිය ලසන්ත වික‍්‍රමතුංග මහතා, ලාල් වික‍්‍රමතුංග මහතා හා ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි. ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය නඩුව සඳහා පසු ගිය නඩු වාරයේ දී පෙනී නොසිටි නිසා වරෙන්තු නිකුත් කෙරිණි. gossiplanka

gossiplankanews- බිරිඳ රට.. සැමියා මෙරට හොරකමේ

Image
දැනට වසර දෙකක පමණ කාලයක සිටම දොම්පේ පොලිස්‌ වසමේ ගෙවල් බිඳීමේ යෙදුන අයෙකු දොම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත (බිරිඳ ). මේ වන විට මොහු එම පොලිස්‌ වසමේ නිවාස රැසක්‌ බිඳ තිබෙන අතර ඒවායින් සොරකම් කරනු ලැබූ යතුරු පැදියක්‌, වර්ණ රූපවාහිනි යන්ත්‍ර දෙකක්‌, සෙටප් යන්ත්‍රයක්‌, කැමරාවක්‌ හා ගෑස්‌ සිලින්ඩරයක්‌ පොලිසිය මගින් සොයා ගෙන තිබේ. එසේ සොයා ගනු ලැබූ භාණ්‌ඩවල වටිනාකම රුපියල් ලක්‍ෂ පහකට අධික වේ. හේනේගම, කෑරගල, දෙකටන හා පැල හැල යන ප්‍රදේශවලට උසස්‌ කර ඇතැයි හෙළිවේ. නිවැසියන් නිවෙස්‌වල නොමැති අවස්‌ථාවන් බලා එහි ජනේල හා ග්‍රිල් කඩා ඒවාට ඇතුළුවී තිබෙන මොහු එක්‌ නිවසක සැඟවී ඉඳ පසුදින උදැසන නිවැසියන් රැකියාවට යැමෙන් පසුව නිවසේ භාණ්‌ඩ සොරාගෙන තිබෙන බවටද ප්‍රකාශ වෙයි.

gossiplankanews-කැසිනෝ ව්‍යාපාර ආරම්භ කළ හැකියි - ඉඟියක්

Image
පසුගිය මාසයේ සම්මත වුන ක්‍රමෝපාය සංවර්ධන පනත මගින් ආරම්භ කරන නව හෝටල් සංකීර්ණ තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කළ හැකි බවට රජයෙන් ඉඟියක් පළ විය. අද කොළඹදී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ එලෙස කැසිනෝ ව්‍යාපාර එම ස්ථානවල ආරම්භකළ හැකි බවටයි ඉඟි පළ කළේ. පසුගියදා සම්මතවුනු ක්‍රමෝපාය සංවර්ධන පනත් මගින් ආරම්භ කිරීමට අවසරදුන් නව හෝටල් සංකීර්ණ තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භකළ නොහැකි බවට ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදුනොකළ බවයි අමාත්‍ය රඹුක්වැල්ල සඳහන් කළේ.

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

Image
වැට් බදු වංචා කිරීමේ චෝදනාවලට වරද පිළිගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලක කොළඹ මහාධිකරණය විසින් වසර එකසිය දෙකක බර පතල සිර දඬුවමකට යටත් කරනු ලැබුණි. රුපියල් කෝටි හාරසීයකට ආසන්න වැට් බදු වංචා කළ බවටයි, හිටපු කොමසාරිස්වරයා චෝදනා ලැබ සිටියේ. වසර හයකට ආසන්න කාලයක නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට තමන් වරද පිළිගන්නා බවයි, ඥානසිරි සොයිසා නමැති විත්තිකරු ප්‍රකාශ කළේ.වරද පිළිගත් චූදිතයාට දඬුවම් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ කුමුදිනී වික්‍රමසිංහ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය, ඉහත කී සිර දඬුවමට අමතරව රුපියල් කෝටි 1197 ක දඩ මුදලක් ගෙවන ලෙසත් ඔහුට නියම කළාය. නීතිපතිවරයා චූදිත හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා තිස් හතරක් ඉදිරිපත් කර තිබුණි.

gossiplankanews- කෝච්චියේ ඩ්‍රයිවර් නෝනාව එන්ජින් කාමරේ තියන් ගිහින් මාට්ටු

Image
කොළඹ කොටුවේ සිට පලෙයි දක්වා ධාවනය වෙමින් තිබූ ‘දැයට කිරුළ’ දුම්රිය කෝච්චියේ එන්ජින්  කාමරය තුල රියැදුරා විසින් ඔහුගේ බිරිඳ රැගෙන යමින් සිටිය දී කළ සෝදිසියක දී අනුරාධපුර ප‍්‍රවාහන අධිකාරි වරයා ඇයට රුපියල් 4000 ක දඩයක් නියම කර ඇත. දුම්රිය එන්ජිම තුළ ගමන් කළ හැක්කේ රියැදුරු හා සහායකට පමණක් වන අතර එහි කාන්තාවන් රැගෙන යාම කිසි සේත්ම නොකළ යුතු බව විනය නීති රීති පවා පනවා තිබේ.

gossiplankanews- පික්චර් එකක් බලන්න ගිය ශිෂ්‍යාව ට හෝල් එකේ මැනේජර් අන්කල්ගෙන් අතවර

Image
ලෝක කම්කරු දිනය සමරන ලද ඉකුත් මැයි පළමු වැනිදා වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යාව ක බලහත්කාරයෙන් දූෂණය කළ සිනමා ශාලාවක කළමනාකරුවකු සහ ඔහුට අනුබල දුන් එම සිනමා ශාලාවේ සහායකවරයා රඹුක්කන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

gossiplankanews- “තොපිත් මිනිස්සුන්ට ගහන්නේ මෙහෙම එල්ලලා නේද ?” – පොලිස් නිලධාරියාගේ ඝාතකයෝ

Image
කුරුණෑගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු පැහැරගෙන ගොස්‌ කෲර වදහිංසා පමුණුවා එක්‌ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුව කෙරෙහි දැඩි වෛරයකින් පසුවූ සන්නද්ධ කණ්‌ඩායමක්‌ විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් පළිගැනීමේ ෙච්තනාවෙන් මොවුන් මෙම ඝාතනය සිදු කර ඇති බවට සැකකළ හැකි සාක්‍ෂි මේ වනවිට ලැබී ඇති බවද පොලිසිය පවසයි. පොලිස්‌ නිලධාරීන් දෙදෙනා වෑන් රථයට දමා ගත් සන්නද්ධ පුද්ගලයන් එම නිලධාරීන්ට අමානුෂික ලෙස පහරදී ඇත්තේ “තොපිත් අහිංසක මිනිස්‌සුන්ව එල්ලලා ගහනවා නේද?” කියා